2020 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ අගයක් වාර්තා කරනු ඇති බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සදහන් කරයි.
කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන බලපෑම මත මෙම තත්වය මතුව ඇතැයි කී ඒ මහතා අපනයන ආදායම අඩුවීම, විදේශ විනිමය ලැබීම අඩුවීම මේ සදහා බලපා ඇති බවද කීය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාලනය කළ 2001 වසරේද මේ හා සමානවම රටේ ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගෙන තිබිණ.
ඊට හේතු වූයේ 2001 වසරේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයය.










