සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සියලුම පාර්ශ්වයන් සදහා මුඛ ආවරණ 65,000ක් ලබා දීමට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු මහජන සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන්ට මෙම පරිත්‍යාගය බාරදෙනු ලැබිය.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ නායකයන් සහභාගී වී සිටි අතර එහිදී අදහස් දැක්වූ එම බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කොට සිටියේ, මෙම ව්‍යසනය මර්දනය කරලීම සඳහා පක්ෂයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. සර්ව පාක්ෂික කමිටුවට සහභාගී වී ඒ සදහා වන යෝජනා ඉදිරිපත් කිරීමට හැකි වූ බව ද ඔහු එහිදී කියා සිටියේය.
මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, එස්.එම්. මරික්කාර් මෙන්ම ඩයනා ගමගේ ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.










