පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී 05 වසරක් සපරෙන අප්‍රේල් මස 21 වනදා ඉන් මියගිය සියලුදෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති.Sri Lanka Latest News
උන්වහන්සේ ඒ බව සඳහන් කළේ කඳාන, ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති සන්ධ්‍යා මෙහෙය පැවති අතරතුරදීය.
කඳාන, ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමි,
“අප්‍රේල් මස 21 වනදාට පාස්කු ප්‍රහාරයට වසර 5යි. ඒ නිසා අපි තීරණයක් ගත්තා. ප්‍රහාරයෙන් මියගිය 273 දෙනා ශුද්ධාසනයට ඉදිරිපත් කරන්නට. මියගිය පිරිස ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට. ඔවුන්ගේ නම් ඉදිරිපත් කරනවා. ඔවුන් විශ්වාසයෙන් දේවස්ථානයට පැමිණි නිසයි ප්‍රහාරයට ලක් වුණේ. ඔවුන් ගෙදරට වෙලා හිටියා නම් මැරෙන්නේ නැහැ. පාස්කු මෙහෙයට පැමිණි නිසා ජීවිතය පූජා කළා. ඔවුන් විශ්වාසය තුළ ජීවිත පරිත්‍යාග කළ පිරිසක් හැටියට. අපි ප්‍රකාශයට පත් කරන්නට සූදානම් අප්‍රේල් මස 21 වනදා.”
“අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. අපි බය වෙන්න ඕනේ තමන්ටමයි.”








