• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් බෙනින් උපජනාධිපතිනිය හමුවෙයි! රාජ්‍යතාන්ත්‍රික-නිල සහ සේවා පාස්පෝට් හිමියන්ට වීසා ලබා ගැනීම නිදහස් කරන ගිවිසුමකට අත්සන් තියයි! I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් බෙනින් උපජනාධිපතිනිය හමුවෙයි! රාජ්‍යතාන්ත්‍රික-නිල සහ සේවා පාස්පෝට් හිමියන්ට වීසා ලබා ගැනීම නිදහස් කරන ගිවිසුමකට අත්සන් තියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු විය. Sri Lanka Latest News

ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර දෙරට අතර පවත්නා ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

එසේම ප්‍රමුඛ කපු අපනයනකරුවෙකු වන බෙනින් රාජ්‍යයේ කපු කර්මාන්තය තුළ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඇති අවස්ථාවන් මෙහිදී පෙන්වා දුන් බෙනින් උප ජනාධිපතිනිය ඒ සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයින් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා වෙත ආරාධනා කළාය.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රි ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.
මෙම ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින තිහක් (30) දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සපයයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද බෙනින් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඔලුෂෙගුන් අඩ්ජාඩි බකාරි (Olushegun Adjadi Bakari) මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකා – බෙනින් ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන එමින් දෙරට අතර ඇති කරගත හැකි නව ආර්ථික අවස්ථා පිළිබඳ සොයා බැලීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බෙනින් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) මහතා අතර හමුවක් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ඊයේ සිදු විය.
ශ්‍රි ලංකාව උදාකරගත් කඩිනම් ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පළ කළ ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය මෙන්ම නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කිරීම ඇතුළුව දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-20

SendShareShare
Previous Post

සිවිල් සංවිධාන-මාධ්‍ය සංවිධාන එක්ක අපි සාකච්ඡා කළා! භාෂණයේ අයිතිය-කතා කිරීමේ නිදහස-අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස-දේශපාලනය කිරීමේ නිදහස-මානව අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය වෙනවා! ඒකාධිපතිවාදයට ඉඩක් නෑ! ඔන්ලයින් පනත ගේන එක කල්දාන්න! විපක්ෂනායක සජිත් විශේෂ ප්‍රකාශයකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

2022 කර්මාන්ත 77000ක් වැහිලා! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.