කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනිදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇත.
අනාවරණය විමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා ඊයේ (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුළත් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඊයේ රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.










