• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

VAT හින්දා දුක නම් මෙන්න කතා I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive, News
Reading Time: 18 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නෝනාවරුනි මහත්වරුනි, අද කතාව මහත්වරුන්ට තියෙන ප්‍රශ්න. මහත්වරු තමන්ගේ ප්‍රශ්න යාළුවොත් එක්ක කියනවනේ. ඔන්න ඒ වගේ එක මහත්තයෙක් තමන්ගේ යාළුවෙක්ව හොයාගෙන ගිහින් එයාට තියෙන ප්‍රශ්නෙ කියනවා මේ විදියට.(Sri Lanka Latest News)

මාර ප්‍රශ්නයක්නෙ. මට නම් දැන් ජීවිතේ නැතිකරගන්න හිතිලා තියෙන්නේ. මට මේ කසාදේ ඇතිවෙලා තියෙන්නේ.

ඒක ඉතිං ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක්නෙ.

අපේ නෝනට දැන් වයස 35යි. බබාලා දෙන්නෙක් ඉන්නවනේ. ඒත් ජිම් හිහිල්ලා, ටෝන් කරගෙන ලස්සනට ඉන්නවනේ. එයාට 35ක් කියලා කියන්න පුළුවන්ද?

ඉතිං උඹ කැමති නැද්ද නෝනා ලස්සනට ඉන්නවට?

නෑ එහෙම නෙමෙයි. මම බඩ දාගෙන, තට්ටේ පාදගෙන, කළුවෙලා එහෙමනේ. මම එයත් එක්ක පාරේ යනකොට කොල්ලෝ කියනවා ‘ආ තැඹිලි ගෙඩියට කපුටො වහලා’ කියලා. ඒකත් ඉවසන්න පුළුවන්. මේ ළඟදී දවසක් අපි පාරේ යද්දී මගේ පරණ යාළුවෙක් හම්බවුණා. මිනිහා කියපු එක පාරටම ‘අම්මේ උඹලව දැක්ක කල් බං, දැන් දුව ගොඩක් ලොකයි නේ?’ කියලා. මම දත්මිටි කාගෙන ආව ඉතිං. මට එපාවෙලා තියෙන්නේ බං මේ ගෑනි පිළිවෙළට ලස්සනට ඉන්න එක.

එහෙනම් උඹ ගෑනි නැතුව තනියම වෙනම පලයං. එතකොට ප්‍රශ්නෙ හරිනේ.

ඔන්න තවත් මහත්තයෙක් එයාගෙ යාළුවෙක් මුණගැහිලා ප්‍රශ්නයක් කියනවා මෙන්න මෙහෙම.

මම නම් දැන් මානසිකව වැටිලා ඉන්නේ සෑහෙන්න.

මානසිකව වැටෙන්න දේකුත් නෑ බං දැං අපිට. පහුගිය කාලේ වැටුණු වැටිල්ලේ හැටියට මානසිකව වැටෙන්න දෙයක් තියෙනවද බං?

අපේ ගෑනිගෙ නංගි ඉන්නවනේ. ඒකි සුද්දෙක්ව බඳිනවා. මගුල් ගෙදර තියෙන්නේ එංගලන්තේ. අපිට ඒකට යන්න ටිකට් ඔක්කොමත් දෙනවා.

ඉතිං උඹට ස්වීප් එකක් ඇදිලනේ එංගලන්තේ යන්න. එහෙම එකේ ජීවිතේ එපාවෙලා තියෙන්නේ මොකද උඹට?

එහෙ ගියාම සතියක් දෙකක් එහෙ ඉන්නත් ඕනේ. එහේ තියෙන දේවල් පෙන්නන්නත් එක්ක යනවලු අපිව. ඉතිං යකෝ ඌත් එක්ක මම කතාකරන්නේ කොහොමද?

ඉතිං කතාකරපං. උං උඹව ගණන් නොගෙන ඉන්න එකක් නෑනේ.ඳා

ගනං ගන්න එකක් නෙවෙයි බං. මම සිංහලෙන්ද ඌත් එක්ක කතා කරන්නේ?

අප්පට සිරි, උඹට ඉංග්‍රීසි බෑනේ නේද?

බලපං මේ අපේ ගෑනු කරගන්න වැඩ. මට එපාවෙලා තියෙන්නේ.

මහත්වරුනට විවිධ ප්‍රශ්න එනවා මේ සමාජයේ ඉන්නකොට. ඔන්න ඒ වගේ තවත් මහත්තයෙක් ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න යාළුවට කියනවා.

මම මේ ඔළුවේ කෙස් ඇද ඇද කල්පනා කරනකොට කෙස් ගැලවිලා අතට ආවා.

කෙස් ගලවන්න එපා බං. මේ පැත්තෙම කෙස් ගැලවිලා ගිහිල්ලනේ.

ඒක නෙවෙයි, උඹ දන්නවද වෙලා තියෙන දේ?

මොකක්ද වෙලා තියෙන්නේ?

අපේ ගෑනිගෙ අම්මට වයස 45යි නේ. 18න් නේ දුව ඉපදිලා තියෙන්නේ. මට දැන් 35ක්නේ. මගේ නැන්දම්මනේ බං අවුරුදු 45ක් වුණත්.

ඔව් ඉතිං උඹ නැන්දා කියලනේ කියන්නේ නේද?

මට වඩා අවුරුදු 10යි වැඩිමල්. ඒ වුණාට ගෑනිගෙ අම්මනෙ බං. ඒක නෙවෙයිනෙ බං ප්‍රශ්නේ.

මොකක්ද එහෙනං ප්‍රශ්නේ?

අපේ නෝනගේ තාත්තා නැතිවෙලානේ, නෝනා පොඩි කාලෙම. දැන් මෙයා ආයෙත් බඳින්න හදනවනේ.

කමක් නෑනෙ බං. අවුරුදු 45නේ. ඒ ගෑනි බැන්දා කියලා මොකක්ද උඹට තියෙන ප්‍රශ්නේ ඉතිං? අම්මගෙ මඟුල් ගෙදර යන්න වෙන එකද?

මඟුල් ගෙයක් ගන්නේ නෑ. නිකං බඳිනවා විතරයි. ඒ වුණාට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ බං.

මොකක්ද ලොකු ප්‍රශ්නේ?

ඒ බඳින එකාට වයස අවුරුදු 34යි. එතකොට මට තියෙන ප්‍රශ්නේ මම ඌට දැන් මාමාද කියන්නේ, මල්ලිද කියන්නේ කියන එක. ඌ මට මොකක් කියයිද? පුතා කියයිද? අයියා කියයිද?

ඒක මාර ප්‍රශ්නයක්නෙ බං?

ඒක තමයි මමත් මේ කෙස් ඇද ඇද කල්පනා කරන්නේ. මේ අපේ ගෑනු කරගන්න වැඩ.

තවත් යාළුවො දෙන්නෙක් එකතු වෙලා ප්‍රශ්නයක් ගැන කතා කරනවා.

උඹ දැන් මොකද මට එන්න කිව්වේ?

අපේ ගෑනිට ප්‍රමෝෂන් එකක් හම්බවෙලානේ.

ඉතිං නියමයිනේ බං. පාටියක් දාමුකො.

ගෑනිගෙ පඩිත් වැඩිකරලා, වාහනේකුත් දුන්නා.

ඉතිං කොච්චර හොඳද බං.

අපේ ඔෆිස් එකේ, මගේ බ්‍රාන්ච් එකේමනේ ගෑනිත් වැඩකරන්නේ.

ඉතිං මොකක්ද අවුල?

ගෑනිට ප්‍රමෝෂන් එකක් හම්බුනාම ඒකිනෙ අපේ හෙඩ් ඔෆ් ඩිපාට්මන්ට්. එතකොට මගේ බොස් එයානේ.

ඒ කියන්නේ උඹේ ගෑනි උඹේ බොස් වෙනවා?

ඒකනේ කියන්නේ, ගෙදරදිත් මං ගෑනිට ඔළුව නමාගෙන ඉන්නේ. දැන් ඔෆිස් එකේදිත් ඔළුව නමාගෙන ඉන්න තමයි වෙන්නේ.

දෙතැනම ගෑනි බොස් වෙනවා නේද එතකොට?

තවත් තැනක යාළුවො දෙන්නෙක් එකතු වෙච්ච වෙලාවක එක්කෙනෙක් තමන්ට තියෙන ප්‍රශ්නයක් අනෙක් යාළුවට කියනවා මෙන්න මෙහෙම.

මාර ප්‍රශ්නෙ බං.

ඇයි මොකද?

අපේ දේශානුයි, මහේෂුයි, භානුකයි ඔය සෙට් එකම ලබන සිකුරාදා රෑට අපේ ගෙදර එනවලු.

හොඳයිනෙ ඉතිං මොකද?

ලෑස්ති කරලා තියෙන්නේ කවුද දන්නවද? අපේ නෝනා. එයාම බයිට් උයන්න ලෑස්ති කරලා, කෑම ඕඩර් කරලා, එයාගෙ සල්ලිවලින්.

ඉතිං හොඳිනේ. කලින් සුමානෙත් සෙට් වුණා නේ. මමත් මේ සැරේ එන්නං.

මාර ප්‍රශ්නෙනෙ බං ඉතිං.

මොකක්ද ප්‍රශ්නේ? කොච්චර හොඳද බං තමන්ගේ ගෑනි තමන්ගේ යාළුවන්ට සලකන එක? වෙන තැන්වල යාළුවන්ට බණිනවා, ගෙදර ගෙන්නගන්නේ නෑ. ඕවනේ වෙන එවුන්ට තියෙන ප්‍රශ්න. උඹට තියෙන්නේ ගෑනිත් යාළුවො එක්ක බොන එකද?

නෑ නෑ. එයා බොන්නෙත් නෑ, මං බොන්නෙත් නෑනේ.

ඉතිං මොකක්ද ප්‍රශ්නේ කියපංකෝ?

මම හතරේ විතර ඉඳලා ලූනු කපන්න ඕනේ. අල තම්බන්න, අල සුද්ද කරන්න, පොල් ගාන්න, මිරිස් කඩන්න, ඒ ඔක්කොම මමනේ කරන්න ඕනේ. පාටිය ඉවර වුණාම පිඟන් හෝදන්න, වළං හෝදන්න ඕනේ. උං හොඳට කාලා බීලා යනවා. එකෙකුට වැඩිවුණොත් මම වමනෙත් අදින්න ඕනනේ.

ආ… උඹට ඒවත් එනවනේද ඊට පස්සේ…

ඔන්න තවත් මහත්තයෙකුට ප්‍රශ්නයක් ඇතිවෙලා. අපි අහලා බලමු ඒ මහත්තයගේ ප්‍රශ්නේ මොකක්ද කියලා.

කම් කම්, මොනවද බොන්නේ? තේකක් බොනවද, කූල් මොනවා හරි බොනවද?

තේ නෙවෙයි වහ ටිකක් තියෙනව නං මට දීපං.

ඒ මොකද? මොකක්ද ප්‍රශ්නේ?

අපේ ගෑනි ජිම් එකට යනවනේ.

හොඳයිනේ බං. ගෑනියෙක් ජිම් එකට යන එක කොචිචර දෙයක්ද. එක්සර්සයිස් කරලා, නිරෝගීව ඉන්න එක හොඳ දෙයක්නේ බං. වෙන්න ඕනේ දෙයක්නෙ බං ඒක.

මොන හොඳක්ද? ගෑනි තව මාස 6කින් මීට් එකකට නගින්න හදන්නේ. අත පය ඔක්කොම කට්ස් හදාගෙන.

නියමයිනේ?

නියම කොහොද බං. මගේ හැටි බලපං හාල්මැස්සා වගේ. ඒ ගෑනි එක්ක පාරේ යනකොට මිනිස්සු හිනාවෙන්නෙ නැද්ද? ගෑනි බොඩිබිල්ඩිං මීට් එකට නගිනවලු මාස හයකින්.

SendShareShare
Previous Post

අමාරුව හොඳ කළාට බොහොම ස්තූතියි… පිට්ටනි හිස් කරපු අපේ ක්‍රිකට් විරුවෝ I Sri Lanka Latest News

Next Post

රටම දුක් විඳිද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු නැව්වලින් ගිහින් මුහුද මැද ගත් මහ රෑ ෆන් එක I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.