අධික වර්ෂාව , රජයට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නොමැති වීම සහ අකාර්යක්ෂම වෙළඳපොලක් ක්‍රියාත්මක වීම හේතුවෙන් රටතුළ එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හසීම් මහතා සහ ඉරාන් වික්‍රමරත්න මහතාද අදහස් දැක්වීය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
‘‘අද වනවිට මාළු මස් විතරයක් නෙවෙයි එළවළුත් කන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. සීඝ්‍ර ලෙස එළවළු මිල ඉහළ යාමට හේතුවන ක්‍රම 3 ක් තිබෙනවා. පළමු හේතුව පැවැති අධික වැස්ස. අධික වැස්ස හේතුවෙන් ගොවීන්ට වගා කටයුතු සිදු කරගැනීමට නොහැකි වුණා.දෙවැනි කාරණය තමයි රජයේ ප්‍රතිපත්ති නිසා ගොවීන්ට වගා කටයුතු කරගෙන යාමට නොහැකි වීම. බදු වැඩි වීම , පොහොර ප්‍රශ්නය , ගොවීන් භාවිතා කරන යෙදුම්වල ප්‍රශ්න හේතුවෙන්. තුන්වැනි කාරණය වෙළඳපොල ක්‍රියාත්මක වෙන්නේ අතිශයින් අකාර්යක්ෂම ආකාරයට.
අද වනවිට ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබෙන්නේ නෑ. ඒවගේම වෙළඳපොලේ කිසිදු විනිවිද භාවයක් නෑ. එළවළුවල කිලෝ එකක් විකුණන මිල කීයද කියලා කාර්යක්ෂම සහ විනිවිද භාවයක් තිබෙන වෙළඳපොලක් තුළදී පෙනෙන්නට තිබෙනවා. ලංකාවේ කිසිදු එළවළු වෙළඳපොලක ඒ විනිවිදභාවය දකින්න ලැබෙන්නේ නෑ. විනිවිදභාවයක් නැති අකාර්යක්ෂම වෙළඳපොලකට තමයි ලංකාවේ ඉන්න අසරණ ගොවීන්ට එළවළු ලබාදෙන්න සිදුවෙලා තිබෙන්නේ. ඒ අසාධාරණ වෙළඳපොලේ සිටින පිරිස් ගොවීන්ව සුරාගෙන කන අතරම ඔවුන් අති විශාල මුදලක් උපයාගන්නවා. සුපිරි වෙළඳසැල් ඔවුන්ට එළවළු ලබාදෙන ගොවීන් ළඟටම ගිහින් අස්වැන්න මිලදී ගන්නවා. ඒහෙම කළාම එළවළු නාස්තිය අවම වෙනවා. නමුත් වෙළඳපොලට සෘජුවම එළවළු ගේන ගොවීන්ට එවැනි පහසුකම් ලැබෙන්නේ නෑ.
යහපාලන ආණ්ඩුව පැවැති කාලයේදී මෙට්ට්‍රික්ටොන් 5000 ක තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කරන කෘෂි ගබඩාවක් දඹුල්ලේ හදන්න පටන් ගත්තා. 2020 මාර්තු වගේ වෙනකොට මේ ගබඩාව හදලා ඉවර කරන්න තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මේ ව්‍යාපෘතිය 2019 දී නතර කරලා දැම්මා. තවම මේ ව්‍යාපෘතිය අවස්න කළේ නෑ. අපි ආහාර කොමසාරිවරයාට කතා කරලා කිව්වා මේ ව්‍යාපෘතිය අවසන් කරන්න කියලා. මාර්තු මාසය අවසන් වෙන්න ප්‍රථම කෘෂි ගබඩාවේ ඉදිරිකිරිම් අවසන් කරනවා කියලා කිව්වා.
ආණ්ඩුවේ ගජ මිතුරන් රටින් අලටික , ලූණුටික ගෙනල්ලා අධික ලාභයක් ලබාන්නවා. දේශිය අල ගොවියාට දේශිය ලූණු ගොවියාට මොනවා වුණත් ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නෑ. දැන් ලංකාවේ තියෙන්නේ පකිස්ථානයෙන් ගෙනාපු ලූණු. ඒ ලූණු කුණුවෙනවා. ලූණු ගෙනාවට ඒවා ගබඩා කරලා තියා ගන්න තැනැක් නෑ.
කෘෂිකර්මාන්තය වැඩිදියුණු කරනවා කියන්නේ ගොවීන්ගේ ආදායම වැඩි කිරිම සහ පාරිභෝගිකයාගේ වියදම අවම කිරිම. නාස්තිය අවම කරන්න ඕන. රටේ තවමත් සියයට 40 ත් 45 ත් අතර ප්‍රමාණයක් නාස්ති වෙනවා. සමස්ථ කෘෂි වෙළඳපොලම කාර්යක්ෂමව ඉදිරියට යන්න ඕන.
සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රියාදාමයක් හරහා කෘෂිවෙළඳපොල කාර්යක්ෂම කරන්න සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ බලාපොරොත්තු වෙනවා. කෘෂිවෙළඳපොල කාර්යක්ෂම කිරිමෙන් පමණයි මේ ප්‍රශ්නය විසඳාගන්න පුලුවන් වෙන්නේ.
ගොවියා වගා කරන බෝගය , කොපමණ කාලයකට එම බෝගය වගා කරනවාද , කවදද අස්වැන්න ලබාගන්නේ , ඒ සම්බන්ධයෙන් ඉදිරි වෙළඳපොල ගිවිසුම් කොහොමද අත්සන් කරන්නේ. වෙළද ගිවිසුම් අත්සන් කරන්න තාක්ෂණය කොහොමද භාවිතා කරන්නේ. කොහොමද වෙළඳ ගිවිසුම් ජාලයක් ඇති කරන්නේ. සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විශ්ලේෂණය කරලා තිබෙනවා. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගොවි ඥාණ වැඩිපිළිවෙල ආරම්භ කරනවා.
දඹුල්ල සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාවල කාර්යක්ෂමතාවය වැඩි කරන්න , විනිවිද භාවයක් ඇති කරන්න , තාක්ෂණය භාවිතා කරන්න සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ බලාපොරොත්තු වෙනවා. ගොවියාගේ අස්වැන්නට ලබාගත හැකි උපරිම මිල විනිවිද භාවයක් ඇතිව ලබාගැනීමට වෙළඳපොලේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. එළවළු ගබඩා කරන්නේ කොහොමද , වෙළඳපොලට ප්‍රවාහනය කරන්නේ කොහොමද කියලා වෙළඳපොලට සම්බන්ධ ගොවීන් දැනුම්වත් කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. කෘෂිකර්ම වෙළඳපොල වැඩිදියුණු කිරිමට මූලිකත්වයක් දෙන්න සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරනවා. වෙළඳපොල කාර්යක්ෂමතාවය වැඩි කරන්න ප්‍රභාශ්වයර කෘෂි ගබඩා ජාලයක් රටපුරා ඇති කරනවා. අස්වැන්න නාස්ති වීම වැළැක්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.‘‘
Sri Lanka Latest News










