කුලී වැඩ කරන ජනතාවගේ දෛනික ආදායමත් පික්පොකට් ගහන ආණ්ඩුවක් රට තුළ තිබෙන බවත් අද දවස පුරාම ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන නිසා ගිලන් වූ ප්‍රජාවට බෙහෙත් හේත් ගැනිමට නොහැකි වී ඇති බවත් ඒ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට රජයට මුදල් නොමැති බව පැවසුවත් ජනාධිපතිවරයාගේ වියදම්වලට අයවැයෙන් ලබා දුන් මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තවත් ලක්ෂ 2000ක් අනුමත කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ අවස්ථාවේ වැදගත් වන්නේ පරිණත සෞඛ්‍ය සේවාවක් වුවත් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා මෙම රුපියල් මිලියන 2000ක මුදල අනුමත කර ගෙන ඇති බවත් ජනාධිපතිවරයාට මෙම මුදල මදි වගේම රෝගීන්ට ලබා දෙන ප්‍රවණතාව ද මදි වී ඇති බවත් පැහැදිලිවම සෞඛ්‍ය සේවය අඩපණ වී ඇත්තේ දුර්වල නායකත්වය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ සෞඛ්‍ය සේවය අඩපණ වී ඇති මොහොතක රටේ නායකයා විදේශ රටවලට ගොස් ජෝගි නටනා බවත් මෙය සාධාරණ නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල්වල දූදරුවන්ට පරිගණකයක් සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න නොහැකි වුවත් ජනාධිපතිවරයාට ජෝගි නටන්න මුදල් වෙන් කර ඇති බව යි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 68 වැනි අදියර යටතේ කලාවැව සිරිමපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මේ සෞඛ්‍ය වර්ජනවලින් විපතට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව බවත් ශල්‍යකර්ම පෝලිමේ සිටින පුද්ගලයන්ට පවා මේ නිසා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් මෙයට හේතුව රජයේ දුර්වල පරිපාලනය නිසා බවත් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන ගත යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සිතීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 68ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 655ක් වැය කර තිබේ.
මෙම පාසලේ නර්තනය හදාරණ සිසු සිසුවියන් සඳහා නර්තන ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පරිත්‍යාග කළේය.
‘සක්වල’ වැඩසටහන හරහා ප්‍රඥාව නැමැති ආලෝකය රට පුරා බෙදනවා
මෙහි දී අදහස් දැක්වූ සිරිමාපුර මහා විද්‍යාලයේ විදුහල්පතිනිය කියා සිටියේ මෙම විද්‍යාලයේ පරිගණක 11න් 9ක් පමණක් වැඩ කරන බවත් සක්වල වැඩසටහන හරහා පරිගණක අඩුව සම්පූර්ණ වූ බව යි. සක්වල යනු එකම ඉරක එකම හඳක ආලෝකය ලැබෙන කොටසක් බවත් මෙම සක්වල වැඩසටහන ද ඒ ආකාරයෙන්ම රට පුරා දැනුම නැමැති ආලෝකය බෙදමින් කටයුතු කරන බවත් පැවසීය.
විපක්ෂ නායකවරයා ලෙස තම තනතුර අයුතු ලෙස භාවිත නොකර එම තනතුර උපයෝගී කර ගෙන රටේ පාසල් දරුවන්ට උපකාර කිරීම ප්‍රශංසනීය බවත් රටේ වැදගත් පුරවැසියකු ලෙස මෙය ඉතාම වැදගත් කාර්යක් බවත් මේ මැදිහත්වීමෙන් රටේ දරු පරපුර සවිබල ගැන්වෙන බවත් දරුවන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා මේ දරනා මේ වෑයම කිසිදින අමතක කළ නොහැකි බවත් සිරිමාපුර මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වැඩිදුරටත් පැවසීය.



































