කොරෝනා වයිරසය ආසාදනය වී වැලිකන්ද රෝහලේ සිටි පුද්ගලයකු අද (4) මියගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් වන අතර හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිය යන විට ඔහු වෙනත් අසනීපයකින් නොසිටි බව තහවුරු වී ඇතැයිද ජාසිංහ මහතා සඳහන් කරයි.










