ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල රත්නායක මහතා ඉතාලියේ නිල සංචාරයක නිරත වී තිබෙනවා. එහිදී එරට ණය නියෝජිතායතන සහ තවත් කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවයි ඔහු සඳහන් කරන්නේ.Sri Lanka Latest News
“මාගේ ඉතාලි නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ සාකච්ඡාවන් කිහිපයක් පැවැත්විණි.
ප්‍රථමයෙන් Cassa Depositi e Prestiti (CDP – බැංකු සහ මූල්‍ය සේවා සපයන ඉතාලි මූල්‍ය සේවා ආයතනයකි ) මූලස්ථානයේදී, ඉතාලි අපනයන ණය නියෝජිතායතනය හා අපනයන ණය කර්මාන්තයේ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානවල ක්‍රියාකාරී සහභාගිවන්නකු වන SACE ආයතනය, විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ආයෝජන ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සපයන ආයතනයක් වන Simest යන ආයතනවල නියෝජිතයින් සමඟ හමුවක් පැවැත්විණි.
මෙහිදී CDP හි ජාත්‍යන්තර සංවර්ධන ප්‍රධානී ලෝරන්ට් එෆ් ෆ්‍රැන්සියෝසි මහතා (Laurent F Franciosi) විසින් මා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ෆ්‍රැන්සියානෝ මහතා විසින් CDP/SACE/Simest පද්ධතියේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදුකෙරෙන කාර්යයන් සහ සම්බන්ධවීම් පිළිබඳව මා දැනුවත් කරන ලදී.
ආර්ථික අර්බුදයෙන් මිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගැන්වීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව මා විසින් ඔවුන් දැනුවත් කරන ලදී. තවද, නිර්මාණශීලී, ඵලදායී, ඉතා සමෘද්ධිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා සහාය වීමට CDP/SACE/Simest පද්ධතියේ රාමුව සමඟ විවිධ ආකාරවලින් ශ්‍රී ලංකා රජය සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව ලෝරන්ට් ෆ්‍රැන්සියෝසි මහතා විසින් පෙන්වා දුන් අතර, CDP/SACE/Simest පද්ධතිය මගින් ශ්‍රී ලාංකිකයන් සඳහා පුහුණු වැඩසටහනක් ඔවුන්ගේ මූලස්ථානයේ පිහිටුවීමට එකඟ විය.
ඉන් අනතුරුව ඉතාලියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන අධ්‍යක්ෂ හා ආරක්ෂක අධ්‍යක්ෂ ඇලෙස්සැන්ද්‍රෝ අසෝනි ( Alessandro Azzoni) මහතා සමඟ සමුද්‍ර ආරක්‍ෂාව පිළිබඳ හමුවක් පැවැත්වුණු අතර දෙරටේ නාවික හමුදා අතර සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙම හමුවේදී කථිකා විය.” යැයි ඔහු සඳහන් කරනවා.