• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අවලෝකිතේශ්වර බෝධිසත්වයන්’ අසරණ ජනතාව නොමග යවමින් බෞද්ධ දාර්ශනික හරපද්ධතීන් විනාශ කරනවා! වහාම නීති හදන්න! ධර්ම විකෘති හා ශාසන විකෘති ක්‍රියාවලට තිත තබන්න කාලය ඇවිත්! ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට විශේෂ ලිපියක්! VIDEO I Sri Lanka Latest News

January 15, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
රටේ ප්‍රතිරූපය විනාශ වෙන්න දෙන්න එපා! වහා පාර්ලිමේන්තුව කැඳවන්න! සියලු පක්ෂ නායකයන් එක්ව විධිමත් පාලනයක් ගොඩනගන්න! ත්‍රෛනිකායික මහනාහිමිවරු අවධාරණය කරයි!
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනපති වෙත ලිපියක් යොමුකර ඇත.Sri Lanka Latest News

එම විශේෂ ලිපිය පහතින්.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති

රනිල්‌ වික්‍රමසිංහ මැතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

සංවිධානාත්මකව බුදුදහම පිළිබඳ සාවද්‍ය මතවාද ජනගත කරමින්‌ බෞද්ධ දර්ශනයේ භා සංස්කෘතියේ හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම

චිවිධ පටු ලාභාපේක්‍ෂාවන්ගෙන්‌ ගිහි-පැවිදි පිරිස්‌ සංවිධානාත්මකව බුදුදහමේ ගම්භීරත්වය මෙන්‌ ම සුනිශිතභාවය චිනාශ කරමින්‌ ධර්ම හානියක්‌ මෙන්‌ ම ශාසනික හානියක්‌ සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටී. මෙම අප්‍රතිකාරී සංවිධානාත්මක ක්‍රියා පිළිවෙතෙහි වඩාත්‌ මෑත කාලීන නිදර්ශන වනුයේ තමන්‌ අවලෝකිතේෂ්වර බෝධිසත්ත්වයන්‌ ලෙස හඳුන්වාදෙමින්‌ බෞද්ධ මහජනතාව නොමග යමමින්‌ බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්‌ විනාශකිරීමට පුද්ගලයෙක්‌ කටයුතු කිරීම හා ජිවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ දේශනාවන්‌ සාවද්‍ය ලෙස විස්තර කරමින්‌ අසරණ මහජනතාව නොමග යවමින්‌ සදාකාලික සැපය ලබා ගැනීම උදෙසා පුද්ගලයන්‌ සියදිවි නසා ගැනීමට පෙළඹ වීමයි.

මීට පෙර ද විවිධ පුද්ගලයන්‌ චිරාගත භික්‍ෂු භූමිකාවට හානිකිරීම, බුද්ධ චරිතය විකෘති කිරීම, බෞද්ධ මහජනතාවගේ වන්දනාවට පාත්‍රවන පූජනීය වස්තූන්‌ පිළිබඳ නිග්‍රහාත්මක ප්‍රකාශයන්‌ සිදුකිරිම වැනි අන්තගාමී සමාජ කැළඹීමකට තුඩුදෙන ක්‍රියාවන්‌ සිදුකරමින්‌ බෞද්ධ මහජනතාව නොමග යැවීමට විවිධ ප්‍රයත්නයන්හි නිරත වූ ආකාරය අපහට නිරීක්‍ෂණය විය.

එම සෑම සිදුවීමක්‌ පිටුපසම යම්‌ සංවිධානාත්මක කණ්ඩායම්‌ ක්‍රියාත්මක වූ ආකාරය හා ඇතැම්‌ අන්තවාදී සංවිධාන මගින්‌ එවැනි පුද්ගලයන්ට සුවිසල්‌ මූල්‍යමය දායකත්වයක්‌ ලබාදුන්‌ ආකාරය පිළිබඳවත්‌ කරුණු හෙළි විය.

බුදුදහම විනාශ කිරීමට උත්සහ දරන මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම තවදුරටත්‌ හුදු සිද්ධීන්‌ ලෙස ලඝු කොට සැලකිය නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වී හමාර ය. එහෙයින්‌ සංවිධානාත්මකව උතුම්‌ සම්බුද්ධ දේශනාවන්ගේ සුනිශිත අර්ථයන්‌ කෙලෙසමින්‌ අනුක්‍රමයෙන්‌ සිදුකරන මෙවැනි සිදුවීම්‌ හුදෙකලා කොට විසඳුම්‌ සෙවීම වෙනුවට යළි ලාංකේය සමාජය තුළ මෙවැනි ධර්ම විකෘතීන්‌ හා ශාසන විකෘතීන්‌ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස්‌ කිරීමට කාලය එළඹ ඇත. එසේ ම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින්‌ බෞද්ධ මහජනතාව නොමග යවමින්‌ සමාජ කැළඹීම්‌ ඇතිකිරීමට උත්සහ දරන පුද්ගලයන්‌ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එවැනි ප්‍රකාශන ප්‍රවර්ධනය නියාමනය සිදුකිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරිම ද කාලීන අවශ්‍යතාවකි.

එහෙයින්‌ සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂාව ප්‍රවර්ධනය හා පෝෂණය උදෙසා බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන්‌ ලෙස මේ පිළිබඳ ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට ධර්ම විකෘතින්හි හා ශාසන විකෘතින්හි යෙදෙමින්‌ පටු ලාභාපේක්‍ෂාවෙන්‌ උතුම්‌ ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන්‌ යුතුව දන්වා සිටිම්හ.

මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම්‌ අවධානය අගය කරන අතර ම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය සැලසේවායි ආශංසනය කරම්හ.

ඒ වගත්මෙසේ ම,

අතිපූජ්‍ය සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරව්‍යශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, මල්වතු මහාවිහාරය, මහනුවර.

අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අස්ගිරි මහාවිහාරය, මහනුවර.

අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක ස්ථවිර, ශ්‍රී ලංකා අමරපුර මහාසංඝසභාවේ සභාපති, ශ්‍රී ධම්මානඥ විද්‍යායතන පිරිවෙන, මිරිස්වත්ත, බළංගොඩ.

අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්‌ථවීර, මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ, මීරිගම.

පිටපත

1. ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මැතිතුමා, අධිකරණ අමාත්‍යංශය, අංක 19, සංඝරාජ මාවත, කොළඹ 10.

2. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, විදුර වික්‍රමනායක මැතිතුමා, ‘දහම්පාය’, 135, ධර්මපාල මාවත, කොළඹ 07.

3. සෝමරත්න විදාන පතිරණ මහතා, ලේකම්‌, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, ‘දහම්පාය’, 135, ධම්පාල මාවත, කොළඹ 07”

-දෙරණ අනුග්‍රහයෙනි

‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයෝලු’! ‘විශ්ව දොරටුවේ හිමිකරුලු’! වැඩම කළේ ඊජිප්තුවේ ඉඳන්ලු! කෝටි ගණනක් වටින වාහනයකින් කැලණියට ආපු කෙනෙක් කැලණි චෛත්‍යය සෙවණේ අමුතු බණක් දේශනා කරයි! ‘මේ දැන් දෙන්නෙක් නිවන් සාක්ෂාත් කරගත්තාලු’! මිනිස්සු වැඳ වැටෙයි! මෙන්න යන අලුත්ම රැල්ල! VIDEOI Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඉන්දියාවේ දායකත්වය 6%ක්! ඒත් අපේ 1%යි! සජබ ආණ්ඩුවකින් මැණික්-රන් ආභරණ ක්ෂේත්‍රය ගොඩදාන විදිහ විපක්ෂනායක සජිත් බෙන්තොට මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

‘හුතින්ට’ ගහන්න නැව් යවලා ලංකාව කෙළවගන්නද යන්නෙ? I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.