• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හුතින්ට’ ගහන්න නැව් යවලා ලංකාව කෙළවගන්නද යන්නෙ? I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘යේමනයේ හවුති කැරැලිකරුවන් යැයි කියන්නේ යුද්ධයට බියක් ඇති පිරිසක් නෙවෙයි. අපි ඕනෑ තරම් යුද්ධවලට මුහුණ දීලා තියෙනවා. සමහර ඒවා අපි ජයග්‍රහණය කළා. ඒ නිසා මේ ගැටුමත් අපට විශාල ප්‍රශ්නයක් නෙවෙයි. මේ දිනවල ඊශ්‍රායලය ඉතා ම්ලේච්ඡ ආකාරයට පලස්තීනය තුළ මනුෂ්‍ය සංහාරයක් සිදුකරනවා. ගාසා තීරයේ සිවිල් වැසියන් 22,000ක් පමණ ඝාතය කරලා. මෙම ප්‍රහාරයන්ට එරෙහිව තමයි අපි තීරණය කළේ අපගේ යේමනය හරහා රතු මුහුද මැදින් යාත්‍රා කරන නාවික යාත්‍රාවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට.(Sri Lanka Latest News)

යේමනය හරහා ඊශ්‍රායලය දෙසට යාත්‍රා කරන නැව් සඳහා අපි මේ පියවර ගනිමින් සිටිනවා. මුලින් අපි ඒ මාර්ගය හරහා ගමන් කළ ඊශ්‍රායල නැව් සඳහා ප්‍රහාර කිහිපයක් එල්ල කළා. ඒ අතරම අප තීරණය කළා අපගේ මුහුදු සීමාව හරහා ඊශ්‍රායලයට ගමන් කරන වෙළෙඳ නැව් සහ තෙල් නැව් සඳහා ප්‍රහාරයන් එල්ල කිරීමට. අප එවැනි ප්‍රහාරයන් ගණනාවක්ම පසුගිය දිනවල සිදුකළා. ඊශ්‍රායලය විසින් පලස්තීනයට එරෙහිව සිදුකරන මිනිස් සංහාරය නවතන තෙක් අප මෙම ප්‍රහාරයන් නවත්වන්නේ නැහැ….’

කුමක්ද මෙම තර්ජනාත්මක ප්‍රකාශය? එය කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙම කතාව කියා සිටින්නේ මෙම සමයේ ලොව සිටින බලවත්ම කැරැලිකාර නායකයකු විසිනි. ඔහු සමහර පාර්ශ්ව විසින් ත්‍රස්තවාදී නායකයකු ලෙස හැඳින්වුවද තවත් බොහෝ පාර්ශ්ව හඳුන්වා දෙන්නේ කැරැලිකාර නායකයකු ලෙසිනි. ඔහුගේ නාමය නම් අබ්දුල් මලික් අල් හවුති ( Abdul-Malik al-Houthi) වන අතර, ඔහු තවමත් 44 හැවිරිදි තරුණයෙකි. මෙම මැදි වයසේ මිනිසා යේමන රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන හවුති ව්‍යාපාරයේ (Houthi movement) උත්තරීතර නායකයාය. මෙම ව්‍යාපාරය සන්නද්ධ හමුදා ව්‍යාපාරයක් වන අතර, යේමනයේ රාජ්‍ය හමුදා සමග දශක 02ක (වසර 20ක්) සිට සිවිල් යුද්ධයක නිරතව සිටියි.

එසේම එම සිවිල් යුද්ධය හරහා තම ව්‍යාපාරය ජයග්‍රහණයන් ලබාගනිමින් යේමනයේ නගර රැසක්ම තම පාලනය යටතට ගෙන තිබෙන ප්‍රබල සංවිධානයකි. එහිදී යේමනයේ අගනුවර වන ‘සනා’හි පාලනය පවා ඔවුන් තම යටතට ගෙන ඇත. මෙම සන්නද්ධ සංවිධානයේ උත්තරීතර නායකයා වන අබ්දුල් මලික් අල් හවුති තවත් ප්‍රකට අන්වර්ථ නාමයකින් හඳුන්වන්නේ අබු ජිබ්රිල් (Abu Jibril) ලෙසිනි.

තවත් ආකාරයකින් කියනවා නම් ඔහු කැරැලිකාර නායකයකු පමණක් නොව, යේමනයේ රජයේ සිටින ප්‍රකට දේශපාලකයකුද වන අතර, ෂියා ඉස්ලාම් ආගමික නායකයකු ලෙසද සැලකෙයි. මොහුගේ පියා වන හවුති ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූ බඩෙර්ඩීන් අල් හවුති 2004 වසරේදී යේමනයේ හමුදා විසින් ඝාතනය කිරීමෙන් පසු මොහු එම සංවිධාන නායකත්වයට පත්වූයේය. මෙම සංවිධානය ඉතා ප්‍රබල තත්ත්වයක පසුවන අතර, ඒ සඳහා සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ, මැදපෙරදිග යුද බලවතා වූ ඉරානය විසිනි.

ඔබට මෙම වටපිටාව යම් පුළුල් අයුරකින් පැහැදිලි කළේ එම සිද්ධිය වඩාත් අවබෝධ කරවීම උදෙසාය. දැන් එසේ නම් මෙම සිදුවීම ඔබට ලියා තැබීමට හේතු වූයේ කුමක්ද? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී ශ්‍රී ලංකාව තුළ ඇතිවුණු සිදුවීමකි. මෙයට දින කිහිපයකට පෙරදී මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපූරු ප්‍රකාශයක් සිදුකළේය. එය මෙසේය.

‘දැනට යේමනය හරහා තිබෙන රතු මුහුද මැදින් යාත්‍රා කරන නාවික යාත්‍රාවලට යේමනයේ හවුති කැරැලිකරුවන් ප්‍රහාර රැසක් එල්ල කරනවා. මෙම තත්ත්වයට විරුද්ධව ඇමෙරිකාව ප්‍රධාන රටවල් රැසක් සන්ධානයක් ගොඩනගා කටයුතු කරනවා. මෙහිදී මම තීරණය කළා අපගේ නාවික හමුදාවට අයත් යුද නැවක් එම රතු මුහුද ප්‍රදේශයට යැවීමට. එහිදී හවුති කැරැලිකරුවන්ගේ ප්‍රහාර මැඬලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාදීමයි පරමාර්ථය. මම නාවික හමුදාපතිවරයාට මේ ගැන උපදෙස් ලබාදී තිබෙනවා. හැකි ඉක්මනින් අපගේ නාවික සෙබළුන් පිරිසක් සමග එම යුද නැව යේමනයේ රතු මුහුද වෙත යැවීමට බලාපොරොත්තු වෙනවා…’

ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් සහ තීරණයෙන් පසුව අපගේ ජන සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවිය. මෙරට බොහෝ ජනතාව කියා සිටියේ ජනාධිපතිවරයා අහක යන නයි අල්ලාගෙන කරේ දාගන්න යනවා වැනි මතයකි. අප රට තුළ අනේක වර්ගයේ ජනතා ප්‍රශ්න තිබියදීත් ජනතා ධනය විනාශ කරමින් මෙම ක්‍රියාවලිය සිදුකරන්නට යෑම ගැන දැඩි දෝෂාරෝපණ මතුවිය. මෙම ක්‍රියාවලිය සඳහා දෙසතියකට වරක් රුපියල් මිලියන 250ක මුදලක් වැයවන බව ජනාධිපතිවරයාගේ කතාවෙන්ද පැහැදිලි විය. මෙය අතිශය විශාල ජනතා මුදල් ප්‍රමාණයකි. ඒ අනුව මාසයක පමණ කාලයක් නැව රඳවා තැබුවහොත් රුපියල් මිලියන 500ක (රුපියල් කෝටි 50ක්) සුවිශාල මුදලක් වැයවනු ඇත.

මෙහිදී යම් පාර්ශ්ව කියා සිටින්නේ එවැනි මුදලකට අමතරව සිදුවිය හැකි ශ්‍රී ලංකා නාවික සෙබළුන්ගේ ජීවිත හානිද ඊටත් වඩා බියකරු බවය. අපගේ ශ්‍රී ලාංකික හමුදාවන් නොයෙකුත් කාලවලදී විවිධ රටවල පවතින හමුදා මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක සෙබළු ලෙස සහභාගි වෙති. එහෙත් යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ මෙවර තත්ත්වය ඊටත් වඩා වෙනස් බවය. එනම් මෙවර මැදපෙරදිග යුද්ධය සඳහා මැදිහත් වී සිටින්නේ ලෝකයේ ප්‍රබලතම බලවතුන් බවය.

මේ හෙයින් තත්ත්වය ඉතා දරුණු වන අතර, එහිදී මෙරට යුද නැවක්ම නාවික යුද සෙබළුන් සමග එහි යැවීම තවත් බියකරු වන බවය. මෙම සිදුවීමේදී ඉන්දියාවද නාවික යුද යාත්‍රා කිහිපයක් යොදවා ඇත. එහෙත් ඉන්දියාව යනු දකුණු ආසියාවේ යුද බලවතාය. එසේනම් මෙවැනි වටපිටාවකදී ශ්‍රී ලංකාව යනු කවරෙක්ද? අපගේ රට එවැනි දරුණු අර්බුදයකට මැදිහත් වන්නේ කෙසේද?

මෙම අර්බුදය හමුවේ විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය මාස 02ක පමණ කාලයක් තුළදී මෙලෙස යේමනයේ හවුති සංවිධානය රතු මුහුද හරහා ගමන් කළ සාමාන්‍ය නාවික යාත්‍රා 20කට පමණ ප්‍රහාර එල්ල කර ඇති බවය. එසේම මෙම මුහුදු තීරයේ විශාල බලයක් මෙහෙයවමින් සිටින ඇමෙරිකානු හමුදාව විසින්ද මේ වන විට හවුති කැරැලිකරුවන්ට දරුණු ප්‍රහාර එල්ල කර ඇත. හවුති කැරැලිකරුවෝද මේ ප්‍රහාරයන්ට මුහුණ දෙමින් තමන් විසින්ද ඉතා නවීන අවි ආයුධ භාවිත කරමින් ප්‍රහාර එල්ල කරති. ඔවුන්ගේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුද නාවික යාත්‍රා මෙන්ම මිසයිල ප්‍රහාර, ඩ්‍රෝන ප්‍රහාර වැනි යුද උපක්‍රමද භාවිත කරමින් ප්‍රහාර එල්ල කරති.

මෙම ප්‍රහාරයන් නිරන්තරයෙන්ම සිදු නොවන අතර, ඒවා නිසි අවස්ථාව ඉලක්ක කර ගනිමින් පමණක් සිදුවෙයි. හවුති සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ක්‍රියාවලියට එරෙහි වන ඕනෑම රටකට එරෙහිව තමන්ද ප්‍රහාරය එල්ල කර බවයි. එසේම මෙම යුදමය වටපිටාවේදී පසුගියදා අපූරු සිදුවීමක් ඇතිවිය. එනම් පසුගිය 2024 අලුත් අවුරුද්ද ලැබීමට සුළු මොහොතකට පෙර රතු මුහුද හරහා යාත්‍රා කරමින් තිබුණු ඇමෙරිකානු වෙළෙඳ නෞකාවකට හවුති කැරැලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය.

ඒ සඳහා හවුති ප්‍රහාරකයන් රැගත් බෝට්ටු හතරක් පැමිණ ඇත. මෙම අනතුර දැනගත් වෙළෙ` නෞකාවේ කපිතාන්වරයා වහාම ඒ ආසන්න මුහුදේ නවතා ඇති ඇමෙරිකානු යුද නැවක් දැනුවත් කළේය. එහිදී විනාඩි ගණනක් තුළ යුද නැව විසින් යුද ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් යැවූයේය. ඒ අනුව හවුති කැරැලිකරුවන්ට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර, එමගින් හවුති කැරැලිකරුවන් 12 දෙනකු ඝාතනයට ලක්විය. එම ප්‍රහාරයට අදාළව ඊට පසු දිනම හවුති සංවිධාන නායකයා වන අබ්දුල් මලික් අල් හවුති විසින් ප්‍රකාශයක් සිදුකළේය.

‘2024 උදාවේදීම ඇමෙරිකානු නාවික හමුදාවේ ප්‍රහාර මගින් අපගේ හවුති සාමාජිකයන් 12 දෙනකු ඝාතනය කර තිබෙනවා. අප ඇමෙරිකාවට මේ පිළිබඳ බලවත් විරෝධය පළ කර තිබෙනවා. නව වසර උදාවත් සමග සිදුකළ මෙම ප්‍රහාරයට එරෙහිව අප ඇමෙරිකාවට එරෙහිව ‘පළිගැනීමේ ප්‍රහාර’ දියත් කළ හැකියි. ඉදිරියේදී රතු මුහුදේදී සිදුකරන අපගේ යුද ක්‍රියාවලියට යම් යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියේදී මෙම යේමනයේ රතු මුහුද හරහා යාත්‍රා කරන නැව් සඳහා අප යම් නියෝගයක් නිකුත් කරනු ලබනවා.

වෙළෙඳ නැව් සහ තෙල් නැව් සඳහා අප මෙම නියෝගය පනවා සිටිනවා. එනම් මෙම නාවික යාත්‍රා රතු මුහුද හරහා ඊශ්‍රායලය දෙසට යාත්‍රා කරන්නේ නම් පමණක් අප එම යාත්‍රාවලට එරෙහි වනවා. එහිදී වෙනත් ගමනාන්තයක් කරා යනවා නම් අප එම යාත්‍රාවලට එරෙහි වන්නේ නැහැ. එහෙත් මෙම ක්‍රියාවලියේදී මුලින්ම පැමිණෙන නැව් ඊශ්‍රායලය දෙසට නොයන්නේ යැයි අපට ස්ථිරව තහවුරු කළ යුතුයි. එනම් එම නැව් ‘ඊශ්‍රායලය සමග අපට කිසිදු සම්බන්ධයක් නොමැත’ යන කියමන වචනවලින් විකාශය කර පෙන්විය යුතුයි. එසේ නිල වශයෙන් ප්‍රකාශ කරන නාවික යාත්‍රා සඳහා අපගෙන් කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ.

එම නාවික යාත්‍රා සඳහා රතු මුහුදේ මිලිටරිකරණයක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙත් යම් හෙයකින් අපට අසත්‍යයක් ප්‍රකාශ කර රහසේ ඊශ්‍රායලයට ගියහොත් අප එම යාත්‍රා සියල්ල අසාදු ලේඛනගත කර ඉන් පසු අවස්ථාවකදී අපගේ ප්‍රහාරයන්ට ඉලක්ක විය හැකියි. අපට කිසි විටෙකවත් ජාත්‍යන්තර නාවික ගමනාගමනය අනතුරේ හෙළන්න අවශ්‍ය නැහැ. අප ඊශ්‍රායලයට එරෙහිවයි මෙම සටන සිදුකරනු ලබන්නේ…’

හවුති නායකයාගේ මෙම නිල ප්‍රකාශය සිදුකළේ පසුගිය ජනවාරි 07 වැනිදාය. රතු මුහුදේ අර්බුදය තවද නිසි අයුරින් විසඳී නැත. තත්ත්වය එසේ වුවද ඉරිදා හවුති නායකයා සිදුකළ ප්‍රකාශයත් සමගම 08 සඳුදා දිනයේ ශ්‍රි ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර සිටියේ රතු මුහුදේ මෙහෙයුම සඳහා තම යුද නැවක් පිටත් කර යවන බවය. එතෙක් නාවික හමුදාව එම තීරණය ගෙන නොතිබිණි. අපේ රටේ ජනයා කුමක් කීවත් ඒ කතා ‘ගඟට කපන ඉනි’ සේය. ජනාධිපති කතා පළමුවටය. ජනතා කතා දෙවැනුවටය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

ජනතාවටකන්න නැතිවඉඳිද්දී මෙහෙම කිරීම අපරාධයක්…

Sri Lanka Latest News

පොදුවේ මෙරට ජන සමාජය මහත් ආන්දෝලනයකට පත්කළ මෙම සිදුවීම ගැන වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙයට දින කිහිපයකට පෙරදී පාර්ලිමේන්තුවේදී ආවේගශීලී එහෙත් හැඟුම්බර කතාවක් සිදුකළේය.

‘අපට දැනගන්නට ලැබී තිබෙනවා යේමනයේ සිටින හූති (හවුති) අරගල කණ්ඩායම් මර්දනය කිරීමට මෙරට ශ්‍රී ලාංකික නාවික හමුදාවේ යුද නාවික යාත්‍රාවක් රතු මුහුද වෙත පිටත්කර යැවීමට කටයුතු කරන බවට. මම මෙහිදී විශේෂයෙන් කියා සිටිනවා මෙරට අහිංසක පාසල් දරු දැරියන්ට නිසි ආහාර වේලක් ලබාදෙන්න බැරි රටක, විශාල වශයෙන් විරැකියාව ප්‍රවර්ධනය වන මොහොතක, රුපියල් මිලියන 250ක් වියදම් කරමින් අපගේ යුද නැවක් මෙම හූති අරගලකරුවන් මෙල්ල කිරීමට සිදුකරන්න යන ක්‍රියාවලියෙන් අපේ රටට ලැබෙන වාසිය කුමක්ද? ලක්ෂ 220ක ජනතාවක් ආර්ථික අගාධයක වැටී තිබෙන මේ මොහොතේ රජය කුමක්ද මේ කරන්න යන්නේ? අපේ රට බංකොලොත් රටක්.

මේ වෙලාවේ රුපියල් මිලියන 250ක් වියදම් කරන්න යෑම යහපත් වැඩක්ද? මේ මුදල් මේ රටේ ජනතාවට සහන ලබාදෙන්න හැකි මුදලක් නේද? අනෙක මේ ධනය සියල්ල ජනතා බදු මුදල් නේද? හූති අරගලකරුවන් මෙල්ල කරන්නද මේ ජනතා ධනය ලබාදෙන්නේ? මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න තේරෙන්නේ නැද්ද? මේක මහා විශාල අපරාධයක්. මේ ධනය මේ රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යොදවන්න පුළුවන්…’ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව අවධාරණය කර සිටියේය.

SendShareShare
Previous Post

‘අවලෝකිතේශ්වර බෝධිසත්වයන්’ අසරණ ජනතාව නොමග යවමින් බෞද්ධ දාර්ශනික හරපද්ධතීන් විනාශ කරනවා! වහාම නීති හදන්න! ධර්ම විකෘති හා ශාසන විකෘති ක්‍රියාවලට තිත තබන්න කාලය ඇවිත්! ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනාධිපතිට විශේෂ ලිපියක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කුඩු-පාතාලය මර්දනය කරද්දී කුහක-ඊර්ෂ්‍යාකාර විවිධ කල්ලිවලින් බාධක එල්ල වෙන්න පටන් අරන්! ජිනීවාවලිනුත් නිවේදනයක් දාලා! මරණ තර්ජන කරලා මට ලියුමකුත් ඇවිත්! කවුරු මොනවා කිව්වත් අපි පටන් ගත්තු ‘යුක්තිය’ මෙහෙයුම නතර කරන්නේ නෑ! පොලිස් ඇමැති දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.