• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වටේ අය එනවා එනවා කියද්දී රනිල් තාම ජනාධිපතිවරණයට එනවා කියන්නේ නැත්තේ ඇයි? හේතුව ජ්‍යොතිෂ උපදෙසක්ද? රාහු-ගුරු රාජයෝගය මැයිවලින් ඉවර වෙන හින්දද? I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ජනාධිපති සටනෙන් ඉවත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට පෙර අවස්ථා ගණනාවකදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු හෙළිදරව් කරමින් සජබයෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරු ගැන කියමින් ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල පළවූ අතේ රෝල් ගැන සඳහන් කිරීමට පියවර ගත්තෙමු. අප කළ අනාවරණ හේතුවෙන්ම මේ වන විට ජනතාවද එවැනි පුවතක් දුටු සැණින් ‘අයියෝ මේක ආණ්ඩුවේ අතේ රෝලක්’ යැයි කියන තරමට තොරතුරු අතින් දැනුවත්ව සිටින ආකාරයද දැකගැනීමට පුළුවන. මෙවර අප කියන්නට යන්නේද පසුගිය සතියේ ආණ්ඩුව පැත්තෙන් පළවූ තවත් එවැනි අතේ රෝල් පුවතක් පිළිබඳවය. ඒ, එජාප කළමනාකරණ කමිටුව රැස්වී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ බවත්, ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීම සඳහා සජබ ප්‍රබලයන් දෙදෙනකු සමග සාකච්ඡා කරමින් පවතින බවත්, ඔවුන් දෙදෙනාද ඊට සහාය දැක්වීමට සූදානමින් සිටින බවත්ය. මෙම පුවතද අතේ රෝලක් බව ඉදිරි දින කිහිපය ඇතුළත රටට බලාගැනීමට හැකිවනු නියතය.Sri Lanka Latest News

රනිල් නිහඬ ඇයි!

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එජාපය පැත්තෙන් මේ ආකාරයේ විවිධ අතේ රෝල් පුවත් පළවුවද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ ආකාරයක් මෙතෙක් දැකගන්නට නැත. ඊටද එක්තරා විශේෂ හේතුවක් තිබේ. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් නොකීමට බලපා ඇති හේතුවකි. ඒ, වෙන මොකක්වත් නොව ජ්‍යොතිෂමය කාරණයකි.
පසුගිය මහ මැතිවරණ පරාජයෙන් පසු ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් සිටීමටය. නමුත් ඒ අවස්ථාවේදී රනිල්ගේ එම අදහස වෙනස් කළේ වෙන කවුරුවත් නොව, ඔහුට අතිශය සමීප ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකි. ඔවුන් රනිල් හමුවී ලබාදී තිබූ ජ්‍යොතිෂමය උපදෙසින් කියැවුණේ මේ මොහොතේ දේශපාලනයෙන් සමු නොගන්නා ලෙසත්, තවත් අවුරුදු දෙකක් යෑමට මත්තෙන් ඉතා ප්‍රබල තනතුරක් හිමිවීමේ ග්‍රහ යෝගයක් මතුවීමට නියමිත බවත්ය. ඒ හරහා රටේ ඉහළම තැනකට පත්වීමේ වාසනාව රනිල්ට හිමිවන බවද ඔවුන් එහිදී පවසා තිබිණි. මහ මැතිවරණය පරාජයට පත්වී රනිල් වසරක පමණ කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම කල් මැරුවේද මෙම ජ්‍යොතිෂ උපදෙස නිසාය.

රාහු-ගුරු සුසංයෝගය

ජ්‍යොතිෂවේදීන් මෙහිදී රනිල්ට පෙන්වා දී තිබුණේ නැවත වතාවක් රාහු, ගුරු සුසංයෝගයක් රනිල්ගේ ග්‍රහචාරය අනුව මතු වන බවත්, ඒ හරහා මෙම තනතුරු ලාභය හිමිවන බවත්ය. 1993 හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවය සිදුවන අවස්ථාවේදීද මේ ආකාරයටම රනිල්ට රාහු, ගුරු සුසංයෝගයක් බලපා තිබිණි. ඒ අනුව ප්‍රේමදාස පමණක් නොව, ලලිත්-ගාමිණී ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම අභාවප්‍රාප්ත වී රනිල්ට නිකමම අගමැති තනතුර හිමිවූ ආකාරයක් දැකගත හැකි විය. ඒ ආකාරයෙන්ම 2022 වන විට නැවත වතාවක් රාහු ගුරු සුසංයෝග වී රටේ ඉහළම තනතුරකට යෑමට අවස්ථාව උදාවන නමුත්, එම සුසංයෝගයේ බලය අවසන් වූ වහාම තනතුරේ බලය අහිමි වන බව මෙම ජ්‍යොතිෂවේදීන් රනිල්ට දැනුම් දී තිබිණි. පසුගිය කාලසීමාවේම රනිල් කටයුතු කර තිබුණේ මෙම ජ්‍යොතිෂමය උපදෙස ඔළුවේ තබාගෙනය.

ඒ අනුව රාහුගෙන් තමන්ට තිබූ බලය, රාහු මාරුවත් සමග අවසන් වූ බව රනිල් නොදන්නවා නොවේ. නමුත් ගුරුගේ බලය තවමත් පවතින නිසා ගැටලුවක් නොමැති අතර, ලබන මැයි 01 වැනිදා සිදුවීමට නියමිත ගුරු මාරුවත් සමග මෙම රාහු – ගුරු සුසංයෝගයේ බලය සම්පූර්ණයෙන්ම අවසන් වන බවද රනිල් නොදන්නවා නොවේ. පසුගිය කාලයේදී රනිල් මේ සියලු දේශපාලන තීන්දු තීරණ ගත්තේ මේ තත්ත්වය හොඳ හැටි හිතේ තියාගෙනය. ඒ අනුව රනිල් සිටින්නේ මැයිවලින් පසුව මතුවන දේශපාලන තත්ත්වය හොඳ හැටි විශ්ලේෂණය කර බලා තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය. අප මෙය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන්නේද ඉතා වගකීමෙන් යුක්තවය.

හදිසි වෙන්න එපා!

ඒ අනුව, අප රනිල් වටා සිටින ඔහුගේ හිතවතුන්ටද කියා සිටින්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් කීමට ඉක්මන් නොවන ලෙසටය. මන්ද යත් යම් හෙයකින් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කැට තියා කියන මේ පිරිසට යම් හෙයකින් අවසානයේ රනිල් ජ්‍යොතිෂ උපදෙස් මත ජනාධිපතිවරණයට නොඑන බව ප්‍රකාශ කළහොත් සිදුවන්නේ පසුගිය කාලයේදී අනාවැකි කී ජ්‍යොතිෂවේදීන්ට අත්වූ ඉරණමටම මුහුණ දීමටය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

දැනට දෙකක් ඇති! අපටත් දුකයි! Sri Lanka Latest News

Next Post

කැලණි කැම්පස් එකේ ලෙක්චර් එකක් දෙන්න ආපු ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍යයෝ දුවන්නම දෙයි! ‘හාල් මාෆියාකාරයෙක්’!බලධාරීන් කොච්චර කිව්වත් සිසුන් වාහනයෙන් බහින්න නොදෙයි! තඩි BMW එකෙන් ආපු ඩඩ්ලි බහින්නෙම නැතිව හරවගෙන යන්න වෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.