දැනට පවතින ගැටුම් අවසන් වී යලි ප්‍රතිසංස්කරණ ආරම්භ වූ පසු, ශ්‍රී ලංකා රජයේ පරිත්‍යාගයක් ලෙස, ගාසා තීරයට පාසලක් ලබා දෙන බව මැදපෙරදිග රටවල තානාපතිවරුන් හමු වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ.Sri Lanka Latest News
රතු මුහුදේ ආරක්ෂාව සදහා නාවික යාත්‍රාවක් පිටත් කර යැවීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අරාබි රටවල යම් ව්‍යාකූලත්වයක් මතු වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා ජනාධිපතිවරයා පසුගිය දා කලාපයේ රටවල තානාපතිවරු කැදවා තිබුණි.
පලස්තීනය සදහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව පවසා ඇති ජනාධිපතිවරයා, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බවත්, බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශවලින් ඊශ්‍රායල වැසියන් ඉවත්විය යුතු බවට වන ස්ථාවරයේ වෙනසක් නැති බවත්, තානාපතිවරු හමුවේ පවසා තිබේ.
යේමනයේ හූති සටන් කරුවන් රතු මුහුදේ යාත්‍රා කරන ඊශ්‍රායල හිතවාදී නෞකා වෙත ප්‍රහාර එල්ල කරනු ලබන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන අමානුෂික මිනිස් ඝාතන වැළැක්වීමේ අරමුණෙන් පමණක් බවත්, ජනාධිපතිවරයා එම නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද නැවක් පිටත් කර යැවීම, ඊශ්‍රායලයට සහාය දීමක් බවත් පලස්තීනයට සහාය දක්වන පිරිස් පවසති.










