• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල් ඉල්ලන්නේ නෑ කියන්නේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
රනිල් ඉල්ලන්නේ නෑ කියන්නේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1999 ජනාධිපතිවරණය කට ළඟ එවක ජනාධිපතිනි චන්ද්‍රිකාගේ වේදිකාවට එල්ලවූ බෝම්බයෙන් පසු යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් හිටියේ නොසන්සුන් වෙලාය. එතැන් සිට පැය 24ම රාජ්‍ය මාධ්‍ය චන්ද්‍රිකාව ඝාතනය කරන්න රනිල්, ප්‍රභාකරන්ට කොන්ත්‍රාත් දීලා යැයි ප්‍රචාරය කරමින් සිටියේය. බෝම්බය පිපිරුණු දිනට පසු දින උදයේ රනිල් හමුවීමට රනිල්ගේ කැම්පේන් ටීම් එක ආහ. ඒ අතර, ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක හිමිකාරයෙක්ද විය.Sri Lanka Latest News

‘චන්ද්‍රිකාට ඇස්ට්‍රොලොජස්ලා උපදෙස් දීලා තියෙනවා ජනාධිපතිවරණ දවස එයාට ලකී වුණාට ජීවිතයට අනතුරක් තියෙනවා කියලා…’ ඔහු රනිල්ට කීවේය.

‘මගෙන් නම් ඇහුවොත් ඇස් දෙකද, ජනාධිපතිකමද කියලා, මම තෝරගන්නේ ඇස් දෙක. ජනාධිපතිකම තාවකාලිකයි. ඇස් දෙක සදාකාලිකයි…’ රනිල් කීවේය.

ඒ රනිල්ය. රනිල් කෙදිනකවත් දේශපාලනයට තම ලයිෆ් ස්ටයිල් එක පරදුවට තියන නායකයෙක් නොවේ. ඔහු හැම වෙලාවෙම තම දේශපාලන සතුරා සමග රහස් ගනුදෙනුවක් පවත්වාගෙන ගියේ තමාට හෝ තම ජීවිතයට හෝ තම පවුලේ අයට අනතුරක් නොවන තැනට වගබලාගන්නටය.

2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් එළියට ආ එස්.බී.ලා රනිල් සහ චන්ද්‍රිකා අතර තිබුණු ගනුදෙනුව කඩන්න උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය.

මංගල සහ ශ්‍රීපති රනිල් සහ මහින්ද එක්ක තියෙන ගනුදෙනුව කඩන්න උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය.

මෛත්‍රිපාලද මේ සඳහා ලොකු උත්සාහයක් ගත්තේය. ඒත් රනිල් තමාගේ ගනුදෙනු නතර කළේ නැත. ජනාධිපති වෙන්න ගිහින් ඇඟපත තලා ගන්නවාට වඩා විපක්ෂ නායක ධුරයේ සිටීම ඇඟට ගුණ යැයි ඔහු හැමදාම හිතුවේ ඒ නිසාය.

1999 ජනාධිපතිවරණයට ඔහු ඉල්ලුවේ දිනන්නමය. ඒත් ප්‍රභාකරන්ගේ බෝම්බය නිසා ඔහු පරාජයට පත්විය.

2005ත් ඔහු ජනාධිපතිවරණයට ගියේ දිනන්නමය. ඒ වෙලාවේත් ප්‍රභාකරන්ගේ ඡන්ද වර්ජනය නිසා ඔහු පරාජයට පත්විය.

එතැන් සිට ඔහු ජනාධිපතිවරණයට යන්න බය විය. 2010 ඔහු ජනාධිපතිවරණයට ඉල්ලන බව ප්‍රකාශ කළේය. ඔහු එහෙම ප්‍රකාශ කළේ ඉල්ලන්න නොවේ. ඒ වෙනකොටත් පොදු අපේක්ෂකයෙක් දමන්න මංගල සහ ජවිපෙ අතර සාකච්ඡා පටන්ගෙන තිබිණි. රනිල් ඒ සාකච්ඡා දැනගෙන සිටියේය. ඒත් ඔහු ජනාධිපතිවරණයට ඉල්ලනවා කියා ඩිමාන්ඩ් කළේ අගමැති ධුරය ලබාගන්නටය. ඒත් ඔහු මහින්දලා සමග ගනුදෙනුව නතර කළේ නැත. ෆොන්සේකාට බෙල්ල දී මහින්ද දින්නොත් මහින්ද තමාව ටාගට් කරයි කියලා බයේ රනිල් ජනාධිපතිවරණය අතර මැද හොරෙන් ගෝඨාභය හමුවී ඔහුගේ ආරක්ෂාව සහතික කරගත්තේය. ෆොන්සේකාගෙන් තමාට අගමැති ධුරය නොලැබෙන බව දැන ඔහු ජනාධිපතිවරණය මැද ෆොන්සේකාව අතහැරියේය.
2015 ජනාධිපතිවරණයේදීත් ඔහු ඉල්ලන බව කිහිප වරක්ම ප්‍රකාශ කළේ ඒ වෙනකොටත් ජාත්‍යන්තර බලවේග පොදු අපේක්ෂකයෙක් නම් කරන්න සාකච්ඡා කරන බව දැනගෙනය. ඔහු ඒ වෙලාවේ ගැහුවේත් ෆොන්සේකා ජනාධිපතිවරණයට එන්න පෙර ගහපු ගේමමය. මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා ලෙස නම්කරන්න පෙරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඔහු විධායක අගමැති වෙන ගේමත්, පාර්ලිමේන්තු මහ ඡන්දයකට පෙර අගමැති වෙන ගේමත් ගහගත්තේය. ඉන් පසු ඔහු මෛත්‍රීපාලට බොක්කෙන් වැඩ කළේය.

2019 ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වෙන බව කීවේ වරක් දෙවරක් නොවේ. පක්ෂය අපේක්ෂකයා ලෙස සජිත්ව උස්සන විට ඔහු ඊට බාධා නොකළේ සජිත් යටතේ අගමැති ධුරය ගන්න ගේම ගහගන්නටය. එහෙත් ජනාධිපතිවරණය කාලයේදී ඔහු මහින්ද සමග ගනුදෙනුව පවත්වාගෙන ගියේය. ඔහුගේත්, මෛත්‍රීගේත් පව් කරගහගෙන යන සජිත් පරදින බව ඔහු දැන සිටි අතර සජිත් පරාජය වීමෙන් පසු සජිත්ගේ දේශපාලනය අවසන් කිරීම ඔහුගේ උපාය විය.

ඔහු 2010දීත් 2014දීත් පක්ෂයේ කෙනෙක් පොදු අපේක්ෂකයා ලෙස නම්කරන්න. බැහැ කියන කොන්දේසිය දැම්මේ පක්ෂයේ කෙනෙක් පොදු අපේක්ෂකයා කොට ඔහු දින්නත්, පැරැදුණත් පක්ෂ නායකයා වෙයි කියන බයටය. ඒත් 2019 ඔහුට ඒ කොන්දේසිය දමන්න බලයක් තිබුණේ නැත. සජිත් අපේක්ෂකයා විය. සජිත් පරාජය වූ විට පාක්ෂිකයෝ ඔහුව නායකයා ලෙස පිළිගත්හ.

‘ඡන්ද ලක්ෂ 30ක් 35ක් තියෙද්දී ජනාධිපතිවරණය ඉල්ලන්න බයවූ රනිල් ඡන්ද ලක්ෂ දෙකක් තියාගෙන ඉල්ලයිද…?’

ඔහු ඉල්ලනවා නම් ඉල්ලන්නේ පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ඔහුව අපේක්ෂකයා ලෙස නම්කරන්න තීරණය කළොත් පමණි. එලෙස නම්කරන තෙක් බලා සිට එසේ නොවුණහොත් ඔහු ජනාධිපති ධුරයේ අන්තිම දවසත් ගතකොට ගෙදර යනු ඇත. එලෙස ගෙදර යද්දී ඔහුට විශ්‍රාම යන ජනාධිපතිවරයෙක්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සහතික කරගනු ඇත. ජනාධිපතිවරයෙක් වුණු නායකයෙක් අඩු ඡන්ද ගණනක් ලබා පරදින්න කැමැති නැත. 1994 විජේතුංගත්, 2019 මෛත්‍රීත් ජනාධිපතිවරණයට ඉල්ලන්න බය වුණේ ඒ නිසාය. විජේතුංගට යූ.ඇන්.පී. ඡන්ද ලක්ෂ 40ක් තිබිලත් බයවිය. මෛත්‍රීට පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපයට ඡන්ද ලක්ෂ 12ක් තිබිලත් බයවිය. රනිල්ට තියෙන්නේ ඡන්ද ලක්ෂ දෙකකි.

ඇත්තටම රනිල් අපේක්ෂකයා කරගන්න ඕනෑ වී ඇත්තේ රනිල්ටත් වඩා රනිල්ගේ වටේ ඉන්නා පරාජිත යූ.ඇන්.පී. අපේක්ෂකයන්ට සහ සමගි ජන බලවේගයෙන් ඇවිත් ඇමැති ධුර ගත් මන්ත්‍රීවරුන්ටය. රටේ ජනාධිපති ජනාධිපතිවරණයකට ඉල්ලනවා නම් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කොට තීන්දු තීරණ ගෙන ගරුගාම්භීරව එය ප්‍රකාශයට පත්කළ යුතුය. දෙතුන් දෙනෙක් රැස්වෙලා රනිල් ජනාධිපති අපේක්ෂකයා යැයි ඒ රැස්වීමේ තීන්දු කළා යැයි නිවුස් දැමීම රනිල්ටත් කරන අගෞරවයකි. අඩුම තරමේ ජනාධිපති මාධ්‍ය අංශයවත් එය නිල වශයෙන් නිවේදනය කළ යුතුය. යූ.ඇන්.පී.ය ජනාධිපති අපේක්ෂක නම්කරන සම්ප්‍රදායක් තිබේ. මෙය, ඒ යූ.ඇන්.පී. සම්ප්‍රදායටත් අගෞරවයකි. ඒත් අනාත වෙලා ඉන්නා මේ මැති ඇමැතිවරුන්, පරාජිත යූ.ඇන්.පී. අපේක්ෂකයන් රනිල් ජනාධිපතිවරණයට නාවොත් කුමක් වෙයිද කියා හිතාගත නොහැකිව බයෙන් වෙව්ලයි. ඒ බයට රනිල් 2022 අගමැති වූ දින සිට ඔවුන් මාධ්‍ය අල්ලාගෙන නිවුස් ප්ලාන්ට් කරයි.

‘සමගි ජන බලවේගයෙන් 20ක් කඩාගෙන එයි’

‘2023 අයවැයේදී පිල් මාරුවක්’

‘2024 අයවැයේදී මහ පෙරළියක්’

‘හර්ෂ, එරාන් යූ.ඇන්.පී.යට’

‘සජිත් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැහැ’

‘රනිල්-සජිත් එකතු වෙයි’

‘සජිත් නිදහසේ සන්ධානය හදන්නේ නැහැ’

‘පොහොට්ටුවෙන් 70ක් රනිල්ට’

දැන් රනිල් ජනාධිපති වී වසර දෙකක් වෙන්නත් තව මාස කිහිපයකි. ඒත් මේ නිවුස් එකක්වත් ඇත්ත වෙලා නැත.

‘සුළු ජාතික පක්ෂ රනිල්ට’

‘නම හෙලිකිරීමට අකැමැති සමගි ජන බලවේග මන්ත්‍රීවරු රනිල්ගේ ජනාධිපති මෙහෙයුමට’

මේ ප්ලාන්ට් දැන් අහල දැකලම මිනිස්සුන්ට ඇතිවෙලාය. මේ වන විටත් සජිත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ගණනාවක් එකතු කරගෙන ඇත. රනිල්ට වතුකරයේ වඩිවේල් සුරේෂ් හැරෙන්න තවම සමගි ජන බලවේගයෙන්වත්, පොදුජන පෙරමුණෙන්වත් එකදු මන්ත්‍රීවරයෙක් යූ.ඇන්.පී.යට එකතු කරගන්න බැරිවී ඇත. වඩිවේල් සුරේෂ් ගියේත් සමගි ජන බලවේගය ඔහුව පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුවය. චමින්ද විජේසිරි අයින් වුණු වෙලාවේ ඔන්න අපේ ප්ලාන්ට් එකක් හරිගියා කියලා මීඩියා උඩ පැන්නේය. හැබැයි ඔහු සජිත්ව වර්ණනා කොට ගෙදර ගියේය.

‘ඇයි ඒ…?’

රනිල්ගේ ආණ්ඩුව දුවන්නේ මිනිස්සු නමැති තෙල්වලින් නොව, මීඩියා නමැති තෙල්වලින් බව නොදන්නා කෙනෙක් නැති නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

උතුරට අලුත් නායකයෙක්! ඡන්දය ලෑස්තියි! තුන්කොන් සටනක්! සුමන්තිරන් ඉදිරියෙන්! I Sri Lanka Latest News

Next Post

තිස්සකුට්ටි කිව්වා ‘නිරීක්ෂණ චාරිකාවක්’ කියලා! රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත කියනවා ‘අධ්‍යාපන චාරිකාවක්’ කියලා! මුහුද මැද පොහොට්ටු මන්ත්‍රීවරු දාපු රෑ පාටිය ගැන තවත් කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.