• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොවට සෞභාග්‍යය ගෙනෙන තෛපොංගල් අදයි! I Sri Lanka Latest News

January 15, 2024
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තෛපොංගල් කෘතවේදී ත්වයේ මංගල්‍යයයි. මිහිතලය මත සාමය, සාමූහිකත්වය සහ කරුණාව පතුරන උත්සවයයි. පෘථිවිය (මිහිකත) සූර්යයා, වර්ෂාව, ගහකොළ, සත්වයා (ගව මහිෂ) සහ මානව වර්ගයා අතර පවත්තා ඥාතිත්වය පිළිබඳ යුගයෙන් යුගයට සමාජගත වන මානව වංශකතාවේ හින්දු පුරාවෘත්තයයි. සමයෙන් සමයට නව්‍යත්වයට (අලුත් වන) ළංවන ප්‍රවේශයයි.(Sri Lanka Latest News)

හින්දුන් සියල්ලෝම එදින හිමිදිරි පාන්දරින් අවදිව ස්නානය කර පිරිසිදුව අලුත් වස්ත්‍රාභරණයෙන් සැරසෙන්නේ ඔන්න ඔය සම්ප්‍රදායේ උරුමය නිසාය. ඔවුහු අනතුරුව කිරි උතුරවා කිරිබතක් පිසීමට යුහුසුළු වෙති. ඒ සෞභාග්‍යය වැළඳගැනීමයි. පිසූ කිරිබත පලවැල (අඹ සහ ඉදුණු කෙසෙල්) සමග අසල්වැසියන්ටද පිරිනමති. ඒ සුහදතා වර්ධනයයි. ඥාතිත්වය ස්ඵුට කිරීමයි (ප්‍රවර්ධනයයි).

මෙදින සෑම මිදුල් මස්තකයකම පාහේ ආරුක්කුවක් සේ මල් වැල් ඇඳ අඹ කොළ එල්ලා වියනක් සේ සරසති. එමෙන් මිදුලේ කෝලම් (මල් රටා) අඳිති.

අපා, දෙපා, සිව්පා, බුහුපා සියලු සතුන්ටත් ගහ කොළටත් පැවැත්ම සඳහා පමණක් නොව ජීවත්වීමට අවශ්‍ය සියලු බවභෝග අස්වැන්න පවා සපයන සූර්යයාට අතීතයේ පටන් මිනිස්සු දේවත්වයෙන් පුදනු ලැබූහ. සූර්යයා දිව්‍ය රාජයෙකු වූයේ එහෙයිනි.

තම වගාවේ අස්වැන්නේ ප්‍රථම නෙලීමෙන් ලද කොටසක් (අගසස්) නෑඹුල්ව (ඉඳුල් නොකර) තමන්ගේ ප්‍රාණ ජීවය රැකදෙන දෙවියාට ගෞරව බහුමානයෙන් යුතුව පූජා කරන්නට මානව වර්ගයා ඇප වුණේ, කැපවුණේ තමන්ට මතු මත්තේද මේ හා සමාන අන්දමින් ඵලදාව උපයා සපයා දෙන ලෙසට ආයාචනා කිරීමට, යාඥා කිරීමට, කන්නලව් කිරීමට පමණක් නොවේ. කළගුණ සැලකීමේ උත්තරීතර මාහැඟි (මහාඅනර්ඝ-මහානර්ඝ) ගුණාංගය සෙසු සියලු සත්වයන්ට ආදර්ශ කොට පෙන්නා දීමටය.

එක් එක් ලබ්දික (ආගම් අදහන) මානවයන් එකම දිනෙක එකම කාලපරාසයක ඒකරාශිව කරුණාව, මෛත්‍රිය, දයාව පූරස්සර කොට චිත්ත ධාරා (අධ්‍යාත්මික ශක්තිය) විශ්වයට මුදාහරින හෙයින් ලොවට සෞභාග්‍යය පතිතවන (අත්වන) බව ගුප්ත ශාස්ත්‍ර න්‍යායයි.

අගසස් දානය වශයෙන් හෙළයන්ද තෛපොංගල් වශයෙන් හින්දූන්ද ආගමිකත්වය ප්‍රමුඛස්ථානයෙහිලා සමරන්නේ ඒ කෘතෝගුණෝපේත සාමූහික පුණ්‍යකර්මයයි.

සූර්යයාට “ඉන්ද්‍ර” (වැස්සවළාහක දෙවි) යන අභිදානය (නාමය)ද ඇතැම් තැනෙක යෙදී තිබේ. එබැවින් හින්දුවරු තෛපොංගල් උත්සවය “ඉන්ද්‍රේත්සවය” ලෙසද සලකති.

තෛපොංගල් හින්දූන්ට පමණක් ආවේණික උත්සවයකි. ඔවුන් කවර දේශයක වුව තෛපොංගල් සැමරේ. අවුරුදු දාහකට පමණ පෙර ඉන්දියාවේ චෝල යුගයේ පළමුවෙන්ම මේ උත්සවය ආරම්භ කෙරී ඇති බවට සාධක තිබේ. මේ උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල එකම දිනෙක පැවැත්වුවත් විවිධ නම්වලින් හඳුන්වනු ලබත්.

ඉන්දියාවේ මකර සංක්‍රන්ති නමි. තමිල්නාඩුවේ තෛපොංගල් නම්ය. මහාරාෂ්ටයේ මහා සංක්‍රාන්ති වේ. ගුජරාටයේ උත්තරායනයි, පන්ජාබයේ ලෝහිය. කර්නාටක සංක්‍රාන්තිය. තෙලෙඟු පේදාපන්දාගු, “තෛ පිරන්දාල්, වලි පිරක්කුම්” තෛ මාසයේදී සකල මානව වර්ගයාටම ජය මාවත විවෘත වන බව එම දෙමළ තැනැති කියුමේ (ප්‍රස්ථාවපිරුළේ) අර්ථයයි.

(ලොකුකං (උඩඟුකම) පැත්තක දමා දැංවත් දෙමළ ටිකක් ඉගෙන ගත්තොත් නරකද?)
තෛ මාසය යනු සිංහල මාස ක්‍රමය අනුව දුරුත්ත හෙවත් දුරුතු මාසය වේ. පොංගල් දුරුත්ත ආරම්භ වන පළමු දිනයේ පටන් සූර්යයා ධනු රාශියේ (ලග්නයේ) සිට මකර රාශිය දක්වා උතුරට ගමන් අරඹයි. මේ ගමන (ජ්‍යොතිර් විද්‍යා වචනය-සංක්‍රාන්තිය) “මකර සංක්‍රාන්තිය” ලෙසද “උත්තරායනය” ලෙසද ජ්‍යොතිෂයේ ඉගැන්වේ.

මේ කාලය (සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට) පිවිසීම (ජනවාරි 14 හෝ 15) “තෛපොංගල් සංක්‍රාන්ති” ලෙසින් හින්දුවරු සලකති. ඔවුහු දින 4ක් තිස්සේ තෛපොංගල් උත්සවය ක්‍රියාකාරිත්වය අනුව කොටස් හතරකින් සමරති.

පෝහිප් පණ්ඩිතෛ, තෛපොංගල්, පට්ටි පොංගල් සහ කාණුම් පොඩි ඒ වේද (ක්‍රියා) හතරය.
පෝහිප් පණ්ඩිතෛ තෛපොංගල් සංක්‍රාන්ති දිනට පෙර දිනය (තෛපොංගල් දිනයට පෙරදින) “පෝහිප් පණ්ඩිතෛ” නමින් හැඳින්වේ. “පෝහිප්” යනු පාරිශුද්ධතාවයයි. “පණ්ඩිතෛ” යනු උත්සවයයි. පරණ දේ ඉවත් කර අලුත් දේ ගෙන නිවෙස අලුත් කර නවතාවක් ඇතිකිරීම හෙවත් අලුත්වීම ඒ කාර්යයි.

එහි නියම (සැඟවුණු) අරුත හිතේ සියලු අකුසල් මූල ඉවත් කරන්න “මන අලුක්කන්තෛ නික්කුදල්” යන්නයි. තෛපොංගල් දිනය එදිනට කළමනා නියමයන් (වේද ග්‍රන්ථවල) මෙසේය.
හිමිදිරියේම නිවෙස පිරිසිදු කරන්න. මිදුල අඹ කොළවලින් සරසන්න. හොඳින් හිරු එළිය වැටෙන තැනක් ගොම පිරියම් කර කිරි ඉතිරවීමට සූදානම් කරන්න. ඒ ස්ථානයේ සිව්කොන කෙසෙල් ගස් 4ක් සිටුවන්න. ඒ ගස් අතර අඹ කොළ සහිත කොඩි වැල් බඳින්න. කිරි උතුරවන (ගොම පිරියම් කළ) ස්ථානයේ පාට කළ හාල් හා පිටිවලින් “කෝලම්” (මල් රටා) යොදන්න. ඒ (හාල් හා පිටි) මහ පොළොවේ ක්‍ෂුද්‍රජීවීන්ට ආහාර පිණිසයි.

අනතුරුව කිරි උතුරවන ලද මුට්ටියේම හකුරු පලතුරු යොදා කිරිබත පිසගන්න. කිරි ඉතිරෙන අවස්ථාවේදී ඒ වටා නිවැසියන් එක්ව “පොංගුලෝ පොංගල්, කයි පුසි, වායිපුසි” යන භක්ති ගීතය ගයමින් හිරු දෙවියන් නමදින්න. ඒ ස්ථානයේම හිරු දෙවියන් සහ ගණ දෙවියන් (ගණ දෙවියන්ට පලවැල) පිදීමට ඒ දෙවිවරුන්ගේ ආකෘති හෝ (ඡායාරූප) හෝ තබා ස්ථානයක් සකස් කරගන්න.

පට්ටි පොංගල්
පට්ටි පොංගල් දිනය, තෛපොංගල් දිනට පසුදාය. පට්ටිය යන පදයට සිංහලෙන් අර්ථ කීපයක් ඇත. ප්‍රජනනයට සතුන් එක්වීම එකකි. ගාල (සත්ව) තවත් එකකි. හින්දු ඉගැන්වීම අනුව පට්ටි පොංගල් යනු කෘෂිකර්මයට දායකත්වය සපයන සියලු සත්වයන්ට පූජෝපහාර දැක්වීමය. මෙහිදී ප්‍රමුඛත්වය ගවයාටය. දිනය තෛපොංගල් දිනට පසුදාය. ඒ අවස්ථාවද විශේෂයෙන් තෝරාගැනුණකි. හිරු අවරට යාමට ආසන්න මොහොතේදීය. ස්ථානය සතුන් ලගින ගාල (ගව, එළු මඩු) ආසන්නයේමය.

පළමුකොට ඒ ස්ථාන ශුද්ධ පවිත්‍ර කොට ගොම පිරියම් කළ යුතුය. සතුන්ගේ අං ආදිය රතු, නිල්, කහ සහ කොළ යන පාටවලින් සරසවා ගත යුතුය. (ඇතැම්හු කහ සහ කුංකුමාදියද ආලේප කරති). ගෙල වට මල්දම් පළඳවත්.

ඉන්පසු කිරි ඉතිරවීමය. ඒ අවස්ථාවේ නිවැසියට වටවී ආටු (ආඩු) පොංගල් මාටු (මාඩු) පොංගල් යනුවෙන් උස් හඬින් (ගමටම ඇසෙන සේ) ගායනා කළ යුතුය. අනතුරුව කිරිබත් පිස ගණපති, කතරගම යන දෙවිවරුන්ටත් සරස්වී දේවියටත් පුදනු ලැබිය යුතු අතර, ගොවිතැනට උදව් දෙන එහි සිටින සියලු තුන්ට කැවිය යුත්තතේය

කාණුම් පොඩි
කාණුම් යනු ආහාරය. පොඩි යනු පිඬුව (පිණ්ඩ)ය. (පිණ්ඩ පාතෙ වඩිනවා) මේ උත්සවය සතුන්ට (විශේෂයෙන්ම කාක්කාට) කෑමට ආහාර පිරිනැමීමය. බතක් හත් මාළුවක් එකට පිස (උයා) කාක්කන් සිටින තැනකට ගෙනගොස් පිඬු කොට (කර) දැමීමය. එම පිඬු දීමේදී ගයන ගීයක් ජනවහරේ තිබේ.

කාක්කා පොඩි වෛත්තේන් – කාණුම් පොඩි වෛත්තේන්
උන්තුඩුම් කලෛ දාලුම් – එන් තුඩම් කලෛයාදු
(කාක්කා බත් පිඬක්-හොඳට අනපු බත් පිඬක්
උඹෙ කූඩුව විසිර ගියත්-මගෙ කූඩුව විසිර නොයයි)

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඔන්ලයින් පනත අරන් එන්නේ ෆේස්බුක්-වට්ස්ඇප් නවත්වලා ඡන්ද දිනන්නද? ෆේස්බුක් එකත් එක්ක ඇරගෙන ගූගල් එකයි යූටියුබ් එකයි නවත්තගන්නද යන්නේ! මේක 24 වැනිදා ‌ගේන්න එපා! ගෙනාවොත් අපි ඇවිත් පළමු සතියෙන්ම මේක වෙනස් කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුව අපේක්ෂකයෙක් දාන්නත් පුලුවන්… නොදාන්නත් පුලුවන්! මහින්දගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.