• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර බිල් දීලා ලාබ හොයන මුදලාලි මාෆියාවට වැඩේ දෙන්න සියඹලාපිටිය ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
හොර බිල් දීලා ලාබ හොයන මුදලාලි මාෆියාවට වැඩේ දෙන්න සියඹලාපිටිය ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. Sri Lanka Latest News

ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පළ කළේ, මුදල් අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති වැට් බදු පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයට එක්වෙමිනි.

මෙම සම්මන්ත්‍රණය රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ ජනමාධ්‍යවේදීන් ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරිම සඳහා ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා විසින් සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ආමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය .

කුමන ආර්ථික මට්ටමක සිටියත් මේ කාලය සෑම පුද්ගලයකුට ඉතා අසීරු කාලයක් බව කිව යුතුයි. සෑම පුද්ගලයකුගේම ආදායම අඩුවී වියදම වැඩිවී ඇති නිසා දුෂ්කරතාවන් මතුව තිබෙනවා. රටම මුහුණ දී සිටින ප්‍රශ්නය අවබෝධ කරගෙන ඒ සඳහා රජය ගෙනයන මේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව තේරුම් ගත යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ඒ සඳහා බදු පදනම පුළුල් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටිනවා. ඒ තුළ මෙතෙක් 20% ක්ව පැවති සෘජු බදු ප්‍රතිශතය 30%ක් දක්වා ක්‍රමාණුකූලව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. එම සෘජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා තවදුරටත් වැඩි කිරීමට මේ වන විට රජය සැලසුම් කර තිබෙනවා. එතුළින් වක්‍ර බදු ප්‍රතිශතය ඉදිරියේදී අඩු කිරීමේ හැකියාව රජයට තිබෙනවා.

ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලැබීමේ නිරත වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා ද නීති දැඩිව ක්‍රියාත්මක කරනවා.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ බදු පිළිබඳ උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය

ව්‍යාපාරිකයන් විසින් සෑම මාසයකට වරක් වැට් බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි. ඒ අනුව ජනවාරි මස 01දා සිට 31 දින දක්වා අය කරන වැට් බදු ප්‍රමාණය ව්‍යාපාරිකයන් විසින් පෙබරවාරි මස 20වෙනි දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුයි.
එලෙස නියමිත පරිදි අය කර ගත් වැට් බදු එම දෙපාර්තමේන්තුවට ලබා නොදෙන්නේ නම් එවැනි අයට එරෙහිව වැට් බදු පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනවා.
වැට් බදු අය කිරීමට සුදුසුකම් ලබන ව්‍යාපාරික ස්ථාන හඳුනා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන බලපත්‍රය අනිවාර්යයෙන්ම වෙළෙඳ සැල්වල ප්‍රදර්ශනය කළ යුතුයි. වැට් බදු අය කර නිකුත් කරන බිල්පත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කරන ආකෘතියකට අනුව සෑම බිල්පතක්ම සකස් කොට පාරිභෝගික ජනතාවට නිකුත් කළ යුතුයි.
මීට අමතරව වැට් බදු අය කිරීමට ලියාපදිංචි නොවී පාරිභෝගිකයින්ගෙන් එම මුදල් අයකර ගෙන යටි මඩි ගසා ගන්නා කූඨ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. එවැනි වැරැදි කරන පුද්ගලයින් දඩ මුදල් සහ අයකර ගත් වැට් බදු මුදල් රජයට අය කර ගැනීමටත් ක්‍රියා කරනවා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්
සමන් රත්නප්‍රිය මහතා
අද සමාජයේ දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක් බවට මෙම වැට් බදු සංශෝධනය පත්වී තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කළා. ඒ අනුව 2024 අයවැය කියන්නේ මේ වසරට අදාළ ආර්ථික ලියවිල්ලයි. ඉතාමත්ම අසීරු අවස්ථාවක වුනත් මේ ඉදිරිපත් කළ සාධනීය අයවැය පිළිබඳ නිසි කතිකාවක් සමාජය තුළ සිදු නොවුනහොත් ඒ තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ මහපෙළොව තුළ යතාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. වැට් බදු පිළිබඳ මෙවැනි සම්මන්ත්‍රණ පවත්වනු ලබන්නේ ද ඒ නිසයි.

මෙම වැට් බදු සංශෝධනය පිළිබඳ බොහෝ වැරදි මත සමාජගත වී තිබෙනවා. වැට් බද්ද වැඩි වන්නේ 15% සිට 18%ක් දක්වා බව අපි සෑම කෙනෙක්ම දන්නවා. වැට් බද්ද පවතින භාණ්ඩවලට 3%කින් වැඩි වූ නමුත් 0% සිට 18%ක් දක්වා වැඩි වූ භාණ්ඩ ප්‍රමාණයකුත් මේ අතර තිබෙනවා. පැනවූ බද්ද 18%ක් වුනත් බදු ගැලපුම් නිසා ඒ ප්‍රමාණයෙන්ම නොවී ඊට වඩා අඩු ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවුණු භාණ්ඩත් මේ අතර තිබෙනවා. ඒ නිසා මේ වැට් බද්ද පිළිබඳව සාමාජය තුළ නිසි කතිකාවක් ඇති වීම වැදගත් වෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ
කේ.කේ.අයි.එරන්ද මහතා
වැට් බදු නිසි ලෙස රජයට එකතු නොවන බව අපට නිරීක්ෂණය වි තිබෙනවා. සාමාන්‍යයෙන් එකතු කළ අගය මත බද්ද නිසි පරිදි එකතු වෙනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් ආර්ථිකයට එකතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මේ වනවිට එම බද්දෙන් ආර්ථිකයට එකතු වන්නේ 2% ක ප්‍රතිශතයක් ලෙසයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන බදු කාන්දු තුනක් සොයාගෙන තිබෙනවා. එයින් පළමු කාන්දුව ව්‍යාපාරිකයන් බදු අය කරන නමුත් එය රජයට ලබා නොදීමයි. නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා අහිමිවන බදු ප්‍රමාණය දෙවෙනි බදු කාන්දුවයි. බදු නිදහස් කිරීම් මගින්ද බදු කාන්දුවීම සිදුවෙනවා. මේ බදු කාන්දුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ආර්ථිකය ස්ථාවර කර ගත හැකියි.
2019 වසරේ මුල් භාගයේදී වැට් බද්ද පැවතුණේ 15%ක අගයකයි. 2020 දි එය 8% දක්වා අඩු කළා. එය 2020,2021හා 2022 යන වර්ෂ තුනේදීම එම අනුපාතයෙන් පැවතුණා. වැට් බද්ද 8%ක් දක්වා අඩුවූ පමණින් 2020දි බඩු මිල අඩු වුණේ නැහැ. මේ අවුරුදු තුන තුළ බිඳවැටුණු ආර්ථිකයේ නැග්මක් ඇතිකිරීම වැට් බද්ද 15% ක තබාගෙන කළ නොහැකියි. ඒනිසා 18% ක් දක්වා වැට් බද්ද වැඩිකර ආර්ථිකයේ නැග්මක් ඇති කළ යුතුයි.
මේ වන විට වැට් බදු අයකර ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති ව්‍යාපාරික ආයතන සංඛ්‍යාව දහතුන්දහසක් පමණ වන අතර එය ඉදිරියේදී පනස් දහසක් බවට පත් කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබෙනවා.


ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-10

SendShareShare
Previous Post

කුලියට ගත්ත ක්‍රයිස්ලර් එකකින් කැලණියට වැඩිය අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ගැන පොලිසිය විමර්ශන පටන් ගනී! පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මීට ඉස්සෙල්ලා නාග ලෝකෙන් ආවා කියලා ධාතු පෙන්නුවා! දැන් බෝධිසත්වයෝ කෙනෙක් ආවා කියලා පෙන්නනවා! කැළණි පන්සල දැන් එක එක පිස්සුවලට ඉඩ දෙන තැනක් වෙලා! පිස්සන්ගේ පිස්සු වැඩවලට ඉඩදෙන රඟමඩලක් වෙලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.