වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය වැට් බදු සියයට 18 දක්වා වැඩි කර ඇත්තේ එම වැඩි කිරීම තුළ සිදුවන මූල්‍ය බලපෑම ගැන ක්ෂේත්‍රය තුළ විධිමත්, විද්‍යාත්මක සමික්ෂණයකින් තොරව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News
වැට් බදු ඉහළ දැමීම නිසා ග්‍රාමීය, නාගරික සහ වතු ප්‍රජාවට සිදුවන බලපෑම ගැන රජය මේ අවස්ථාවේ සමික්ෂණයක් සිදු කිරීම ගැන පුදුමයට පත්වන බවත් ප්‍රබුද්ධ ප්‍රශස්ත මූල්‍ය කළමනාකරණය තුළ බදු ගැසීමට පෙර හෝ බදු ඉවත් කිරීමට පෙර මූල්‍ය බලපෑම් ඇගයීමක් සිදු කළ යුතු වුවත් රජය එවැන්නක් මෙහි දී සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැට් වැඩි කර එවැනි සමීක්ෂණයක් සිදු කිරීම බරපතල ගැටලුවක් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ නිසා සීනි, පරිප්පු, මිරිස්, කීරි සම්බා, සම්බා ආදී භාණ්ඩවල මිල ගණන් වැඩි වී ඇති ආකාරය වෙළෙඳපොළට ගොස් සොයා බලන ලෙසයි.










