අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක්වීමත් සමග දකුණේ දේශපාලනය කැළඹී ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ සිදුවීමෙන් පසු ගාල්ල නියෝජනය කරන ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන් මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් ශාන් විජයලාල් මහතාට කතා කොට සුබපැතුම් එක් කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඉදිරියේදී තවත් විශාල පිරිසක් සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කොට ඇති බවත්, දැනටමත් ඒ බව ශ්‍රීලනිප ප්‍රධානීන්නට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
ශාන් විජයලාල් ද සිල්වා මහතා සැලකෙන්නේ දේශපාලනයට පිවිසි දින සිටම නිකැලැල් පිරිසුදු දේශපාලන චරිතයක් ලෙසටය. එමෙන්ම ඒ මහතාට එරෙහිව කිසිදු දූෂණ චෝදනාවක්ද නැත.
වරක් දකුණේ මහඇමැතිවරයා ලෙසද ශාන් විජයලාල් ද සිල්වා මහතා කටයුතු කොට තිබිණ.















