පාර්ලිමේන්තුවට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණයක් පිළිබදව හිටපුු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අනතුරු ඇඟවීමක් කර ඇත.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මෙම අනතුරු ඇඟවීම කර තිබේ. එහි මෙසේද සදහන්ය.
“C19 ට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ඉතා කූට ලෙස යටපත් කර ඇත; අගමැතිට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ට එරෙහිව පහර දෙමින් ගෙන යන වැඩපිළිවෙළ ගෝඨාභය රාජපක්ෂගේ සමීපතයෙකු විසින් සම්බන්ධීකරණය කර ඇත්තේ ඔහුගේ ‘අපායෙන්’ එන අදහස් මගිනි.
අවදිවන්න! පාර්ලිමේන්තුව නැවත කැඳවීමට එකතු වෙන්න! එහි අඩුපාඩු තිබුනත් තවමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විශිෂ්ටතම ක්‍රමවේදයයි!”












