• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ණය සහනය සහ රනිල්ගේ නැව් සහනය I Sri Lanka Latest News

December 29, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීන ෂි යැන්ග් 6 නැව ජනවාරි 05 ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතියේය.(Sri Lanka Latest News) මේ නැව පැමිණීම පිළිබඳ ඉන්දියාව ලංකාවේ ආණ්ඩුවට සිය විරෝධය පළකොට ඇති බවත්, එම මාධ්‍ය වාර්තා කළේය. මෙම නැව ලංකාවට පැමිණීමට නියමිත බව ලංකාව දැන සිටියේ පසුගිය වසරේ ඔක්තෝබරයේ ලංකාවට පැමිණි ෂි යැන්ග් 6 චීන නැව චීනයෙන් පිටත් වීමටත් පෙරය.

නොවැම්බරයේ ෂි යැන්ග් 6 නැව ලංකාවට ඒමට පෙර එම නැවට අවසර නොදෙන ලෙස ඇමෙරිකාවෙන් ජනාධිපති රනිල්ට දැනුම් දුන්නේය. ඉන් පසු විදේශ ඇමැති අලි සබි්‍ර ප්‍රකාශ කළේ ඉන්දියාවේ ප්‍රශ්නය සලකා බලා ලංකා ආණ්ඩුව තවම එම නැවට එන්න අවසර දී නැති බවය. ලංකාවට එන ජාත්‍යන්තර නැව් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් හදන බවත්, එය හදන තෙක් චීන නැවට ලංකාවට එන්න අවසර නොදෙන බවත් ඔහු කීවේය.

පසුව ආණ්ඩුව විසින්ම මාධ්‍යවල නිවුස් ප්ලාන්ට් කළේ නැවට අවසර දීම නොවැම්බර් තෙක් කල්දමා ඇති බවය. චීනය ඔක්තෝබරයේ පැමිණීමට අවසර ඉල්ලා ඇතත් ඔක්තෝබරයේ අවසර නොදීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කළහ. මේ අතර ආණ්ඩුව නිල නොවන ලෙස ඇමෙරිකාවට දැනුම් දුන්නේ නොවැම්බරයේ මොන්සූන් නිසා චීන නැවට ඒමට හැකියාවක් නැති බවය. මේ කතා සියල්ල මැද චීන නැව ඔක්තෝබරයේ ආවේය. ඉන් පසු විදේශ ඇමැති අලි සබි්‍ර කීවේ ඉදිරියේ එන නැව්වලට ක්‍රමවේදයක් හදන බවය.

එම චීන නැව එන්න කලින් ආරක්ෂක අමාත්‍යාංශය කීවේ තමන් නැව පැමිණීමට අවසර දීමට විදේශ අමාත්‍යාංශ අවසරය ඉල්ලා ඇති බවය. විදේශ අමාත්‍යාංශය කීවේ තමන් ආරක්ෂක අමාත්‍යාංශ තීරණය දිහා බලා සිටින බවය. මේ ලෙසට අමාත්‍යාංශය එකිනෙකාට බෝලේ පාස් කර සිටියදී නැව ආවේය.

ඇත්ත කතාව නම් ලංකාවේ ආණ්ඩුවේ අවසරයකින් තොරව මේ නැව්වලට ලංකාවට එන්න බැරිය. චීන නැව් එන්නේ අවසර ලබාගෙනය. ලංකාවට පැමිණීමට චීන නැව්වලට අවසර දෙද්දීම ඉන්දියාව සහ ඇමෙරිකාව මෙයට විරෝධය පළකරන බව ලංකාවේ ආණ්ඩුව දනී. දැන දැන ඔවුන් අවසර දෙයි. ඇමෙරිකාව සහ ඉන්දියාව විරෝධය පළකළ විට ක්‍රමවේදයක් ගැන කියා මගහරියි. මෙයින් පැහැදිලි වන්නේ චීන නැව්වලින් ලංකා ආණ්ඩුව භූදේශපාලනික ගේම් එකක් ප්ලේ කරන බවය.

මේ ගේම් එක හොඳටම රහ වැටුණේ රනිල්ටය. 2014 ලංකාවට ආ චීන සබ්මැරීන් නිසා මහින්ද රාජපක්ෂට ගෙදර යන්න සිදුවූ බව රනිල් දනී. ඔහු ජනාධිපති වූ විගසම ලංකාවට ආ චීන නැව යුආන් වැන්ග් නිසා රනිල්ට ඇමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් විශාල බලපෑම් ආවේය. ඒ බලපෑම් නොතකා රනිල් මේ නැවට එන්න ඉඩ දුන්නේය. ජනාධිපති වූ විගස ආ යුආන් වැන්ග් නැවට ලංකාවට ඒමට ඉඩදී රනිල් චීනයේ හොඳ හිත දිනාගත්තේය. රනිල්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ලිපිය චීනය දුන්නේය. ඉන් පසු ආ චීන නැව්වලට අවසර දී රනිල් අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ගන්න අවශ්‍ය ණය ඩීල් එක චීනය සමග දමාගත්තේය.

ඔහු ජනවාරියේ එන්න නියමිත චීන නැව පෙන්නා චීන ණය ඩීල් එකට අමෙරිකාව, ඉන්දියාව, පැරිස් ක්ලබ් එකඟ කරවා ගෙන අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ගත්තාද දන්නේ නැත. එහෙම වුණා නම් ඔහු මේ නැවට ඒමට අවසර නොදිය යුතුය. ආණ්ඩුවට හිතවත් මාධ්‍ය කියන්නේ මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් නිසා ජාත්‍යන්තර නැව්වලට මොරටෝරියම් දමන්න යනවා කියලාය. ආණ්ඩුව චීනයෙන් ණය මොරටෝරියම් ඉල්ලා දැන් චීන නැව්වලට මොරටෝරියම් දමන්න යෑම අපූරු කතාවකි. කොහොම වුණත් චීනය මුලින්ම මේ නැව් ලංකාවට එවන්න පටන්ගත්තේ මුහුදු පතුලේ නිධන් සෙවීමටය. 1411 ලංකාවට ආ චීන අද්මිරාල්වරයකුගේ නිධන් සොයන්නටය. දැන් චීන නැව් රනිල්ට නිධානයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර වැරදිකරුවන් වූ ලංකාවේ ජනාධිපතිවරු I Sri Lanka Latest News

Next Post

ඩෙංගු-කොවිඩ්..! ඒ මදිවාට ඔන්න රට පුරා සරම්ප පැතිරෙනවලු! Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.