ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකිරීම හා රෝගී ජීවිතය අනාරක්ෂිත තත්ත්වයට පත්කිරීමට ක්‍රියා කිරීම යන චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මෙම 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම පසුගියදා නියෝග කර තිබිණ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් කාටත් කලින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේ වෙන කවුරුවත් නොව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාය.
ඒ, පාර්ලිමේන්තුවේ පැවැති ආංශික කාරක සභා අවස්ථාවේදීය.
මෙහිදී විපක්ෂනායකවරයා බාල ඖශධ සහ උපකරණ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමට චන්ද්‍රගුප්ත මහතා පිළිුතුරු ලබා දුන් ආකාරය පහත දැක්වේ.










