• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද? I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හග්ගලින් අල්ලපු වෙලේ සුදාගේ ‌රෙස්ට් හවුස් එකේ පොලිසියේ බන්ධනාගාරයේ නිලධාරීන් පවුල් පිටින් නිවාඩු ගත කරලා! 2010 සිට දැනන් හිටියත් අල්ලලා නෑ! ඔත්තුව ගියේ වෙලේ සුදාගෙන්මද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ගම්පල විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදාට අයත් බව කියන හග්ගලින් සොයාගත් නිවාඩු නිකේතනය 2004 වසරේ සිට වෙලේ සුදාගේ බිරියගේ නමින් තිබී ඇති එකක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

වෙලේ සුදාට අයත් නිවාඩු නිකේතනයක් නුවරඑළියේ ඇති බව කාලයක් තිස්සේම පොලිසිය පවා දැන සිටියත් මෙම නිවාඩු නිකේතනය වටලා ඇත්තේ කැප්පෙටිපොළ පොලිසියේ නිලධාරීන්ය. 2010 වසරේ සිට එම නිවාඩු නිකේතනය සංචාරකයන්ට දෙමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පොලිස් නිලධාරීන්ද ඔවුන්ගේ පවුල්වල අයද බන්ධනාගාර නිලධාරීන්ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිවාඩු ගත කිරීමට එහි පැමිණ ගොස් ඇති බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කළේය.

වෙලේ සුදාව 2015 වසරේදී පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ පසු ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කරනු ලැබීය. මුදල් විශුද්ධිකරණයෙන් සිදු කළ මෙරට පළමු විමර්ශනය එය වන අතර, එහිදී රුපියල් කෝටි 18ක දේපොළ සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයකින් නිවෙසක් ඇතුළු කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිත ගොඩනැගිලි රන් භාණ්ඩ ඇතුළු දේපොළ රැසක්ම තිබී ඇත. මෙම දේපොළ තිබී ඇත්තේ වෙලේ සිදාගේ බිරියගේ සහ බිරියගේ නැඟණියගේ නමිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2014 වසරේ සිට වෙලේ සුදාගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර 2015 වන විට කෝටි 18ක දේපොළ සොයාගත්තද මෙම නිවාඩු නිකේතනය සොයාගත්තේ නැත.

එම කෝටි 18ක දේපොළ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ මේ වන විට නඩු කටයුතු පැවැත්වෙන අතර මුදල් විශුද්ධිකරණයෙන් චෝදනා ලැබ සිටින්නේ වෙලේ සුදාත්, බිරියත් නැඟණියත් පමණි.

මේ වන විට වෙලේ සුදාගේ බිරිය බන්ධනාගාර ජේලර්වරයකු සමඟ සම්බන්ධකම් පවත්වන බැවින් ඒ සම්බන්ධයෙන් වෙලේ සුදා සිටින්නේ දැඩි වෛරයකින් බ‍ව පොලිස් තොරතුරු අනාවරණය කළේය. බිරියගේ නමින් හග්ගල තිබුණු මෙතෙක් පොලීසියකට සොයාගන්න බැරි වුණු එම නිවාඩු නිකේතනය සොයාගනු ලබන්නේ ද මෙවැනි තත්ත්වයක් මත බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මේ තත්ත්වය මත මෙතෙක් කලක් සොයාගැනීමට නොහැකි වුණු බිරියගේ හා ඇයගේ නැඟණියගේ නමින් ඇති තවත් දේපළ රැසක් ඉදිරියේදී සොයාගැනීමට හැකි වනු ඇති බව විශ්වාස කරන බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හග්ගල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවාඩු නිකේතනය පිළිබද තොරතුරු ලැබී පොලිසිය එය වටලන්නේ පසුගිය 22 දාය.

කැප්පෙටිපොළ පොලිස් බල ප්‍රදේශයට අයත් හක්ගල පන්සල අසල මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයාගෙන් සෘජුවම ලැබුනු උපදෙසක් මත මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය පොලිස් නිල සුනඛයන් හා යුධ හමුදාවේද සහය ඇතිව මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කල අතර මෙම දේපල රාජසන්තක කිරීමට අදාල පරීක්ෂණ කටයුතු මේ වන ආරම්භව තිබේ. මෙම ස්ථානය වටලන අවස්තාවේදී එම ස්ථානය බලා ගැනීමට වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිට ඇති අතර ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම් කර විස්තර සටහන් කර ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම නිවාඩු නිකේතනය පොලිසිය වැටලුවද එහි ව්‍යාපාරික කටයුතුවලට මෙතෙක් බාධාවක් එල්ල වී නැත. දේපළ තහනම් කිරීමක්ද සිදු වී නැති බවත්, ඊට අදාළ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන මහතාගේ ඍජු අධීක්ෂනය යටතේ බණ්ඩාරවෙල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී බී.එච්.එස්. කලණසිරි හා සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චානක රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් වැටලීමකර තිබිණි.

-දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ, වැලිමඩ සමූහ – ආර්. රාජමන්ත්‍රී

SendShareShare
Previous Post

පඬුරු-රත්තරන් කපුවො ගෙදර අරන් යන නිසා මෙච්චර කල් පූජා වට්ටියට තියපු දාහ පන්දාහ සීයට බහී! කතරගම දෙවොලේ ආදායම 50%කින් පහළට!  I Sri Lanka Latest News

Next Post

අද ඉඳන් සිරිපාදේ කරුණා කරන්න යන්න පුළුවන්! I Sri Lanka Latest News

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.