ලිංගික ක්‍රියා සිදුකරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදාහරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් රාගම පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක සහ ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා වූ 24 හැවිරිදි තරුණයෙකි. තමන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැති නිසා පවුලේ ඇතිවූ ගැටලුවලට පිළියමක් වශයෙන් බිරිඳගේ මවගේ පිටිසර නිවෙසට පැමිණ එහිදී බිරිඳ සමග ලිංගිකව හැසිරී එම දසුන් වීඩියෝ කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වෙබ් අඩවියකට උඩුගත කර එමගින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට කටයුතු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
කිසිම රැකියාවක් නොකර කුලී වාහනවල යමින් නගරයේ ලොකු හෝටල්වලින් ඔන්ලයින් ක්‍රමයට කෑම බීම ඇණවුම් කරමින් නිතර විනෝදකාමි ලෙස කාලය ගතකරන මෙම යුවළගේ සැකකටයුතු හැසිරීම් දුටු අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණලි නිසා අදාළ නිවෙස පරීක්ෂා කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
සැකකාර අඹුසැමි යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවත්, එම නිවෙසේ තිබී සැකකරුවන් ඒ සඳහා යොදා ගෙන තිබු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කීපයක් හමුවූ බවත් පොලිසිය සඳහන් කරයි.
gossiplankanews










