• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාලය-කුඩු එක්ක සම්බන්ධකම් තියෙන දේශපාලඥයන් පොලිසිය හෑල්ලුවට ලක්කරන කුහක කතා කියනවා! සමහර ආගමික නායක‌යොත් එහෙමයි! පොලිස් ඇමැති ටිරාන්ගෙන් ලොකු චෝදනාවක්! I Sri Lanka Latest News

December 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

” පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා.” යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.Sri Lanka Latest News

ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ ඒක්‌වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මීට වසර එකහමාරකට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අවදියේදී මෙම අමාත්‍යංශයේ වගකීම බාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් අපට ආරාධනා කළා. එකවර එය බාරගැනීමට කැමැත්තක් නොමැති වුවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් ජනාධිපතිවරයාගේත් ඉල්ලීම පරිදි මෙම වගකීම භාර ගැනීමට මම තීරණය කළා.

රටම ගිනිගනිමින් පැවති ඒ අවස්ථාවේ අපට විශාල අභියෝගයක් පැවතුනා. රටේ නායකත්වයත් වෙනසක් සිදු වුණා. රට සාමකාමී කිරීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ පැවතුනා. රටේ ජනතාවට සුපුරුදු පරිදි කටයුතු කළ හැකි පරිදි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය අපට පැවරුණා. කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවලට කිසිවකුටත් ඇතුල්වීමට හැකියාවක් නොහැකි පරිදි විවිධ ගම් පිහිටුවා තිබුණා. රටට විදේශිකයන් පැමිණුනේ නැහැ. එවැනි තත්ත්වයක පැවති රට යළි ගොඩගැනීමට සිදුවුණා. ඒ අවස්ථාවේ අපට දැඩි තීරණ වලට එළඹීමට සිදුවුණා. රට තුළ විනයක් සහිතව සාමකාමීව සෑම දෙනාටම ජීවත් විය හැකි වාතාවරණයක් සකස් කිරීම අපට පැවරුණා. අපහසුවෙන් නමුත් ඒ වගකීම අප ඉටු කළා. ප්‍රචණ්ඩත්වයෙන් සිදුකරන ක්‍රියාවන් තුළින් රටට හෝ තමන්ට යහපතක් සිදු නොවන බව අප විරෝධතාවේ නිරත වූ පිරිස් වෙත පැහැදිලි කර දුන්නා

ඉන් අනතුරුව රට තුළ පැවති විශාලම අභියෝගය වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්, අපරාධ දිගින් දිගටම වර්ධනය වුණා. බොහෝ පොලිස් නිලධාරීන්ට පවා පහත් ලෙස සැලකීම දක්නට ලැබුණා. නමුත් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීම පිළිබඳව ශක්තිය අප පොලිස් නිලධාරීන්ට ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු සහිතව වාර්තාවක් සකස් කිරීමට වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු කමිටුවකට මා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දැඩි ක්‍රියාමාර්ග සහිත වැඩපිළිවෙළකින් මෙම ක්‍රියාකාරකම් මර්දනය පිළිබඳ තීරණය ගනු ලැබුවා. ඒ අනුව දකුණු පළාතේ පැවති වැඩමුළු මාලාවකින් මේ කාර්යය ආරම්භ කළා. ඒ අනුව ආරම්භ කළ මෙහෙයුම්වල ප්‍රතිඵල ගැන මුළු රටම මාධ්‍ය ඔස්සේ දැනුවත් වී තිබෙනවා. අපේ ප්‍රධානම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලය මැඩ පැවැත්වීම සම්බන්ධයි. එවිට මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමත්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට මිලදී ගැනීමට නොහැකි වීමත් මත මේ උවදුර පාලනය කිරීමට හැකිවනවා. ඒ අනුව 4665 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් පොලිසිය විසින් සකස් කර තිබුණා. මෙහෙයුම් ආරම්භ කර සතියක් ඇතුළත ඒ අතරින් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වැටලීම් 12269ක් සිදුකර තිබෙනවා. මිලියන 700 කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සතු වාහන, ඉඩම්, රන් භාණ්ඩ,මුදල් ආදි වත්කම් මිලියන 294ක්‌ පමණදේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙපමණ දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කර තිබිදිත් මෙය මාධ්‍ය සංදර්ශනයක් බවට ඇතැම් කුහක, ඊර්ෂ්‍යාකාර පිරිස් ප්‍රකාශ කරනවා. ඇතැම් දේශපාලනඥයින් පවා එලෙස ප්‍රකාශ කරමින් මෙම මෙහෙයුම් හෑල්ලුවට ලක් කරනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා පවත්වන අයයි. ඒ තුළින් අපව අධෛර්යයට පත් කර මෙම මෙහෙයුම් නතර කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉටු කරමින් සිටිනවා. ඇතැම් ආගමික නායකයින් පවා එවැනි ප්‍රකාශ සිදු කරනවා.

මෙම කටයුතු සිදු කිරීමේදී බොහෝ බාධකවලට මුහුණ දීමටද සිදුවනවා. පුද්ගලික තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා. කවර ආකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවත් මේ අමාත්‍ය ධූරය කටයුතු කරන තුරු කිසිදු බලවතෙකුගේ බලපෑමකට යටත් නොවී මෙම කටයුත්ත සම්පූර්ණයෙන් මැඩ පවත්වන තුරු අඛණ්ඩව සිදුකරන බව ප්‍රකාශ කිරීමට මා කැමතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ජනාධිපතිතුමාද නිරන්තරයෙන් ලබා දෙනවා. අවශ්‍ය තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා.

මෙම දැවැන්ත මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන පොලිස් නිලධාරීන් දිරිමත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අප සියලු දෙනාගේම සහයෝගයෙන් සහ දායකත්වයෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම අපහසු ඉලක්කයක් නොවෙයි. සමස්ත ශ්‍රී ලංකාවේම පොලිස් නිලධාරීන් දැඩි කැපවීමකින් මේ කටයුත්තේ නිරතව සිටිනවා. රටේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මැඩ පැවැත්වීමේ වගකීම අපට පැවරෙනවා.

වැඩසටහන අමතමින් අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,
ලංකාව පුරා පවතින ග්‍රාම නිලධාරී වසම් 14000කට‍ අධික ප්‍රමාණයක මේ වන විට ප්‍රජා පොලිස් කමිටු ස්ථාපිත කර තිබෙනවා. එහි මූලිකම අපේක්ෂාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහයෝගය ලබාදීමයි. ඒ හරහා සෑම ගමකම පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු අප වෙත ලැබෙනවා. බාහිර පාර්ශවයන්ගෙන් ගමට ඇතුල් වන පිරිස් ගැන තොරතුරු ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වසර හතළිහකට වඩා පැරණි පොලිස් වාර්තා තිබෙනවා. ඒ කාලය තුළ ලක්ෂ ගණනක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය වර්ග රාශියක් රටේ සෑම ප්‍රදේශයකම පැතිර ගොස් තිබෙනවා. අවාසනාවන්ත ලෙස පාසල් පද්ධතියට පවා එය ඇතුල් වී තිබෙනවා. එම නිසා සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වූ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩසටහනක් රටට අවශ්‍යයයි. ජනාධිපතිතුමාගෙන් සහ විෂය භාර අමාත්‍යතුමාගෙන් ලැබුණු උපදෙස් අනුව මේ පිළිබඳ විශේෂ වැඩසටහනක් අප විසින් සකස් කරනු ලැබුවා. ඒ අනුව දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කිරීම පිළිබඳ මේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. බුද්ධි අංශය මත්ද්‍රව්‍ය කාර්යාංශය ඇතුළු අංශ වල දායකත්වයෙන් ලංකා පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පිරිසගේ ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ඒ ඒ පොලිස් ස්ථානාධිපතිවරුන්ට තමන්ගේ ප්‍රදේශයට අදාල නාම ලේඛනයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වගකීම පැවරෙනවා. එලෙස අත්අඩංගුවට ගත් විශාල පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේ මෙහෙයුමත් සමග මේ වන විට ප්‍රාදේශ මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ විශාල හිඟයක් ඇතිව තිබෙනවා. ජනතාව මීට පෙර පොලිසියට චෝදනා කළේ මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් සිටියදී සුළු සුළු වැරදිකරුවන් පමණක් අත්අඩංගුවට ගන්නා බවයි. එක් දිනකදී දකුණු පළාතේ පමණක් ලක්ෂ 1300කට අධික දේපළ රාජසන්තක කිරීමට පියවර ගනු ලැබුවා. වාහන අති විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සියල්ල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ. අප එතැනින් නවතින්නේ නැහැ. වසර වසර හතළිහක් පුරා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ආ ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අප අසමත් වී තිබෙනවා. ස්ථිර වශයෙන්ම මේ මෙහෙයුම අවසානයේදී ශ්‍රී ලංකා පොලිසිය ලංකාවේ ළමා සහ තරුණ පරපුර විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය ජාවාරමේ දැවැන්තයින් අත්අඩංගුවට ගැනීම දක්වා රැගෙන යනවා. මෙය සාර්ථක කරගැනීමට නම් ජනතාවද පොලිසිය සමඟ අත්වැල් බැඳගත යුතුයි. ඉතාමත් ආරක්ෂිතව සහ රහසිගතව ජනතාවට තොරතුරු ලබාදිය හැකි දුරකථන ඇමතුම් ක්‍රමයක් අප හඳුන්වා දී තිබෙනවා. ලංකාව පුරා පාතාල සාමාජිකයින් 1091ක් පොලීසිය විසින් නම් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඉන් 135ක පමණ පිරිසක් බන්ධනාගාරය තුළ සිටියදී ද අපරාධ මෙහෙයවනවා.ඒ පිළිබඳ තොරතුරු ද අදාළ පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් වෙත මේ වන විට ලබාදී තිබෙනවා. සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බුද්ධි මගින් අපරාධකරුවන්ට සහාය දීම පිළිබඳ ක්‍රියාත්මක වීමටද කටයුතු කර තිබෙනවා. මේ වන විට විෂයභාර අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත ඉතිහාසයේ පළමුවරට කටුනායක ගුවන්තොටුපොල හරහා අපරාධ සිදුකර රටින් පලා යෑම පිළිබඳ විශේෂ විමර්ශනය කිරීමේ කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ජනාධිපතිතුමා අමාත්‍යතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ ඉහළම සහයෝගය සහ උපදේශකත්වය මත මෙම වැඩපිළිවෙළ සාර්ථකත්වය කරා ගෙන යෑමට අවශ්‍ය සියලූම දායකත්වය පොලිසිය ලබා දෙනවා. ඊට අවශ්‍ය රටේ නීති ගරුක යුක්ති ගරුක ජනතාවගේ සහයෝගය පමණයි.

එහිදී අදහස් දැක්වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා,

මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩලීමේ දීප ව්‍යාප්ත මෙම මෙහෙයුමේදී පොලිසියත් පුජා පොලිස් කමිටුව හා එක්ව විශේෂ කාර්ය බලකාය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන් බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් සංවිධානාත්මක කල්ලි විසින් සිදුකරන ලද අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවරම් මැඩ පැවැත්වීමට විශේෂ කාර්ය බලකාය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. දිවයිනේ සහ ඉන් බැහැරව සිට මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් ජනතාව භීතියට පත් කරමින් සිදුකල නීතිය හා සාමය බිඳ වැටෙන අකාරයේ ක්‍රියාවන් පාලනය කිරීම එහි ප්‍රධාන ඉලක්කයක්. එහිදී රටින් පිටත සිට මෙම අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අපරාධකරුවන් ජාත්‍යන්තර පොලිසියේ සහයෝගයද ලබා ගනිමින් අත්අඩංගුවට ගැනීමට මහජන ආරක්ෂාව විෂය භාර අමාත්‍යතුමා සහ වැඩබලන පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් සැලසුම් සකස් කර තිබෙනවා. ජනතාවගෙන් ලැබෙන ප්‍රජා පොලිස් සංවිධානවල දායකත්වය ද සමඟ රටේ නීති හා සාමය සුරක්ෂිත කරමින් සංවිධානාත්මක අපරාධ පාලනයට විශේෂ කාර්ය බලකායේ සුවිශේෂ දායකත්වය ඉදිරියට ද ලබාදීමට කටයුතු කරනවා.”
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය

SendShareShare
Previous Post

ජැක්සන් ඇන්තනි වගේ තවත් මාරක අනතුරක්! 4 දෙනෙක් බේරගන්න ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ හතේ එක මිනීමැරුමක්! කහවත්තේ තවත් එකක්! ‌දේපොළ හෙණයක් වෙච්ච අපේ අම්මලා! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.