• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසියෙම මුළු රටටම හදිසි ආපදාවක් දැනුම් දීමේ ක්‍රමයක් ජනාධිපති ආරම්භ කළේ ඇයි? PHOTOS I Sri Lanka Latest News

December 19, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
හදිසියෙම මුළු රටටම හදිසි ආපදාවක් දැනුම් දීමේ ක්‍රමයක් ජනාධිපති ආරම්භ කළේ ඇයි? PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. (Sri Lanka Latest News)

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් එස්. රණසිංහ මහතා හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මධුශංක දිසානායක මහතා විසින් අත්සන් තබන ලද අතර පාර්ශ්වකරුවන් ලෙස ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ, භාරති එයාර්ටෙල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා, මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සුමිත්‍ර ගුප්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම නොයෙකුත් හේතූන් මත සිදුවන ආපදා සඳහා නිසි පෙර සූදානමකින් යුතුව කටයුතු සිදු කිරීම තුළ ආපදා මඟින් සිදුවන ජීවිත සහ දේපල අනතුරු අවම කර ගත හැකි වේ. ඒ අනුව නව තාක්ෂණය යොදා ගනිමින් දුරකථන සන්නිවේදන ජාල හරහා පූර්ව අනතුරු ඇගවීම සිදු කිරීම වඩාත් ඵලදායී කාර්යක් ලෙස හදුන්වා දිය හැක.

ඒ අනුව විශේෂයෙන් සුනාමි ආපදාවන්ට අදාලව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය එළිදක්වා තිබෙන අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් තුල සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ මෙන්ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයින්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැට දහසකට (60,000) ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “Ring Tone” නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි මෙය සැලසුම් කර ඇත.

විශේෂයෙන් රාත්‍රී කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාද වීම තුළ වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණයක් මෙමඟින් ස්ථාපිත කර ගත හැකි වනු ඇත.

මෙම ක්‍රමවේදය 2023 දෙසැම්බර් 26 වන දිනට යෙදෙන “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව ජනගත කිරීමට නියමිතය.

එමෙන්ම මෙම ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරමින් නාය යාම් සහ ගං වතුර ආපදා තත්වයන් වලදී මහජනතාව වෙත මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය ව්‍යාප්ත කිරීම මගින් බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ලෙසද ඉදිරියේදී මෙය දියත් කිරීමට අපේක්ෂා කෙරේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන බ්‍රිගේඩියර් ටී.සී. හරස්ගම, ප්‍රදීප් කොඩිප්පිලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

අර්ජුන රණතුංග අරගලයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනවාරියේ ලයිට් බිල අඩු කරනවා! ඇමැති කංචනගෙන් අද විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.