රනිල් වික්‍රමසිංහ ලබන ජනපතිවරණයෙන් ඡන්ද ලක්ෂ සීයක් ගෙන ජනපති පුටුවේ වාඩිවෙන බව තමා ප්‍රකාශ කළේ විහිළුවට හෝ ආවට ගියාට නොව ඔහු යන ගමන ගැන පැහැදිලි දැක්මකින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. Sri Lanka Latest News
ජනාධිපති රනිල් හුදෙක් දේශපාලකයකුට එහා ගිය ආර්ථික විශේෂඥයකු නිසා ලබන අප්‍රේල් වන විට රට තිබිය යුතු තැන ගැන පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන බව කී අබේවර්ධන මහතා රනිල් නැවත ජනාධිපති පුටුවේ වාඩි වන්නේ මෙතෙක් ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයකු නොලැබූ තරම් ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන යැයි සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
“දැන් තිබෙන විපක්ෂයත් අපේ” යැයි කී එජාප සභාපතිවරයා අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් විරුද්ධ පක්ෂයක් තිබෙන්නේ යැයි ද මැතිවරණයකදී ඇත්ත විරුද්ධ පක්ෂය ජනතාව විසින් තෝරා ගනු ඇතැයිද කීය.
අවසාන මොහොතේ සියලු දේශපාලන පක්ෂ එක තැනකට පැමිණෙනු ඇතැයි ද අබේවර්ධන මහතා සඳහන් කළේය.










