• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෝර්ටන් තැන්නේ දියතලාවේ ගිය ජනපති බදුල්ලට ඇවිත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
හෝර්ටන් තැන්නේ දියතලාවේ ගිය ජනපති බදුල්ලට ඇවිත්  විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් කැඳවයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය වහා වළක්වා නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

එසේම දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කරන ලෙස අදාළ ආයතනවලට ලිඛිතව දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද විමසා සිටි ජනාධිපතිවරයා ඉදිරියේදි ආපදාවට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නේය.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් මෙහිදී කරුණු ඉදිරිපත් කළ අතර වතු සමාගම්වලින් ඉඩම් නීත්‍යානුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති බාධා පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි. ඒ පිළිබඳ වැවිලි සමාගම් සමඟ සාකච්ඡා කර එම කටයුතු කඩිනමින් නිම කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටී මෙම සාකච්ඡාවේදී දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, ප්‍රවාහන ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඇතැම් ගැටළුවලට එම අවස්ථාවේම විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
එසේම බදුල්ල දිස්ත්‍රික්කය තුළ 2024 දී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සැලසුම් පිළිබඳවද මෙහිදී විමසා බැලිනි.

ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබාදෙන බවත් කඳුරට සංවර්ධන වැඩසටහන, අමාත්‍යාංශවලට වෙන් කර ඇති මුදල්, පළාත් සභාවලට ලබා දෙන මුදල් මෙන්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට ලැබෙන මුදල් යන සියල්ල එක් කරගනිමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබාදී සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට එමගින් හැකියාව ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා ලබන වසරේ ජූලි මාසය වන විට එම කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
අද සෙනසුරාදා දිනයක් වුවත් මෙම සාකච්ඡාවට එක්වීම පිළිබඳ මම පළමුව ඔබ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. වසර 03ක් අපේ රටේ සංවර්ධනයක් සිදු වුණේ නැහැ. මහාමාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාර්ථකවීමත් සමග අපට අතරමග නැවතුන එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රමානුකූලව ආරම්භ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ වගේම අපේ ණය හිමියන් වන පැරිස් සමාජය සහ ඉන්දියාව වගේම චීනය අපේ යෝජනා පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡා ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලැබී තිබෙනවා. එම පිළිගැනීම නිසා අපට නැවත විදේශ ආධාර හිමි වෙනවා. ඒ අනුව අපට කඩිනමින් ආරම්භ කළ හැකි ව්‍යාපෘති පිළිබඳ ලබන වසරේ මුල් මාස කිහිපය තුළ දැනුම් දීමට අපේක්ෂා කරනවා.

ඒ වගේම සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් 2024 අයවැයෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. ආදායම් බදු අය කරගනිමින් මෙම මුදල් එක් කිරීමට සිදු වුණා. රටට සංවර්ධනයක් අවශ්‍යයි. ඒ නිසා අපි මෙම ව්‍යාපෘති ආරම්භ කළයුතුයි. ඒ වගේම කැපවීමෙන් මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. මෙම සියලු ව්‍යාපෘති එක් වසරකින් ආරම්භ කළ නොහැකි වුවත් ක්‍රමයෙන් ඒවා ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා. එහිදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු ව්‍යාපෘති හඳුනාගත යුතුයි.

අපි ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා. දිස්ත්‍රික්කවල තිබෙන ආසන සංඛ්‍යාව අනුව එම ප්‍රතිපාදන ලබා දෙනවා. ඊට අමතරව කඳුරට වැඩසටහන ආරම්භ කර තිබෙනවා. කඳුකරයේ කොන් වූ ගම්මාන රැසක් තිබෙනවා. එවන් ගම්මානවලට උපකාර කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මිලියන 10 බැගින් ලබා දෙනවා. එය ක්‍රමයෙන් වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අප පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා. එම මුදල්ද මීට එක්කර ගතයුතුයි. එවිට දිස්ත්‍රික්කයට ලැබෙන මුදල් ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඒ වගේම අමාත්‍යාංශ මට්ටමින් ප්‍රාග්ධන වියදම් ලෙස එක් එක් ව්‍යාපෘතිවලට මුදල් වෙන් කර තිබෙනවා. එම මුදල් ප්‍රමාණයත් මීට ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම විදේශ ආධාර මත ක්‍රියාත්මකවන ව්‍යාපෘතිවලට හිමිවන මුදලුත් මීට එක් කර ගන්නවා.

ඒ අනුව කඳුරට වැඩසටහන, අමාත්‍යාංශවලට වෙන් කරඇති මුදල්, පළාත් සභාවලට ලැබෙන මුදල්, මෙන්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට ලැබෙන මුදල් යන මේ සියල්ල එක් කර සෑම දිස්ත්‍රික්කයකටම ලබා දෙනවා. මෙම වැඩකටයුතු 2024 ජූලි මාසය වන විට ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර පළාත් මට්ටමින් එම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරු හා දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම නිලධාරින්ගෙන් එම කමිටුව සමන්විත වෙනවා. පළාත් සභා ව්‍යාපෘති ආණ්ඩුකාරවරයා මාර්ගයෙන් මෙන්ම මහා අණ්ඩුවේ ව්‍යාපෘති අදාළ ආයතන මාර්ගයෙන් ආරම්භ කිරිම අපේක්ෂාවයි. ඒ අනුව තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදු කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳ අදහස් එම කමිටුවලට ලබාදෙමින් එම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා.
ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ සඳහා පුද්ගලික අංශයද දායක කර ගන්නවා. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පුද්ගලික අංශය සමග කටයුතු කිරීමට එක් පුද්ගලයෙකු පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරිමට අප සැලසුම් කර තිබෙනවා.
එසේම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ඇති සියලුදෙනාට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මේ අයුරින් විශාල වැඩකොටසක් ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

මෙහිදී මතු කෙරුණු ගැටළු කිහිපයක් සහ ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු පහත පරිදි වේ.
ප්‍රශ්නය
ආපදාවන්ට ලක් වන නිවාස හා ගොඩනැගිලි සඳහා ලබා දෙන වන්දි මුදල වැඩි කර ගැනීම පිළිබඳව මීට පෙරත් කිහිප අවස්ථාවකම අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපතිතුමනි, ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ගයක් තිබෙනවාද ?
පිළිතුර
වන්දි මුදල වැඩි කිරීම සම්බන්ධව ගැටළු තිබෙනවා. ලබන අවුරුද්දේ නොහැකි වුනත් ඊළඟ අවුරුදු කීපයේදී එය වැඩි කළ හැකි යැයි මම විශ්වාස කරනවා. කෙසේ වුවත් අලුත් සැලැස්මක් අපට අවශ්‍ය වෙනවා. මෙහිදී තවත් කාරණයක් කිව යුතුයි. මේ නිවාස සැලැස්ම අනුමත කරන්නේ කවුද ? මෙහෙම තවදුරටත් සිදු වුනොත් නගර සභාවට මෙන්ම ඒ සම්බන්ධව ක්‍රියා කරන නිලධාරියට විරුද්ධව ක්‍රියා කිරීමට සිදු වෙනවා. මෙම ඉදිකිරීම් කඩා වැටුණොත් නගර සභාවේ මුදල්වලින් ගෙවීමට සිදු වෙනවා. ඉදිකිරීම් සම්බන්ධව සැලසුම් අනුමත කරනවා නම් ඊට අදාළ නිර්ණායකන් ලිඛිතව ලබා දී ඒ අනුව කටයුතු කළ යුතුයි. හිතුමතේට එම කටයුතු සිදු කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි.
මම හෝට්න් තැන්න ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී ඔහියට උඩින් ‘ගෙස්ට් හවුස්’ ගණනාවක් ඉදිකර තිබෙනවා දුටුවා. ඒවා හදලා තිබෙන්නේ ඔය අසළයි. ඔවුන් සියලු දෙනා ඔයෙන් වතුර ගන්නවා නම් පහළට වතුර එන්නේ නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කර දැනුම් දෙන තෙක් ඔහිය ප්‍රදේශයේ කිසිඳු ඉදිකිරීමක් කිරීමට අවසර නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

මේ ආකාරයට තව දුරටත් කටයුතු කළොත් ඉහළ පෙළේ සංචාරකයින් මේ ප්‍රදේශවලට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම මෙයින් සිදු වන තවත් හානියක් වන්නේ ඔහියෙ තිබෙන ජලය ඉහළට ලබා ගැනීමෙන් නගරයටත් ඉන් පහළ ප්‍රදේශයටත් ජලය නොලැබීමයි. ඒ නිසා බොරලන්දෙන් ඉහළ ප්‍රදේශයේ ඉදිකිරීම්වලට අවසර නොදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. බ්ලැක්පූල් ප්‍රදේශයේත් මෙවැනි අවිධිමත් ඉදිකිරීම් නිසා එම ප්‍රදේශය විනාශ වී තිබෙනවා.
ප්‍රශ්නය
උමා ඔය ව්‍යාපෘතිය නිසා බදුල්ල ජනතාව මුහුණ දෙන ගැටළු තවමත් විසඳී නැහැ. ජනාධිපතිතුමනි ඒ සම්බන්ධයෙන් යම්කිසි පියවරක් ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා
පිළිතුර-
උමා ඔය ව්‍යාපෘතිය නිසා බදුල්ල දිස්ත්‍රික්කයට වන බලපෑම පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් කළ යුතු වෙනවා. උමා ඔය ව්‍යාපෘතිය ගෙනාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ. ඊට පස්සේ ප්‍රශ්න ගණනාවක් නිසා අප එය ප්‍රතික්ෂේප කළා. උමා ඔය මහවැලිය සැලැස්ම අනුව ගෙන යන ලෙස උපදෙස් දුන්නා. බිං ගෙය නිසා ඇති වන ගැටළු ගණනාවක් ඒ කාලේ ඉදිරිපත් කර තිබුණා. මෙම ගැටළුවලට සම්පූර්ණ විසඳුම් ලබා ගැනීමට නම් මුලින් කී පරිදි බදුල්ල දිස්ත්‍රික්කය පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් කළ යුතුයි.
ප්‍රශ්නය
උමා ඔය නිසා හානි වූ දික්අරාව ඉඩමේ අභ්‍යන්තර මාර්ග හා කාණු පද්ධතිය නිසි ලෙස සකස් කිරීම කඩිනම් කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
පිළිතුර-
රට මුහුණ පෑ ආර්ථික අර්බුදය හමුවේ I Road ව්‍යාපෘතිය නවත්තන්න අපට සිදු වුණා. දැන් අපි එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට සූදානම් වී සිටිනවා. ඒ අනුව එවැනි ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර අදාළ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, හරින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, අරවින්ද කුමාර්, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්. බුද්ධදාස යන මහත්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයන් ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-16

SendShareShare
Previous Post

සජිත් බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලයට එක්වෙයි! දේශපාලන බොරු පොරොන්දු නෑ! ලොසිංජර උත්තර නෑ! රැවටිලි නෑ! ඇන්දවිලි නෑ! සජබ ආණ්ඩුවක් යටතේ තරුණයන් සවිබලගන්වන දැවැන්ත වැඩසටහන ගැන තරුණ තරුණියන් දැනුවත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජංගම දුරකතනවලටත් 18%ක වැට් එක ගහලා! හොරෙන් ෆෝන් ගේන අය 65%ක් ඉන්නවා! හරියට ගේන්නේ 35%යි! මේ වැට් එකෙන් හොරෙන් ෆෝන් ගේන එක තවත් වැඩිවෙනවා! ආණ්ඩුවට දැනට ලැබෙන බදුත් නැතිවෙනවා! අනෙක හොර ෆෝන් වැඩිවෙද්දි ඒක ජාතික ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.