• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

4 දෙනෙක්ගෙ පවුලකට මාසෙකට 40,000ක වියදමක්! Sri Lanka Latest News

December 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
4 දෙනෙක්ගෙ පවුලකට මාසෙකට 40,000ක වියදමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන වසරේ සිට බදු බර ඉහළ යැවීම නිසා මධ්‍යමපාන්තික මෙන්ම සියලු ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වීම වැළැක්විය නොහැකි බවත්, හතර දෙනකුගෙන් යුත් පවුලකට වක්‍ර බදු බර රුපියල් හතළිස් දහස දක්වා මාසිකව ඉහළ යන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

2024දී රජයේ අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,820ක් බවත්, ඒ තුළ වක්‍ර බදු මගින් රුපියල් බිලියන 2,740ක් අපේක්ෂා කරන බවත් පෙන්වා දී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් හතළිස් දහසකට ආසන්න මාසික වක්‍ර බදු ගෙවීමක් අපේක්ෂා කරන බව සඳහන්ය.
2023දී රජයේ වක්‍ර බදු අපේක්ෂිත මට්ටම වූයේ රුපියල් බිලියන 1,733කි. ඒ අනුව සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලකට ගෙවීමට සිදුවන වක්‍ර බදු ප්‍රමාණය වූයේ රුපියල් 25,320කි.

මේ අනුව 2023ට සාපේක්ෂව 2024 වසරේ සාමාන්‍යයෙන් හතර දෙනකුගෙන් යුත් පවුලකට මාසිකව ගෙවීමට සිදුවන වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 14,700ක් දක්වා සැලකිය යුතු ඉහළ යෑමක් අපේක්ෂා කරනු ලබයි.

රජය රුපියල් දස දහසක මාසික දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබාදීමට අපේක්ෂා කරනු ලැබුවත් එයට වඩා වැඩි මුදලක් පුද්ගලයන්ගෙන් වක්‍ර බදු ලෙස අයකර ගැනීමක් මේ තුළ සිදුවිය හැකි බව මහාචාර්යවරයා පැවැසීය.

මේ අනුව ඉදිරි වසර තුළදී රටේ අන්ත දුගී පවුල් පවා විශාල වක්‍ර බදු ප්‍රමාණයකට යටත් වන බව පෙන්නුම් කෙරේ.

මේ වන විටත් දැඩි ආර්ථික පීඩාවකින් ජීවත් වන සාමාන්‍ය ජනතාව මෙන්ම කුඩා ළමුන් වැඩිහිටියන් ආදී සියලු දෙනාම අනිවාර්යයෙන් මිලදී ගන්නා භාණ්ඩ සහ සේවාවල මිල ලබන වසරේ සැලකිය යුතු ලෙස ඉහළ යෑමකට ලක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය තුළ රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම මධ්‍යමපාන්තික පවුල්වල ජන ජීවිතය කඩාවැටීමකට ලක්වීමටත් අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අංශ විශාල ලෙස පිරිහීමට ලක්වීමටත්, ග්‍රාමීය කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, සත්ව නිෂ්පාදන ඇතුළු ආර්ථිකයේ සියලු අංශවල කඩාවැටීමක් ලක්විය හැකි බවද මහාචාර්ය අතුකෝරල මහතා සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රනිල්-සජිත් පාර්ලිමේන්තු ගැටුමේ හොඳම ටික කෑල්ලෙන් කෑල්ල එළියට එයි! මේ හතරවැනි කොටස! කයිවාරු කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

හිඟන්නන්ගේ හදිසි වැඩිවීමක්! Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper