මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකකට ආසන්න උසකින් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අද (16) උදෑසන සිට එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවන කටයුතු නවතා දැමීමට කටයුතු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
එබැවින් එම මාර්ගය භාවිත කරන ජනතාව ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.










