මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට ඉකුත් අප්‍රේල් 21 පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ද මෙම පුද්ගලයා විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.










