• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවැනි වාරිකය ලැබුණා! නවත්තලා තිබ්බ සංවර්ධන ව්‍යාපෘති 200ක් ආපහු පටන් ගන්නවා! I Sri Lanka Latest News

December 15, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මේක අවසන් ‌නම් ලිස්ට් එක නෙමෙයි! නම් නැති ඔක්කොම ජුලි 10ට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමට හැකි වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ආදායම සහ වියදම කළමණාකරණයට අවශ්‍ය පසුබිම මෙවර අයවැය තුළින් සකසා ඇති බව ද සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ ආර්ථිකය පවතින්නේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලින් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබූ බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 රාජ්‍ය අයවැය සම්මත කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දෙවැනි වාරිකය නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව අප බලාපොරොත්තු වූ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර් මිලියන 337ක් අපට ලැබීමට නියමිතයි. ඒ සමඟම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද මීට පෙර එකඟ වූ වාරික නිදහස් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයට නොහැකි වනු ඇති බවට විපක්ෂය ජනතාව තුළ චකිතයක් ඇති කර තිබුණා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා නම් අප බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට යාමට නොහැකි වෙනවා. මේ සියල්ල සාර්ථක වීම තුළ තවදුරටත් රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මීට මාස කිහිපයකට පෙර අපේ රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබුණා. එදා සහ අද පවතින ආර්ථික තත්ත්වය දෙස බැලීමේදී මෙම සාර්ථකත්වය ඇති කර ගැනීමට උපකාර කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එම වැඩපිළිවෙළ හැරෙන්නට රටක් ලෙස ආර්ථිකමය වශයෙන් නැඟී සිටීමට වෙනත් කිසිදු අවකාශයක් අපට තිබුණේ නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙරට ණය හිමියන් සහ අනිකුත් බහුපාර්ශ්වීය මූල්‍ය පහසුකම් සලසන ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් ඉතා වැදගත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය රාමුව තුළ ශ්‍රී ලංකාව කොතෙක් දුරට කාර්යක්ෂමද, කැපවීම් කරනවාද කියන කරුණු එහිදී ඉතා වැදගත්.

වගකිව යුතු රජයක් ලෙස ජනතාව මුහුණ දෙන අසීරුතා අවතක්සේරු කරමින් කටයුතු කිරීමට අප සූදානම් නැහැ. නමුත‌් මෙවැනි තීන්දු තීරණ නොගත්තා නම් පසුගිය ආර්ථික අර්බුදයට වඩා දරුණු තත්ත්වයකට අපට ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙනවා.

මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට මෙම කෙටි කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් නායකත්වය ඉතා වැදගත් වූ බව කිව යුතුයි. රජයේ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ ජනතාව අපහසුවෙන් වුව ද කටයුතු කළ බව අප කෘතවේදීව සිහිපත් කළයුතුයි.

පාර්ලිමේන්තුවේදී අයවැය ලේඛනය සම්මත වීමට සමගාමීව රාජ්‍ය ආදායම ද ඉහළ නංවා ගැනීම සම්බන්ධවත් අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රාජ්‍ය ආදායම, වියදමට සරිලන ලෙස සකස් වී නොතිබීම ගැටලුකාරී තත්ත්වයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළින් දැඩි විවේචන එල්ල වී තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය පවතින්නේ දේශපාලන වශයෙන් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව කිවයුතුයි. අතීතයට බැන වඳිමින්, විවේචන කළ පමණින් අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකියි. රජය ගන්නා තීන්දු තීරණවලට විපක්ෂ කණ්ඩායම් විරුද්ධ වුණේ තම ජනප්‍රියතාව උදෙසා පමණයි. ජනප්‍රියතාව වෙනුවෙන් තවදුරටත් බංකොළොත් රටක් ලෙස ඉදිරියට යනවාද, මෙම ලබාගත් පන්නරය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා ද කියන කාරණය පිළිබඳ තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකළහොත් රජය බලාපොරොත්තු වන රාජ්‍ය ආදායම ලබා ගන්න බැහැ. පැවති රජයන් බදු පතිපත්තිය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම අද රට පත්ව ඇති අසීරුතාවට මූලික හේතුවක් බව කිවයුතුයි.

ජනාධිපතිතුමා පසුගිය වසරේ අතුරු අයවැය තුළින් බදු ජාලය ශක්තිමත් කිරීමට යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් එය බලාපොරොත්තු වූ මට්ටමින් ක්‍රියාත්මක නොවූ නිසා තමයි සෘජුවම මෙවර අයවැය තුළින් බදු ජාලය පුළුල් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම, හා රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා.

එසේම විදේශ ණය ආධාර යටතේ ආරම්භක කර අතරමග වැඩ නැවතුණ ව්‍යාපෘති 200කට වැඩි ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් බවට පත් වූ නිසා ඒ සියලු ව්‍යාපෘති නතර වුණා. නමුත් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ වීමත් සමඟ මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. වර්තමානය වන විට සුබවාදී, ශක්තිමත් ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගමන් කරමින් සිටින බව කිවයුතුයි. එසේම ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රකෘතිමත් ආර්ථිකයක සුබවාදි ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙනවා.

දේශපාලන කෝණයකින් බලා රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි. විපක්ෂය කියන ලෙස මෙම කටයුතු ඉතා පහසුවෙන් ඉටු කරන්න බැහැ. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනඟන අන්දම පිළිබඳ ඔවුන්ට කිසිදු යෝජනාවක් ද නැහැ. අභියෝගකාරී අවස්ථාවේ රටේ වගකීම භාර නොගත් කණ්ඩායම් රට යම් ධනාත්මක තත්ත්වයකට පැමිණී අවස්ථාවේදී මෙලෙස විවේචන එල්ල කිරීම සාධාරණ නැහැ. ඒ වගේම සමීක්ෂණ ආයතන ද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සිය මතය ප්‍රකාශ කළ යුතුයි. මෙය රටේ තීරණාත්මක අවස්ථාවක්. අද විවිධ දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයට වැරදි තොරතුරු දිගින් දිගටම පළ කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද සඳහන් වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-12-14

SendShareShare
Previous Post

අවුරුදු 35ට අඩු 35%කට ප්‍රෙෂර්! 15%කට සීනි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව 60න් විශේෂඥ දොස්තරලා ගෙදර යවන්න තීන්දු කළත් අධිකරණය 63 වෙනකම් කල් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.