රජය විසින් යුනයිටඩ් සෝලා එනර්ජි ආයතනය උපයෝගී කර ගෙන පුනකරි වැවේ මතුපිට මෙගාවොට් 700ක සූර්යබලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් බවත් එම ව්‍යාපෘතිය පිටුපස තිබෙන සැඟවුණු තොරතුරු රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙම ව්‍යාපාතිය යටතේ පුනකරි වැවේ සිට නව කිලිනොච්චි ග්‍රිඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම සහ 100%ක බැටරි බලශක්ති ගබඩා ශක්තියක් සහිත මෙගාවොට් 700ක සූර්යබලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ සංකල්පයක් ලෙස සුබවාදී වුවත් විධිමත් විනිවිදභාවයෙන් යුක්ත ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්තියේ නාමයෙන් නිර්මාණය වූ තවත් විදුලි බල ක්ෂේත්‍රයේ ඉහළම ගණයේ මගඩියක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෙගාවොට් 700ක සූරිය බලශක්ති බලාගාරයත් 100%ක බැටරි ගබඩා ශක්තියක් සහිත සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරිමේ වගකීමත් බාර දී ඇත්තේ කැබිනට් අනුමැතියකින් යුනයිටඩ් සෝලා එනර්ජි යන ආයතනයට බවත් මෙම ආයතනය සෝලා පැනල් බෙදා හැරීම සහ එහි නියෝජිත ක්‍රියාකාරකම් පමණක් සිදු කරන බවත් මේ ආයතනයට කිසිදු ගොඩබිම සහ පාවෙන සූර්යබලශක්ති බලාගාර නිර්මාණය කළ පළපුරුද්දක් ලෝකෙ කිසිම රටක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අත්දැකීමක් පළපුරුද්දක් නැති සමාගමක් මේක
එසේම ඔස්ට්‍රේලියාවේ ඇති මෙම ආයතනය කිසිදු ආකාරයට බැටර් ගබඩා කිරීමේ ව්‍යාපෘතියක් සිදු කර නොමැති බවත් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස් ලෑන්ඩ් හි ඇති මෙගාවොට් 400ක විශාලතම සූර්ය බලශක්ති බලාගාරය ඇති නමුත් මෙය ප්‍රංශ ආයතනයක් ඇ. ඩොලර් මිලියන 414ක් ආයෝජනය කර සම්පූර්ණ කළ බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ කිසිදු පළපුරුද්දක් නොමැති යුනයිටඩ් සෝලා ආයතනය මෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක් ස්ථාපිත කිරීමට රජය ලබා දී ඇති බවත් ය.
එසේ ම ඔස්ට්‍රේලියාවේ ඇති බැටර් ගබඩා පහසුකම වන්නේ ගිගාවොට් පැය 1ක් වුවත් යුනයිටඩ් සෝලා එනර්ජි ආයතනය විසින් ලංකාවේ ගිගාවොට් 1.5ක බැටර් ගබඩා පද්ධතියක් සකස් කරන්න අපේක්ෂා කරන බවත් වොට් 700 පැනල් දශලක්ෂයක් උපයෝගී කර ගත හොත් මෙගාවොට් 700ක් උත්පාදනය කළ හැකි බවත් ඒ සඳහා අවම වශයෙන් අක්කර 782ක් අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට තෝරා ගෙන ඇති මෙම ආයතනයට මහාපරිමාණ ව්‍යාපෘතියක් කිරීමේ කිසිදු අත්දැකීමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
ලංකාවේ ඉඩම් පැහැර ගැනීමේ සැලසුමක්දැයි සැකයක්
සූර්ය පැනලයක ආයු කාලය වසර 25ක් වුවත් ව්‍යාපෘතියේ ආයු කාලය ලෙස තක්සේරු කර ඇත්තේ වසර 35ක් බවත් එසේ වැඩිපුර වසර 10ක් ඉල්ලා ඇත්තේ මේ ව්‍යාපෘතියෙන් පසු තවත් වසර 10ක් අප රටේ ඉඩම් අක්කර 782ක් භූක්ති විදීමට ද කියා සැක සහිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සුදුසුකම් නැති අධ්‍යක්ෂ මණ්ඩලයක් ඇති ආයතනයක්
තවද මෙම ආයතනයේ ප්‍රධානියා ලෙස රිචර්ඩ් වාගාස් කියන පුද්ගලයා සිටින බවත් ඔහු සුර්ය පැනල බෙදා හරින්නෙක් බවත් ඊට අමතර මෙහි ගණකාධිකාරවරයා ලෙස තංගල්ලේ සුජීව නිශාන්ත නැමැති අයකුත් කෙරෝ තිලකරත්න නැමැති අයකු මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියත් එම පුද්ගලයා වික්ටෝරියාවල දේපල වෙළදාම්කරුවකු බවත් ඇලෙක්ස් චන්ද්‍රසිරි නැමැති සෙසු අධ්‍යක්ෂ වරයා වික්ටෝරියාවල හෝටලයක ආහාර සම්බන්ධ මැනේජර්වරයකු බවත් ශාන් බාලසූරිය නැමැති සෙසු පුද්ගලයා වික්ටෝරියාවල සිටින වෙබ් නිර්මාණශිල්පියකු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
තරගකාරී ක්‍රමවේදය තුළ මෙය සිදුවිය යුතු වුවත් නම් කළ සමාගමක් මෙවැනි මහාපරිමාණ ව්‍යාපෘතියක් සිදු කළ නොහැකි බවත් ජනාධිපතිවරයාත් විෂයබාර අමාත්‍යවරයාත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ බවත් මෙවැනි අත්දැකීමක් නොමැති ආයතනයකට එය ලබා දීම තුළ එම අවසර පත්‍රය වෙනත් සමාගමකට විකිණීමේ තත්ත්වයක් නිර්මාණය වේද යන්න සැකයක් මතුවන බවත් මෙවැනි අන්ත දුෂිත ගිවිසුම්වලට කැබිනට් මණ්ඩලයත් අනුමැතිය ලබා දීම නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේක තනිකරම දූෂිත ගනුදෙනුවක්
2022 අංක 16 දරණ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත ගෙන ආ අවස්ථාවේ මෙගාවොට් 10න් ඔබ්බට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට අනිවාර්යෙන් ටෙන්ඩර් ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු බවට විපක්ෂය යෝජනා කළත් රජය එය ප්‍රතික්ෂේප කරන බවත් මේ ගනුදෙනුව තුළ එසේ ප්‍රතික්ෂේප කළේ ඇයි ද කියා ඔප්පු වී ඇති බවත් රජයේ මෙවැනි දූෂිත ක්‍රියාදාමයන්ට අප්‍රසාදය පළ කරන බවත් මේ සඳහා ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බංකොලොත් රටේ දූෂණය වංචාව හොරකම වැළැක්වීම පරාජය කිරීම සමගි ජන බලවේගයේ අභිප්‍රාය නිසා මෙම හෙළිදරව්ව විශේෂයෙන්ම සිදු කරන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.










