වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය අද (12) පැවසුවාය.Sri Lanka Latest News
ආණ්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමට නම් ව්‍යාපාරිවලට සහයෝගය දැක්විය යුතු බවත් ආන්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් පමණක් බදු ගැනීමට උත්සහ කරන්නේ නම් බදුගෙවන්නේ කෙසේද යන ගැටලුව මතු වන බවත් ඇය පැවසුවාය.
මෙරට නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන්ට අළෙවි කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බව ද ටානියා අබේසුන්දර මහත්මිය වැඩි දුරටත් කීවාය.
ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය.










