ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස දහ අටක කාලයක් රදවාගෙන සිටි අහ්නාෆ් ජාසීම් නම් තරුණ කවියා, ඔහුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබේ.Sri Lanka Latest News
අහ්නාෆ් ජාසීම් අත්අඩංගුවට ගෙන තිබුණේ 2020 වසරේ මැයි මාසයේ දී ය.
ඒ, ඔහුගේ කවි අන්තවාදය ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමිනි.
මාස දහ නමයක කාලයක් රදවාගෙන සිටීමෙන් පසුව, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී දැඩි ඇප කොන්දේසි යටතේ ඔහු මුදා හැර තිබුණි.
ඔහුට පෙර අත්අඩංගුවට ගෙන සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තමන්ට බලකල බව ඇප ලබා පැමිණි අහ්නාෆ් ජාසීම් පසුව ප්‍රකාශ කලේ ය.
කෙසේ වෙතත්, අහ්නාෆ් ජාසීම් නම් තරුණ කවියාට එරෙහිව පනවා තිබුණු නඩුවෙන් මේ වන විට ඔහු නිදොස්කොට නිදහස් කර තිබේ.










