• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විගණන වාර්තාවේ-මහින්ද පත්කරපු හරිගුප්තා කමිටු වාර්තාවේ-අල්ලස් කොමිසමේ කිසිම චෝදනාවක් නෑ! සජිත්ට ගහපු පචේ පච වේ! I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
විගණන වාර්තාවේ-මහින්ද පත්කරපු හරිගුප්තා කමිටු වාර්තාවේ-අල්ලස් කොමිසමේ කිසිම චෝදනාවක් නෑ! සජිත්ට ගහපු පචේ පච වේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් ආයතනය තුළ මහාපරිමාණ වංචා දූෂණ සිදුව ඇති බවට සාක්ෂි සහිතව සියලු තොරතුරු රටට හෙළිදරව් කිරීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තු සභාගැබේදී මුහුණට මුහුණ ගැටී ඍජුව පිළිතුරු ලබාදීම සහ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කරනු ලැබූ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන රටම කතාකළ සිදුවීම් තුනෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කිරීමටත්, ඒ සඳහා මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලබාදීමටත් ගෙන ඇති ආකාරයත් දැකගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් විසින් සංස්කෘතික අරමුදල තුළ විශාල මුදල් අවභාවිතයක් සිදුව ඇති බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් ඊට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කොට සිටියේ ඉකුත් ජනාධිපතිවරණ සමයේ මෙන්ම ජනාධිපතිවරණයෙන් පසුවත් තමන් ඉලක්ක කොට මෙම අසත්‍ය ප්‍රචාරය ගෙන යෑමට ආණ්ඩුවේ පිරිස් පියවර ගත් නමුත් ඊට අදාළව සිදුකෙරුණු සියලු විමර්ශනවලින් තමන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවකි. එම සියලු විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද විපක්ෂ නායකවරයා පියවර ගෙන තිබිණි.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සංස්කෘතික අරමුදලේ දූෂණ වංචා අක්‍රමිකතා සෙවීමට හරිගුප්තා රෝහණධීර, ගෝඨාභය ජයරත්න සහ ගාමිණී සරත් එදිරිසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, ඔවුන් විසින් වාර්තාවක් ඉදිරිපත් කළද ඊට ඒ කිසිවකුත් අස්සන් කොට නොමැති බවත්ය.

පසුව මෙම අස්සන් නොකළ වාර්තාව පදනම් කරගෙන තමාට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් දැමූ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා අල්ලස් කොමිසම එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු නොමැති බැවින් ඉදිරි කටයුතු නොකරන බව දැනුම් දී ඇති බවත් කියා සිටියේය. ඊට අදාළව අල්ලස් කොමිසම මගින් නිකුත් කළ ලිපියද මෙහිදී විපක්ෂ නායකවරයා සභාගත කළේය.

පහත දැක්වෙන්නේ එම ලිපියය.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
ලේකම්,
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
08 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටු වාර්තාව
උක්ත කාර්යයන් මෙම කොමිෂන් සභාව වෙත යොමුකරන ලද මගේ සමාංක හා 2022-09-15 දිනැති ලිපිය හා බැඳේ.

  1. එමගින් විමසීම් කර ඇති බීසී/1528/2014 දරන ගොනුව සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණ නොවුණු බැවින්, මේ සම්බන්ධ ඉදිරි කටයුතු නොකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.
    කොමිෂන් සභාවේ නියෝගය පරිදි

අප්සරා කල්දේරා
ලේකම්

අල්ලස් කොමිසම මෙම ප්‍රකාශය නිකුත් කිරීමෙන් අනතුරුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික පරිපාලන නිලධාරී ඩබ්.ජී. ගුණපාල සහ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශ්‍රාමික නිලධාරී එම්.බී. වීරකෝන් යනාදීන්ගේ මූලිකත්වයෙන් තවත් විමර්ශනයක් සිදුකළද එම වාර්තාව තුළද හිටපු සංස්කෘතික අමාත්‍යවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නගා නොමැති බවද කී විපක්ෂ නායකවරයා, ඒ හේතුවෙන් අදාළ වාර්තාව එළිනොදක්වා සිටින බවද කියා සිටියේය.

මීට අමතරව මේ සම්බන්ධයෙන් විගණන වාර්තාවක් පවා සකස් කොට ඇති බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදීද කිසිදු මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සටහනක් නොමැති බවද අවධාරණය කළේය.

ඒ අනුව මෙය සම්පූර්ණයෙන්ම තම චරිය ඝාතනය කිරීමට ගෙන යන සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාරයක් පමණක් බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට අදාළ සියලු ලිපි ලේඛන සභාගත කිරීමටද කටයුතු කළේය.

විපක්ෂ නායකවරයා ඉලක්ක කර එල්ල කරන මෙම සංවිධානාත්මක අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ ක්‍රිකට් වංචා පිළිබඳ තොරතුරු රටට හෙළිදරව් කොට ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය කිරීම, ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ ගැටීම හා රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට එරෙහිව ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒම යන කරුණු මුල්කරගෙන ආණ්ඩුව මෙසේ විපක්ෂ නායකවරයා ඉලක්ක කර අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවකි.

SendShareShare
Previous Post

සජිත්ට එරෙහිව මඩ වාර්තාවක් හදපු කව්ද මේ N V T ධම්මික? එයා ආවේ කොහෙන්ද? හිටියෙ මොන ‘යූනියන්’ එකේද? කව්ද පත්කළේ? විගණනය කරන්න තිබ්බ සුදුසුකම මොකද්ද? VRS එකෙන් ගෙදර ගිහින් ආපහු උසස්වීමක් එක්ක ආවේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

Next Post

මහඡන්දෙ ප්‍රතිඵල එනකොට දෙවෙනි අරගලය පටන් ගනීද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.