• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූ ටියුබ් ලංකාවේ පවුල් විනාශ කරයි I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තාත්තා කියන්නේ දුවකුගේ ජීවිතයේ ලොකුම වීරයා. විටෙක ජීවිතයේ හොඳම ආරක්ෂයා වන්නේද ඔහුයි. දරුවෙක් මේ ලෝකෙට ආවාම මුලින්ම ආදරෙන් තුරුළු කරගත් පිරිමියාත් ඔහුයි. වැටෙන හැම වෙලාවකම වැටෙන්න නොදී හැමදාම පිටිපස්සෙන් ඉන්න ශක්තිය වෙන්නෙත් තාත්තායි.(Sri Lanka Latest News)

දියණියක් හැම පිරිමියෙක් ගැනම හිතන්නේ තමන්ගේ තාත්තාගේ ගුණයහපත්කම්වල මිනුම් දණ්ඩෙනුයි. ඒ වගේම දියණියක් අනාගත සැමියා ලෙස තෝරාගන්නේත් තම පියාට සමාන ගුණයහපත්කම්වලින් පිරුණු කෙනෙක්. ජීවිතයේ කොයි තරම් අගහිඟකම් තිබුණත් තාත්තා ඒ කිසිවක් තම දරුවන්ට දැනෙන්න දෙන්නේ නැහැ. කකුල් ගෙවනකල් ඇවිදලා හරි මුදල් හොයලා තමන්ගේ දරුවන්ට කන්න බොන්න ගේනවා. ඒත් තමන්ගේ ලේවලින් උපන් දියණියගේ නිරුවත විකුණාගෙන කන්න තාත්තා කෙනෙකුට පුළුවන්ද?

වැල්ලව පොලිස් වසමට අයත් තල්විට බලගහගම ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග ප්‍රදීප් කුමාර නමැති පුද්ගලයා සිය බිරිය අතින් ඝාතනයට ලක්ව තිබුණේ තමන්ගේ ලෙයින් උපන් දියණියගේ නිරුවත අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට උත්සාහ දැරීම නිසයි.

38 හැවිරිදි දෙදරු පියෙක් වූ සුරංග ප්‍රදීප් නිතරම බිරිය සමග ආරවුල් ඇතිකරගෙන තිබුණේ තම 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූප ලබාදෙන ලෙස කරදර කිරීම හේතුවෙන්. ඔහුට අවශ්‍යව තිබුණේ දියණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ඇති අසභ්‍ය වෙබ් අඩවියකට අලෙවි කර විශාල මුදලක් උපයා ගැනීමට බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ඔහු සිය බිරියට නිතරම ඇවටිලි කර ඇත්තේ ඒ හරහා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත හැකි බවයි. පසුගිය 03 වැනිදාද ඔහු දියණියගේ ඡායාරූප ලබාදෙන ලෙස ඉල්ලා බිරිය සමග ආරවුලක් ඇතිකරගෙන ඇත. බිරිය ඊට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමග ඔහු ඇයට පවසා ඇත්තේ,

‘මේ පින්තූර ලංකාවේ අය බලන්නේ නැහැ. සුළු දෙයක්නේ කරන්න තියෙන්නේ. ලක්ෂ 06ක් හොයාගන්න පුළුවන්නේ…’ යනුවෙන්.

බිරිඳ තම 14 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුතා නිවසෙන් පිටතට දමා දොර වසන්නට වුණේ ඔහුගෙන් බේරිල්ලක් නැති තැනයි. එහෙත් එය මහා ගුටිබැට හුවමාරුවක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගතවූයේ නැහැ. අනතුරුව බිරිඳ විසින් ස්වාමියාගේ දෑස්වලට මිරිස් කුඩු ගසා ඇති අතර, තියුණු ආයුධයකින් ඔහුගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බව විමර්ශනවලදී හෙළිවුණා. තුවාල ලැබූ ප්‍රදීප්ව ප්‍රදේශවාසීන් විසින් දඹදෙණිය රෝහලට ඇතුළත් කළ අතර, පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඔහු මාරුකර යවා තිබුණා. නමුත් පහරදීමත් සමග සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් සුරංග ප්‍රදීප් ඒ වනවිට මියගොස් සිටි බවයි පැවැසෙන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්ථායක සහායකයකු ලෙස සේවය කළ පුද්ගලයෙක්. ඝාතනය සම්බන්ධයෙන් සැකකාර බිරිඳ වැල්ලව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය ඇඟලුම් කම්හල් සේවිකාවක් ලෙස කටයුතු කළ කාන්තාවක් බවද සඳහන්ය.

කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත වැල්ලව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

දියණියගේ නිරුවත් ඡායාරූප ලබාදෙන ලෙස මෙම පුද්ගලයා සිය බිරිඳට කරන බලපෑම ඇය මවක් විදියට කොහොම ඉවසාගෙන ඉන්න ඇතිද? තම කුසින් බිහිකළ දියණියගේ නිරුවත ලෝකයට විකුණන්නට ඉඩ දෙන්නේ මොන අම්මාද? මේ අම්මා අනේක වාරයක් තමන්ගේ දරුවා ගැන හිතන්නට ඇති. තාත්තා කෙනෙක් කියන්නේ දියණියකගේ ලෝකයේ රජුයි. ඒත් මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඒ දියණියත් කොයි තරම් පවක් කරලා තියෙන්න ඇතිද?

දෙවිවරු වගේ තාත්තලාත් මේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. එහෙම තාත්තලා ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. මේ තාත්තා යම්කිසි මානසික අසහනයකින් පෙළෙන්නට ඇති. ආර්ථික අගහිඟකම් ඔවුන්ට ඕනෑ තරම් තියෙන්නටත් ඇති. ඒ කොහොම වුණත් දියණියගේ නිරුවත විකුණා ජීවිතය ගැටගසා ගන්නට උත්සාහ දරනවා කියන්නේ නම් මහ පොළොව නුහුලන මහා පවුකාර වැඩක් බව නොකියාම බැහැ.

දරුවාගේ ගෞරවය මුදලට විකුණන්න ඒ තාත්තා උත්සාහ කළේ දරුවකුගේ ජීවිතයේ වටිනාකම ඔහු නොදන්නා නිසයි. අද බොහොමයක් මිනිස්සු මුදල් පසුපසම හඹායනවා. මනුස්සකම් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. සාරධර්ම කියන දේවල් බින්දුවටම පිරිහිලා. මිනිස්සුන්ගේ මනස් විකෘති කාමාශාවන්ගෙන් ඔද්දල් වෙලා. මවැනි පහත් ක්‍රියාවන් කරලා, තමන්ගේ දූදරුවන් හරි අම්මා තාත්තා හරි විකුණලා ජීවත් වෙන්න තමයි ඒ වගේ විකෘති මානසිකත්වයක් ඇති අය කල්පනා කරන්නේ. ඔවුන්ට හොඳ නරක ගැන, පින් පවු ගැන, සදාචාරය සභ්‍යත්වය ගැන කිසි හැඟීමක් නැහැ.

අතපය හතර හොඳට තියෙනවා නම් තමන්ගේ දරුවන් ජීවත් කරවන්න යහපත් රැකියාවක් හොයාගන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. ගිනි අව්වේ ඇවිදලා, ලොතරැයි විකුණන, රසකැවිලි විකුණන, මල්පෝච්චි විකුණන අප්‍රමාණ තාත්තලා අපිට ඕනෑ තරම් මුණගැහෙනවා. ඒ වගේ කැපකිරීමක්වත් කරන්නෙ නැතුව පහසුවෙන් මුදල් හොයාගන්න තමන්ගේ ලෙයින් උපන් දුවගේ නිරුවත විකණන්න හදන මේ වගේ පවුකාර තාත්තෙක් ගැන අහන්න ලැබීමත් අපේ රටට අපකීර්තියක්. පරාභව සූත්‍රයේ පවා සඳහන් කර තිබෙන්නේ කාටවත් හානියක්, කරදරයක් නොවන ධාර්මික ආකාරයට මුදල් උපයාගන්න කියලයි. එසේ නොමැතිව කටයුතු කරන පුද්ගලයන් බලා ඉද්දීම පරිහානියට පත්වෙනවා කියලත් ධර්මයේ සඳහන් වෙනවා.

ඒ කොහොම වුණත් මෙතැන දැන් ඝාතනයක් සිදුවෙලා ඉවරයි. මොන හේතුවෙන් සිදුකළත්, මිනීමැරුමක් සාධාරණීකරණය කරන්න අපට කවදාවත් බැහැ. නමුත් තමන්ගේ දියණියව ආරක්ෂා කිරීමයි මේ අම්මාගේ චේතනාව වුණේ. ඇයට ඒ අවස්ථාවේ හැටියට තමන්ගේ දරුවාට මෙවැනි අපරාධයක් සිදුවෙනවා දකින්න උහුලගන්න බැරිව යන්නට ඇති. ඒ වෙලාවේ ඇයට වෙන කරන්නට දෙයක් නොතිබෙන්නටත් ඇති. වෙන තාත්තලා තමන්ගේ දරුවාව රකින්නේ මැණිකක් වගේ. ඒත් මේ තාත්තා ඒ ගැන අබ මල් රේණුවක් තරම්වත් තැකුවේ නැහැ. මෙවැනි තාත්තලා සමාජයටම පිළිලයක්. මේ අම්මා නීතිය ඉදිරියේ වරදකාරියක් වේවි. නමුත් ඇගේ හෘද සාක්ෂිය ඇයට සමාව දෙනවා. ඇය පණ දෙවැනි කොට රැක්කේ තමන්ගේ දියණියවයි. නමට විතරක් තාත්තා නොවී ක්‍රියාවෙනුත් ගෞරවනීය තාත්තා කෙනෙක් වෙන්ත හැම පියෙක්ම හිතට ගන්නවා නම් මේ ලෝකේ මීට වඩා සුන්දර තැනක් වේවි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සිංහල බෞද්ධ රටේ මේ පාර බුද්ධාගමට ගිය කලදසාව! I Sri Lanka Latest News

Next Post

සජිත්ට එරෙහිව ඡන්ද කාලෙ මඩ ගහන්න අත්සනක් නොදාපු වාර්තාවක් හැදූ කව්ද මේ හරිගුප්තා රෝහණධීර? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.