කොරෝනා වැළදී ඇති බවට සැක කරන රෝගීන් දෙදෙනකුට ප්‍රතිකාර කිරීම සදහා හෝමාගම රෝහල රොබෝ යන්ත්‍රයක සහාය ගනිමින් සිටින බව වාර්තා වේ.
මෙම රොබෝ හට වාට්ටුවෙන් වාට්ටුවට ගොස් රෝගීන්ගේ තත්ත්වය වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැනුම් දීමේ හැකියාවත්, වෛද්‍ය උපදෙස් රෝගීන්ට දැනුම් දීමේ හැකියාවත් ඇති බව පැවසේ.
එමෙන්ම රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැතියාවත් මෙම රොබෝ හට පවතින බව දැනගන්නට තිබේ.
දේශීය ආයතනයක නිෂ්පාදනයක් වන මෙම රොබෝ රුපියල් මිලියනයක පමණ වියදමකින් නිපදවා ඇති බවත්, විදේශයකින් මිලදී ගන්නේ නම් ඊට මිලියන 5ක පමණ මුදලක් වැය වන බවත් දැනගන්නට තිබේ.










