සංජීව් ලොන්ලියෙස් ගයන ‘පිටකවරේ’ ගීතය මේ දිනවල ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයට ගත් ගීතයකි.Sri Lanka Latest News
අමු භාෂා විලාසයක් උපයෝගී කරගෙන සිදු කොට තිබූ පද රචනය සහ සරල සංගීත ශෛලිය හේතුවෙන් එම ගීය ඉතා ඉක්මනින් ජනතාව වැළදගත් ආකාරයක් දැකගත හැකි විය.
එම ගීතය පසුගියදා දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරග වේදිකාවේ අංජලී හේරත් විසින් ගායනා කරනු ලැබූ අතර එම ගීතය ඇයට ජයග්‍රහණය දක්වා රැගෙන යාමට සමත් වී තිබිණ.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සංජීව් ලොන්ලියෙස් සහ අංජලී හේරත් හට සුබ පැතීම සදහාත්, ඒ දෙදෙනා හට උපහාරයක් වීම සදහාත් මෙම ගීතය පියානෝවෙන් වාදනය කර සිය ෆේස්බුක් පිටුවට එකතු කිරීමට පියවර ගෙන තිබුණෙ මෙසේය.










