ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කොට ඇත.
එම පුද්ගලයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් බවත්, වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බවත් වාර්තා වේ.
මෙම ලාංකිකයා මිය ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බවද විදේශ සබදතා අමාත්‍යාංශය තහවුරු කොට ඇත.










