ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ.Sri Lanka Latest News
එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගෙන තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
තවද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ බැඳීම ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපතිවරයාට ආරාධනයක් සිදුකරමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාල වැඩසටහන සමග එක්වන ලෙසය.
ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටින අතර ඊට සමගාමීව මෙම හමුව සිදුවී ඇත.
රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ඊයේ (01) ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භ කෙරුණි.










