• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හොරු ඔක්කොම බේරෙනවා’ මිනිස්සු ඔක්කොම ඇන්දෙනවා I Sri Lanka Latest News

December 3, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හොරකම යනු නීතියට අනුව බරපතළ වරදකි. ධර්මයට අනුව බරපතළ පාපයකි. බෞද්ධාගමේ කියන්නේ සොරකමක් කෙරුවොත් පන්සිල් පදවලින් එකක් කැඩෙන බවය. කතෝලික දහමේ කියන්නේ හොරකම දස පනතට පටහැනි බවය. සමස්තයක්ව ගතහොත් හොරකම කොයි දහමට අනුව වුණත් හොඳ නැති බවය.(Sri Lanka Latest News)

හොරකමෙහිද යම් තරාතිරම් වේ. ලොකු සහ කුඩා යන ප්‍රමාණයන් වේ. සුප්‍රසිද්ධ මනුතාපය කතා පුවත මැවුණේ බඩගින්න නිසා හොරකම් කළ පාන් ගෙඩියක් නිසාය. අපේ රටේද බඩේ ගින්දර වෙනුවෙන් කරන හොරකම් ඕනෑ තරම්ය. ජීවින වියදම අහස උසට නැග්ගාට පසුව කිරි උගුරක් නැතුව හඬන කිරි දරුවන් වෙනුවෙන් කිරිපිටි පැකට් හොරකම් කොට පොලිසියට මාට්ටු වූ හෝ කඩ හිමියන්ගෙන් ගුටි කාපු තාත්තලා ගැන අසන්නට ලැබුණු ආරංචි පසුගිය දවස්වල නිතර පුවත් පත්වල පළවිය.

පොඩි පොඩි හොරකම් ඒ විදියට ප්‍රසිද්ධියට පත්වුණද තවමත් කළේ කවුදැයි හොයාගන්නට නොහැකි, අල්ලා ගන්නට බැරි සොරකම් අපේ රටේ කප්පරක් සිදුවන වග නොලියා බැරිය. එවැනි හොරකම් එදා මෙන්ම අදත් මේ වන විටත් හැම තැනකම සිදුවේ.

ඒ කියන හොරකම් මොනවාද? ඒ හොරකම් කරන්නේ කවුරුන්ද?

හොරකම් විවිධාකාරය. ඒ හොරකම් කරන්නේ ආණ්ඩුවේ ලොකු ලොකු තනතුරු දරන ඇත්තෝ සහ මැති ඇමැතිවරුන්ය. ඔවුන් ඒ හොරකම කළ බව හැමෝම දැන උන්නත් කිසි දවසක එකී චෝදනාව හමුවේ කිසිවකු ඔවුනට අදටවත් ඇඟිල්ල දිගුකර නැත.

නීතියෙන් ඔවුන් එතරම් ලෙහෙසියෙන් පැන දුවන්නේ කොහොමද?

නීතියට හසුවන්නේ කුඩා ප්‍රමාණයේ හොරකමට චෝදනා ලැබූවන් විතරය. ඉහත සඳහන් කළ කිරිපිටි පැකට්ටුවේ හොරකම වාගේ සිදුවීම් ඒවාට නිදසුන්ය.ඒ වාගේ කුඩා ප්‍රමාණයේ හොරකම් ගැන කියන තව නිදසුන් ඕනෑ හැටියේ තිබුණද ඒ ගැන කියන එක හෝ ලියන එකෙන් වැඩක් නැත. මොකද කියනවා නම් ඒවා රුපියල් එක්දහස් එකසිය පනහක් හෝ රුපියල් තුන් හාරදාහේ හොරකම් නිසාය. ප්‍රසිද්ධියට පත් නොවී නඩුහබ ගොනු නොවී නීතියෙන් වහන්වී තියෙන හොරකම් සහ ඒ හා සබැඳි අපරාධ ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය යනුවෙන් නම් ලද අප මවු රටෙහි එකසිය ගානට අදටත් සිදුවෙමින් පවතින්නේය.

ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාව සමග ඈඳුණු හොරකම් ගැන පළමුව කතා කළ යුතුය. තව හොරකම් මේ රටේ මහා පරිමාණයෙන් ඕනෑ තරම් සිදුවන විට ක්‍රිකට් ගැනම පළමුව ඈඳා ගත්තේ ඇයි? එයට ප්‍රධාන හේතු කිහිපයක්ම තිබේ. එකක් ක්‍රිකට් එක්ක අපේ මිනිස්සුන්ට තියෙන උමතුව. අනෙක කල්ලි පිල්ලි අරින ක්‍රිකට් කමිටුවේ ටයිකෝට් දාගත්ත ලොකු ලොකු මහත්තුරු ‘තමන් හරි සුදනෝ’ යැයි කියලා ලෝකය හමුවට මවාපාන සෝබන පාට් එක. තවත් ප්‍රධානම කරුණක් වන්නේ ගහන සල්ලි ගැහිල්ලේ ප්‍රමාණයවත් ඔවුන්ට ගණන් බලාගන්න බැරි වීම.

කවදාක ඉඳන් ක්‍රිකට් කමිටුවේ හොරකම් සිද්ධ වෙනවද? කාලය මොකක් දැයි ගණන් කරන්නත් බැරි තරමට ක්‍රිකට් හොරකම සිද්ධ වෙන්නේ සෑහෙන කාලෙක ඉඳලාය. එක එක සභාපති තැනලා කියන්නේ ‘මම එන්න කලින් සිද්ධ වෙච්ච වංචාවලට මට වගකියන්න බැහැ’ කියලයි. හැබැයි ඔය කොයි සභාපතිවරයාවත් වැටුප විතරක් අරගෙන හිස් අතින් ගෙදර ගිහින් නැහැ.

මොකක්ද එතකොට ක්‍රිකට් කමිටුවේ හොරකම්වල අවසානය?

ක්‍රිකට් ක්‍රීඩාව ඇපේට තියලා කරන වංචාවේ අවසානයක් තවම නැහැ. අදටත් එහි සල්ලි පිල්ලි ගහන හොරු කවුද, හොරකම සිදුවන්නේ කොහොමද කියන ප්‍රශ්නවලට උත්තර නැහැ. උත්තර තිබුණත් ඒවායේ තියෙන්නේ දෙබිඩි ගණයේ පැහැදිලි කිරීම්.

ඒ කියන්නේ ක්‍රිකට් කමිටුවේ හොරමැරකම්වලට විසඳුම් නැහැ?

නැහැ, ඒ හොරකම්වලට විසඳුම් නැහැ. අවසානෙකුත් නැහැ. සිද්ධ වෙන එකම දේ ආණ්ඩු මාරුවත් එක්ක එයාලගේ පුටු මාරුව සිදුවෙනවා මිසක වෙන කෙංගෙඩියක් වෙන්නෙ නැහැ.
ඒ ගැන කතාව ටිකකට පැත්තකින් තියමු. පාස්කු ප්‍රහාරය ගැන කියන්න තියෙන්නෙ ඔය වාගේ හිස් කතාවක් නේද?

පාස්කු ප්‍රහාරය කියන්නේ 69 ලක්ෂයක ඡන්ද ටික ගන්න ගෝඨාභය රාජපක්ෂ එයාගේ කැම්පේන් එකට පාවිච්චි කරපු සංවේදී තුරුම්පුවක්. ඒක තමයි ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ දේශපාලන නායකයෙක් තමන්ගේ ජයග්‍රහණයට පාර කපාගන්න වුවමනාවට අවභාවිතයට ගත්ත ම්ලේච්ඡසහගත කැම්පේන් එක. ජනාධිපති ධුරයේ වැඩ භාරගත් සැණින් පාස්කු ප්‍රහාරයට මුල්වූවන්ට දැඩි දඬුවම් ලබාදෙන පොරොන්දුව පිටයි ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 69ක ඡන්ද ඩැහැගත්තේ.

සිදුවූයේ කුමක්ද?

කිසිවක් සිදුවූයේ නැහැ. අදටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහ එවැනි ප්‍රහාරයක් සිදුවන බව දැනගෙන නිහඬව සිටි වැරැදිකරුවන්ද නිහඬව ඉන්නව. රාජපක්ෂ රජයේ හෝ රනිල් වික්‍රමසිංහ රජය තුළවත් කිසිදු දේශපාලන නායකයෙක් මැති ඇමැතිවරයෙක් පාස්කු ප්‍රහාරය ගැන එක වචනයක්වත් කතා කරනවාද? ඔවුන් හොරකම් කළේ සල්ලි නෙවෙයි. ඔවුන් හොරකම් කළේ වටිනා මිනිස් ජීවිත ගණනක හුස්ම. ඒක සහගහන අපරාධයක්. ඒ සහගහන අපරාධයේ සුලමුල සියල්ල අපේ මුග්ධ දේශපාලකයන් විසින් වළදමා ඇත්තේ මොන තරම් සැහැදි විදියටද?

මහබැංකු හොරකමද අපේ රටේ දේශපාලන නායකයන් සහ නීතිය විසින් සහමුලින්ම අමතක කර දැමූ දහසකුත් එකක් හොරකම් අතර මහා පරිමාණයේ හොරකමකි. ‘මහබැංකු හොරුන් අල්ලා දැඩි දඬුවම් පැමිණවීම’ ගෝඨාභය රාජපක්ෂ සිය ඡන්දදායකයන්ට දුන් තවත් එක් පොරොන්දුවකි. ජනාධිපති ධුරයට පැමිණීමත් සමග ඒ පොරොන්දුවද ඔහුට අමතකව ගියේය. අනෙකුත් දේශපාලකයන්ටද එය එලෙසම විය. මහබැංකු හොරකම අපේ දීන දේශපාලකයන්ට ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවකටත් වඩා අල්ප හොරකමක් ගානට වැටුණේය. අවසානයේ මහබැංකු හොරුන් සමග ගෝඨාභයලා සාද පැවැත්වූහ. ඩීල් දැමූහ. වර්තමානය වන විට මහබැංකු හොරකමද යල්පැනගිය, කතා කරන්නට නොවටිනා විෂය මාතෘකාවක් බවට පත්වන විට මහබැංකුව තුළ තවත් විශාල මුදල් වංචාවක් සිදුවිය.

ඒ විතරක් නොව, ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයෙහි තවත් යටගිය හොරකම් මෙන්ම තව තවත් සිදුවෙමින් පවතින හොරකම් ද සමූහයක් විය. ඒ අතර ඖෂධ වංචාව අතිවිශාලය. ඔවුන් කළ හොරකම් කොතෙක්දැයි කියන්නේ නම් ඖෂධවේදීන්ගේ සංගමයෙහි සභාපති තුෂාර රණසිංහ ප්‍රකාශ කොට තිබුණේ ඖෂධ මාෆියාවෙහි තරම කොතෙක්ද යත් එහි සුලමුල හෙළිවෙතැයි බියෙන් ඖෂධ නියාමන අධිකාරියෙහි සියලු ලියකියවිලි හොරුන් විසින් පුලුස්සා විනාශ කොට දමා ඇති බවකි. රෝගීන්ට සුවය දෙන සහ පණ අදින්නවුන්ට හුස්ම ගන්නට අවකාශය සලසන බෙහෙත්වලට වංචා කළ සොරමුළද නීතිය සමග සෙල්ලම් කිරීම හිතට දුකකි.

තව බොහොමයක් වූ හොරකම් ගැන දවස් ගණන් වුවද ලියන්නට පුළුවනිය. ඒ අතර යකඩ හොරකම එකකි. එකී යකඩ හොරුන් මාස දෙකක් ඇතුළත මිලියන 22ක යකඩ පන්නා මුදල් හරිහම්බ කරගත්තේය. තමන්ට රිසි සේ හොරකම කරගන්නට සිතා මේ හොර ගුල එහි ආරක්ෂාවට හිටපු හමුදාව ඉවත් කර තමාට වුවමනා මිනිසුන් එහි රැඳවූයේය. මේ පිළිබඳ සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති චාමර සම්පත්ට එරෙහිව සී.අයි.ඩී.යට පැමිණිලි කළද කිසිවක්ම තවමත් සිදුවූයේ නැත. එයද ගොනු නොවන නඩු අතර එකකි.

ගිය වසරේ සැප්තැම්බර් මාසයේ කෝප් කමිටුව හමුවට ලිට්‍රෝ ගෑස් සමාගම කැඳවනු ලැබූ අතර, එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පවසා සිටියේ රට අමාරුවේ වැටුණු වෙලාවේ ලෝක බැංකුව ගෑස් ගන්නට ලබාදුන් සහන ණය මුදලින්ද ගසාකා ඇති බවය. ගෑස් මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 96ට ලබාදීමට සැපයුම්කාර සමාගම එකඟව සිටි අවස්ථාවේ ඊට මැදිහත් වූ පාර්ශ්වයක් මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 129 ගණනේ මිලට ගැනීමට ගිවිසුම්ගතව ඇති බවයි.

එමණක්ද නොව මෙරට ජනයා ගෑස් නැතිව මාස 8ක් දුක් වින්දේ ලිට්‍රෝ ආයතනයට පත්වූ සභාපතිවරුන් දෙදෙනකුගේ ක්‍රියාකලාපය නිසා බව කෝප් කමිටුවේදී අණාවරණ වී තිබුණු බව මහාචාර්ය චරිත හේරත් උපුටා දක්වමින් බී.බී.සී. වෙබ් අඩවිය පවසා තිබිණි.

මීට අමතරව පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මහා පරිමාණ කරුංකා ජාවාරමක තොරතුරු හෙළි කළේය. මේ හරහා රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කිලෝ පනස් හතරදහස් ගණනක සුදුලූනු හොරකම, ඩොලර් මිලියන 6.9ක් ලංකා රජයෙන් චීන රජයට ගෙවන්න සැලැස්වූ පොහොර නැවේ කතාවද අද හැමෝටම අමතකව ඇත. බංකොලොත්ව සිටින ලංකා රජය චීන රජයට පොහොර හොරකම වෙනුවෙන් එහෙම වන්දි ගෙවන විට සොරකමට හවුල් වූ හොරුන්ගේ බැංකු ගිණුම් හොඳ පදමට පිරුණු වග ගැන නොයෙකුත් ප්‍රවෘත්ති පසුගිය දවස්වල සෝෂල් මීඩියා හරහා සංසරණය විය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ ඇතිවූ පොහොර හිඟය මුල්කරගෙන සිදුවූ මෙම වංචාව පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියා කොට ඇති බවට කරුණු කාරණා අනාවරණ වී තිබිණි.

ඒ මහා පරිමාණයේ හොරකමද නඩු විභාගයක් නැතිවම යටපත්ව ගියේය. හොරකම් වෙනුවෙන් ගොනුකළ යුතු නඩු යටපත්ව ගියද දේශපාලනය මුවාවෙන් කරන හොරකම් සහ වංචනික ක්‍රියා තවමත් යටපත්ව නැත. පසුගිය දිනෙක සිදුවූ වී අලෙවි මණ්ඩලයේ කෝටි ගණනක මුදල් වංචාව ඊට හොඳ නිදසුනකි. හොරකමට සම්බන්ධව ඇත්තේ ඇතුළෙම ඉන්නා උසස් නිලතල දරන නිලධාරීන් කිහිප දෙනකු බවත්, ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ද එයට සහාය දැක්වූ වගත් වාර්තා වී ඇත. දින තුනක් ඇතුළත මෙම වංචාව ගැන වාර්තාවක් දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිට උපදෙස් දී ඇති බවට තොරතුරු පළවිය.

වී අලෙවි මණ්ඩලයේ කෝටි ගණනක මුදල් වංචාවටවත් නඩුවක් ගොනු වෙයිද?

ඒක නම් කියන්නට දන්නේ නැත. ඒ හොරකමද අනෙකුත් හොරකම් සේම හමස් පෙට්ටියට යන්නට පුළුවන. හැම දේශපාලන නායකයකුම ආවේ හොරු අල්ලනවාය කියලාය. රනිල් වික්‍රමසිංහද ජනාධිපති තනතුර භාරගත් පසුව හුණුවටයේ කතාවේ ගෲෂාගේ චරිතයට අඳිමින් ජාතිය අමතා කිව්වේ ජාත්‍යන්තරයේ උදව් ඇතිව හොරු අල්ලන බවය. දූෂණය නවතාලන බවය. නමුත් රනිල්ද කිව් දේ කළේ නැත. අන්තිමේදී ඔහු හොරු රැළ සමග එක්ව සාද පැවැත්වූයේය. ඔවුන් හා සව්දිය පිරුවේය. කිසිම දවසක හොරු අල්ලන්නේ නැති දූෂණය වංචාව මැඩලන්නේ නැති ඒ කිසිවක් වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති හැම රාජ්‍ය නායකයාම පාහේ අනුගමනය කරන මේ ලැජ්ජාසහගත ක්‍රමවේදය කුමක්ද?

විටෙක එය නාඩගමක් වැනිය. ඒ නාඩගමට රටේ ජනතාව වූ අපට අපූරු නමක් තැබිය හැකිය.
ඒ, ‘නීතිය හොරු සමග හෙලුවෙන්’ යන්නය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වැඩ කරන තැන්වලදී ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන කාන්තාවන් යුක්තිය ඉටුකර ගැනීමට යාමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලු 3ක් ‌හොයාගෙන!  I Sri Lanka Latest News

Next Post

ලයිට් බිල අසාධාරණ විදිහට වැඩි කරලා මණ්ඩලය බිලියන 50ක විතර ශුද්ධ ලාභයක් ලබද්දිත් ලයිට් බිල ගෙවාගන්න බැරිව ලක්ෂ 6කගේ ලයිට් කපලා! බිල අඩු කරන්න මාසයක් කල් දෙයි! ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තු ඡන්දයකින් ගෙදර යැවූ උපයෝගිතා කොමිසමේ සභාපති ජනක අලුත් සටනක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.