• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆේස්බුක් සටහනක් නිසා මාස 5ක් රිමාන්ඩ් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකරු රම්සි රසීක්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිලියනයක වන්දියක් ගෙවන්න නියෝගයක්… CID අධ්‍යක්ෂ තිලකරත්නට සහ පරිගණක අංශයේ OIC සේනාරත්නටත් 30,000 බැගින් රම්සිට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි… භාෂණයේ සහ ප්‍රකාශනයේ මාධ්‍ය ලෙස අද ජනතාව ෆේස්බුක්-ඉන්ස්ටග්‍රෑම්-ට්විටර්-ස්කයිප්වට්ස්ඇප්-වයිබර් යනාදී ඩිජිටල් වේදිකාවන් භාවිත කරනවා…

කොවිඩ් වසංගතය පැවැති සමයේ මුස්ලිම් සමාජයට එල්ල වූ චෝදනා සහ අවලාද පරාජය කිරීම සඳහා මතවාදී යුද්ධයකට එළැඹෙන ලෙස තැබූ ෆේස්බුක් සටහනක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් ඉස්ලාමීය සමාජ ක්‍රියාකාරිකයෙකු වන රම්සි රසීක්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබීය.(Sri Lanka Latest News)

මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ මෙම තීන්දුවේ අන්තර්ගත වැදගත් මූලධර්මයන් පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඒවා තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා කැඳවා දැනුවත් කිරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වන්නේ කුමක්ද?

පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී.එම්.එස්.කේ. සේනාරත්න විසින් රුපියල් 30,000ක මුදලක් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත්, මෙම තීන්දුව නිකුත් වූ දින සිට මාසයක කාලයක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවත් නියෝගයේ දැක්වෙයි.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්නද ඔහුගේ පෞද්ගලික මුදලින් රුපියල් 30,000ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කෙරිණි. ඊට අමතරව රජය පෙත්සම්කරුට ගෙවිය යුතු බවට අධිකරණය නියම කරනු ලැබූ වන්දි මුදල රුපියල් මිලියනයකි.

මෙම සමාජ ක්‍රියාකාරිකයා රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේ ඔහුගේ නීතිඥවරයා ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව කියා සිටියේය.

ජනක් ද සිල්වා සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

‘පෙත්සම්කරු ඉස්ලාම් ජාතිකයකු වන අතර කොවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජාතිකයන් හේතුවෙන් එම වසංගතය පැතිරී යන බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා. 2020 වසරේ අප්‍රේල් මස 02 වැනිදා ෆේස්බුක් සටහනක් තැබූ මෙම පෙත්සම්කරු කොවිඩ් වසංගත සමයේ මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවන අපහාස හා චෝදනා හමුවේ මුස්ලිම් ජනතාව මතවාදී අරගලයක් දියත් කළ යුතු බව සිය ෆේස්බුක් සටහනේ ප්‍රකාශ කර තිබුණා.

ඉන් අනතුරුව ආගමික වෛරයක් ඇති කොට ආගමික අසමගියක් නිර්මාණය කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2020 වසරේ අප්‍රේල් මස 09 වැනිදා පෙත්සම්කරු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කළා….’ ඒ අනුව පෙත්සම්කරු මාස පහකුත් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බව නඩු තීන්දුවේ සඳහන් වේ.

මෙම පෙත්සමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බී.එම්.එස්.කේ. සේනාරත්න ගොනුකර තිබෙන විරෝධතාවල මෙසේ සඳහන් වේ.

‘මෙම සැකකරු පළකළ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබුණු තොරතුරකට අනුව විමර්ශන සිදුකළා. පෙත්සම්කරු පළකර තිබූ ප්‍රශ්නගත ෆේස්බුක් සටහන 75 දෙනකු විසින් බෙදාහැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් 495 දෙනකු තමන්ගේ අදහස් හා මත පළකිරීම් සිදුකර තිබෙනවා. මේ තුළින් ආගමික වෛරයක් ඇතිකොට ආගමික නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට පෙත්සම්කරු ක්‍රියාකර තිබෙනවා…’ යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය විරෝධතා ගොනුකර තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය සහ පරිගණක අපරාධ පනත යනාදී නීති ප්‍රතිපාදන යටතේ පෙත්සම්කරු අත්අඩංගුවට ගත් බවත් සඳහන් කර තිබේ.

අධිකරණයේ ස්ථාවරය

‘මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)අ ව්‍යවස්ථාව යටතේ භාෂණය හා ප්‍රකාශනය මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන තිබේ. එම අයිතිවාසිකම භුක්ති විඳීම සඳහා වර්තමානයේ ඩිජිටල් වේදිකාවන් ද පුද්ගලයන් සහ ආයතන විසින් භාවිත කරනු ලබයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර්, ස්කයිප්, වට්ස්ඇප්, වයිබර් යනාදී ඩිජිටල් වේදිකාවන් ඊට නිදසුන් වශයෙන් සඳහන් කළ හැකියි. මෙම ඩිජිටල් අවකාශයන් අදහස් ප්‍රකාශ කිරීම සහ පළකිරීම් සිදුකිරීමට පුළුල් ලෙස යොදාගනී. මේ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඩිජිටල් අවකාශයන් තුළ දැඩි විප්ලවයකට භාජන වී තිබේ. එම සිද්ධිය හරහා පෙත්සම්කරු සන්නද්ධ අරගලයකට කැඳවීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එහෙත් එය පිළිගත නොහැකිය…..’

‘ඉස්ලාමයට එරෙහිව නැගෙන මතවාද පරාජය කළ යුතු බව පෙත්සම්කරු තම ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබේ. ඒ සඳහා පෑන සහ පරිගණක යතුරු පුවරුව (කී බෝඩ්) යොදාගත යුතු බව ඔහු ප්‍රකාශ කරයි. මේ තුළින් පොලිසිය ගොඩනගන තර්කය බිඳවැටේ. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත 3(1) වගන්තිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව පෙනීයයි…’ යනුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සඳහන් වේ.

මෙහිදී පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළකළ විනිසුරු යසන්ත කෝදාගොඩ, ‘මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව කෙරෙහි අධිකරණයේ අවධානය යොමුවිය. එහි අන්තර්ගත කරුණු තුළින් මහෙස්ත්‍රාත්වරයා නොමඟ යැවීමට පොලිසිය ක්‍රියා කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳ සංවිධාන ව්‍යුහයක් සහිත ආයතනයකි.

එම ආයතනයේ නිලධාරීන්ට ඍජුවම නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමේ අවකාශයද පවතී. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පෙර නිසි නීති උපදෙස් ලබාගත් බවක් වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර නොමැත. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) වන වගන්ති යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙම නිලධාරියා කටයුතු කර නැත. ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු මූලික වශයෙන් වගකිව යුතු බව අධිකරණයේ නිගමනයයි….’ යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා මේ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක කරවන පොලිස් නිලධාරීන්ට නිදහස්ව ස්වාධීනව හා අපක්ෂපාතීව සිය රාජකාරී ඉටු කිරීමට අවකාශ තිබිය යුතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.

එසේම බලපෑම්වලින් තොරව තමන් වෙත පැවරී තිබෙන අභිමතානුසාරී බලය ක්‍රියාවේ යෙදවිය හැකි පරිසරයක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

වසර තුනකට පසු චෝදනාවලින් නිදහස්වෙයි

මාර්ගගත ආරක්ෂණය සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත පිළිබඳ සමාජයේ අවධානය යොමුව පවතින මොහොතක, සමාජ මාධ්‍යයේ දැක්වූ අදහසක් හේතුවෙන් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ චෝදනා එල්ලවී සිටි සමාජ මාධ්‍ය පරිශීලකයකු වන රම්සි රසීක්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති හෙයින් ඔහු එම නඩුවෙන් නිදහස් කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 21 දින නියෝග කරනු ලැබීය.

ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් එම නඩු කටයුත්ත අවසන් කිරීමට තමාගේ කිසිදු විරෝධයක් නැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙසේ සිදුකර තිබේ.

සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2020 අප්‍රේල් මාසයේදීය. එම සිදුවීම පිළිබඳ රම්සි රසීක් අදහස් දැක්වූවේය.

‘මාව අත්අඩංගුවට ගත් කාලය කියන්නේ ජාතිවාදය උපරිම ස්ථානයක තිබුණු කාලයක්. ජනාධිපතිවරණය අවසන් වූ ගමන්ම ජාතිවාදී සංවිධාන වගේ දේවල්වලින් විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවට ලොකු තර්ජනයක් තිබුණා. මේ කාලයේදී මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර මේ අය සාමාජ මාධ්‍යවලින් සහ අනෙකුත් මාධ්‍යවලින් අරගෙන ගියා…’ ඔහු පවසයි.

‘2020 මුල කාලෙදී කොරෝනා ව්‍යාප්තියත් එක්ක මම දැක්කා එක පෝස්ට් එකක්. ඒකෙ තිබුණෙ මුස්ලිම් ප්‍රජාව හිතාමතාම සිංහල ජනතාව අතරේ කොරෝනා පතුරුවනවා වගේ අසත්‍ය අදහසක්. මම ඒක මූලික කරගෙන මුස්ලිම් ජනතාව මේවාට විරුද්ධව චින්තනමය අරගලයක් කරන්න ඕනෑ කියලා මගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබුවා…’ රම්සි ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ අදහස් දැක්වීම පිළිබඳ පැහැදිලි කළේය.

‘ඒ අදහස් දැක්වීමේදී, මේ දේවල්වලට විරුද්ධව මුස්ලිම් ජනතාව ‘චින්තනමය අරගලයක්’, එහෙමත් නැතිනම් Ideological Jihad එකක් කළ යුතු බව මම ලියුවා. ඒකට ඇවිත් තිබුණු ප්‍රතිචාර ගොඩක් නරක ඒවා. ගොඩක් අය වරදවා වටහාගෙන හිටියේ මම මුස්ලිම් ජනතාවට යුද්ධයකට හරි ගැටුමකට හරි පොලඹවනවා කියලා…’ ඔහු විස්තර කරයි.

‘ඒ ජිහාඩ් කියන වචනය මූලික කරගෙන මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නවා. එහිදී මට ඒ නිලධාරීන් දෙන්නෙක් පහර දුන්නා. පසුව ICCPR පනතින් චෝදනා එල්ල වුණු නිසා මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා…’

කොරෝනා නීතිරීති හේතුවෙන් ඔහුට ඔහුගේ නීතිඥවරයා හෝ පවුලේ අය මුණගැසීමට නොහැකි වූ නිසා පහරදීමේ සිදුවීම එම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිවූ බව ඔහු පැවැසුවේය.

එමෙන්ම ඔහුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී ශාරීරික හිංසනයන් සිදු නොවූ නමුත් යම් යම් මානසික හිංසනයන්වලට මුහුණපෑමට සිදුවූ බව ඔහු විස්තර කළේය.

මාස පහක් පමණ රිමාන්ඩ් බන්ධානාගරයේ සිටි ඔහු පසුව ඇප මත නිදහස් විය.

‘මට තිබුණු රෝගී තත්ත්වයන්ට හරියට අවශ්‍ය ප්‍රතිකාර ගන්න බන්ධනාගාරය තුළදී බැරි වුණා. ඒ වගේම බන්ධනාගාරයේදී සිදුවුණු අනතුරක් නිසා මගේ අතක අස්ථි බිඳීමක් වුණා. ඒකටවත් මට හරියට ප්‍රතිකාර ගන්න බැරිවුණා. ඒ නිසා තවමත් මගේ අතේ ආබාධයක් තියෙනවා…’ ඔහු පවසයි.

සැප්තැම්බර් 21 දින ඔහු එම නඩුවෙන් නිදහස් කිරීම භාෂණයේ නිදහස සම්බන්ධ තීන්දුවක් බව ඔහු පවසයි.

‘මේ බොරු චෝදනාව නිසා මම වගේම මගේ පවුලත් ලොකු අපහසුතාවක සිටියා. පවුලේ අයට යම් කරදරයක් වෙයි කියලා ඔවුන් බයෙන් හිටියා. මගේ දරුවන් තවම පාසල් යන අය. ඔවුන්ගේ අධ්‍යාපනයටත් මේක විශාල වශයෙන් බලපෑවා. අවුරුදු තුනක් තිස්සෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නඩුව ඇදගෙන ආවත් මට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඔවුන්ට බැරිවුණා….’

රම්සි රාසික් පවසන්නේ ඔහු ඉදිරියටත් මෙවැනි අසත්‍ය සහ වැරැදි ප්‍රචාරයන්ට විරුද්ධව හඬ නගන බවයි.

‘මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වශයෙන් මේ අසත්‍ය ජාතිවාදී ප්‍රකාශයන්ට විරුද්ධව හඬ නැගුවා. ඒක මම අඛණ්ඩව කරගෙන යනවා. ආයෙමත් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් තවත් පනතක් ගේන්න යනවා. ඒ වගේ වෙලාවක තමයි මට මේ වගේ තීන්දුවක් ලැබුණේ….’

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

රාත්‍රී තැපැල් දුම්රියකට කොන්ඩාවිල්හිදී ගල් ප්‍රහාරයක්! Sri Lanka Latest News

Next Post

අපිට වෙච්ච දෙයක් කන්නත් නෑ කාලා යන්න තැනකුත් නෑ I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.