යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඊයේ (30) රාත්‍රියේ කොන්ඩාවිල් ප්‍රදේශය පසුකරමින් සිටියදී නාඳුනන පිරිසක් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. (Sri Lanka Latest News)
මගීන්ගෙන් ලැබුණු පැමිණිලි මත දුම්රිය ආරක්‍ෂක සේවා නිලධාරීන් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර ඇති අතර ඒ වන විටත් සැකකරුවන් එම ස්‌ථානයෙන් පළාගොස් ඇති බව අනාවරණයවී ඇත.
ප්‍රහාරයෙන් එක් මැදිරියක වීදුරු ෂටරයකට හානි සිදුව ඇති නමුත් මගීන් කිසිවකුට හානියක් සිදුවී නොමැත.
සිද්ධියට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊට වගකිව යුතු පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.
යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.











