• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘උන් ඔක්කොම යාළුවො නෙමෙයි මල්ලි…!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

November 25, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
‘උන් ඔක්කොම යාළුවො නෙමෙයි මල්ලි…!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘උන් ඔක්කොම යාළුවො මල්ලි…’

රන්ජන් රාමනායකගේ මේ ප්‍රකාශය ලංකාවේ ජනප්‍රියම සටන් පාඨයකි. ලංකාවේ හොරකම් ගැන කතාකරන තරු පහේ හෝටලයක හෝ ගමේ කඩමණ්ඩියේ හෝ ත්‍රීවීලරයේ කතාව අවසන් කරන්නේ රන්ජන් කිව්ව මේ කතාව හරි කියලාය. Sri Lanka Latest News

ලංකාවේ හොරකමට එරෙහි පළමු ඡන්ද සටන 1994 චන්ද්‍රිකාගේ දූෂණයට භීෂණයට එරෙහි සටනය. 1994 චන්ද්‍රිකා සහ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණ වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව දූෂණ ලැයිස්තුවක් ඉදිරිපත් කරනු ලැබීය. චන්ද්‍රිකා ප්‍රසිද්ධ වේදිකාවේ පාන් ගෙඩියේ දූෂණය ගැන කතා කළාය. හොරුන් ගෝල්ෆේස් ගෙනැවිත් හමගහන බව කීවාය. දූෂණය නතර කළහොත් පාන් ගෙඩිය 3.50ට දෙන්න පුළුවන් යැයි කීවාය. ඇය බලයට ඇවිත් වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණ හොයන්න අල්ලස් කොමිසමක් දැම්මාය. අල්ලස් කොමිසම යූ,ඇන්.පී. ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන්ගේ දූෂණ වංචා හොයන්න පටන්ගත්තේය. වැඩි කලක් ගියේ නැත. චන්ද්‍රිකා අල්ලස් කොමිසමේ දූෂණ චෝදනා ලබපු යූ.ඇන්.පී.යේ හිටපු ඇමැතිවරු එක්ක ඩීල් දමන්න පටන්ගත්තාය. ඇයට පාර්ලිමේන්තු බහුතරය හදාගන්නත් දේශපාලන පැකේජයට අවශ්‍ය තුනෙන් දෙක ගන්නත් අල්ලස් කොමිසමේ දූෂණ ෆයිල් පාවිච්චි කළාය. ඒ ෆයිල් පෙන්වා යූ.ඇන්.පී.යේ ප්‍රබල හිටපු ඇමැතිවරුන් බයකොට යූ.ඇන්.පී. නායක රනිල්ට එරෙහිව කැරැලි ගහන්න ඇය උපදෙස් දුන්නාය. අවසානයේ දූෂණ චෝදනා ලද යූ.ඇන්.පී.යේ ප්‍රබලයෝ හිරේ යෑමෙන් බේරෙන්න රනිල්ට එරෙහිව කැරැලි ගසා චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ලබාගත්හ.

2005 ජනාධිපති වූ මහින්ද කළේත් ඒකමය. ඔහු 2002, 2004 යූ.ඇන්.පී. ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ දූෂණ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවෙන් හොයන්න ගත්තේය. පසුව තමා ළඟ ෆයිල් තියෙනවා කිය කියා යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ව බයකොට සැලුන් දොර ඇරියාය.

2005 මහින්ද බලයට ආවේ හොරකම අල්ලන්න නොව යුද්ධය දිනන්නටය. 2005 සිට 2014 තෙක් ලංකාවේ දේශපාලනය කැරකුණේ හොරකමට එරෙහිව නොව දේශප්‍රේමයට පක්ෂවය. පළමු වරට 2014 මේ තත්ත්වය වෙනස් විය. රාජපක්ෂ පවුලේ හොරකම් ගැන 2014 වන විට ලොකු කතිකාවක් රටේ ඇතිවිය. ශ්‍රීලනිප පක්ෂ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් එළියට ආවේ හොරකම් ඉවසන්න බැහැ කියලාය. 2015 ජනාධිපතිවරණ දිනයේ ඔහු කටුනායක එයාර්පෝර්ට් එක වහලා හොරු කුදළලා දඬු කඳේ ගහන බවට ප්‍රතිඥා දුන්නේය. රනිල්ද පොරොන්දු වූයේ හොරකම් හොයා රාජපක්ෂ පවුල සහ පවුලට ගැතිකම් කරන මැති ඇමැතිවරු හිරේ යවන බවය. 2015 මෛත්‍රී ජනාධිපති විය. රනිල් අගමැති විය. හොරු අල්ලන්න යූ.ඇන්.පී. සහ ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවක් හැදුවේය. විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයක් ආරම්භ කළේය. වැඩි කලක් ගියේ නැත. හොරු අල්ලන්න ගිය මෛත්‍රී සහ රනිල්ව හොරු අල්ලා ගත්හ. දෙන්නා තරගෙට හොරු එක්ක ඩීල් දමන්න පටන් ගත්හ. රනිල්ට මෛත්‍රීගේ ශ්‍රීලනිපය දුර්වල කරන්න රාජපක්ෂලා ලව්වා අලුත් පක්ෂයක් හදවන්න ඕනෑ විය. මෛත්‍රීට රනිල් සහ යූ.ඇන්.පී.ය දුර්වල කරන්න රාජපක්ෂලා ඕනෑ විය. රාජපක්ෂලා සහ ඔවුන්ගේ මන්ත්‍රීවරු මෛත්‍රීට හොරෙන් රනිල්ටත්, රනිල්ට හොරෙන් මෛත්‍රීටත් ලණු දුන්හ. රනිල් අල්ලන හොරු මෛත්‍රී නිදහස් කළේය. මෛත්‍රී අල්ලන හොරු රනිල් නිදහස් කළේය.

‘උන් ඔක්කොම යාළුවො මල්ලි…’

රන්ජන් මේ කතාව කිව්වේ මෛත්‍රී සහ රනිල්ගේ හොරු ඇල්ලිල්ල දිහා බලාගෙන ඉඳලා ඇති වෙලාය. රන්ජන් කිව්ව කතාව හරිය. මෛත්‍රී අවසානයේ රනිල්ව අගමැති ධුරයෙන් පන්නා මහින්දව අගමැති කළේය. පසුව පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලුවේය. රනිල්, රාජපක්ෂලා ආරක්ෂා කරන්න අගමැතිකමත් ජනාධිපතිකමත් භාරගත්තේය.

2019 ගෝඨාභය ජනාධිපති වුණේත් බැඳුම්කර හොරකමට රනිල්ව හිරේ දමනවා, පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහමොළකරුවන්ට දඬුවම් දෙනවා කියාය. ඒත් ගෝඨාට ජනාධිපති වෙන්න රනිල්ගේ සහාය වගේම මෛත්‍රීගේ සහායත් අවශ්‍ය විය. රනිල්ගේ සහාය අවශ්‍ය වූයේ යූ.ඇන්.පී.ය ඇතුළේ ප්‍රශ්න හදා සජිත්ගේ කකුලෙන් ඇද සජිත්ව පරද්දන්නටය. මෛත්‍රී අවශ්‍ය වූයේ ශ්‍රීලනිප ඡන්ද ගන්නටය. මේ නිසා ගෝඨාභය ජනාධිපති වූ පසු රනිල්ටවත්, මෛත්‍රීටවත් අත තිබ්බේ නැත. සජිත්ව විනාශ කරන්න රාජපක්ෂ පවුලට රනිල්ව අවශ්‍ය විය. රනිල් පාර්ලිමේන්තු පැමිණිය යුතු යැයි මහින්ද ප්‍රසිද්ධියේ කීවේ ඒ නිසාය.

ලංකාවේ හොරු අල්ලන්න බැරි ලොකුම හේතුව හොරු අල්ලනවා කියලා බලයට එන නායකයන් තම බලය ආරක්ෂා කරගන්න බලයට ආ පසු හොරුන් එක්ක ඩීල් දැමීමය.

ඩීල් දේශපාලනය මගේ ගාව නැහැ කියමින් සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය නමින් අලුත් පක්ෂයක් හැදුවේය. 2022 අරගලය වෙලාවේ සජිත්ට ගෝඨා එක්ක ඩීල් දමා අගමැතිකම භාරගත හැකිව තිබිණි. හැබැයි සජිත් කීවේ ගෝඨා විධායක බලතල අගමැති ධුරයට පවරන්නේ නැති නම් තමා අගමැති ධුරය භාරගන්නේ නැති බවය. එලෙසම නිශ්චිත කාල රාමුවක් තුළ ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු යැයි ඔහු කොන්දේසියක් පැනවීය.

රනිල් ජනාධිපති වී රාජපක්ෂ පවුලට කෙනෙහිලිකම් කරද්දී සජිත්ට රාජපක්ෂ පවුල සමග ඩීල් එකක් දමාගත හැකිව තිබිණි.

‘අපි අයවැය පරද්දන්න ලෑස්තියි. හැබැයි විපක්ෂය ඒකට නායකත්වය අරගෙන අපි එක්ක කතා කරන්න එන්න ඕනේ…’

මේ, නාමල් රාජපක්ෂ මෙවර අයවැය ඉදිරිපත් වූ විට කී කතාවය. මෙයින් පේන්නේ රනිල් තමාගේ පරම හතුරා වුණත් සජිත්, රාජපක්ෂලාට සුදු හුණු ගාලා රාජපක්ෂලා එක්ක ඩීල් දමන්න නොයන බවය. රනිල් හෝ රාජපක්ෂලා අද සජිත් හිටිය තැන හිටියා නම් ඔවුන් කරන්නේ හතුරාගේත් හතුරා තම මිතුරා කියා ඩීල් දමන එකය.

සජිත් ඒ ගේම ගැහුවේ නැත. රාජපක්ෂලා රට බංකොලොත් කළ විට ඔහු සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩලයේ ප්‍රධානියකු වන සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ආචාර්ය මහීම් මෙන්ඩිස්ට රාජපක්ෂලාට එරෙහිව අධිකරණයට යන්න හයිය දුන්නේය. සජිත්වත් අරගලයත් සම්බන්ධීකරණය කරන්න මහීම් මෙන්ඩිස් ලොකු කාර්යභාරයක් කළ විශ්වවිiාල ආචාර්යවරයෙකි.

‘දැන් රාජපක්ෂලා වැටිලා ඉන්නේ. අපි රාජපක්ෂලාව බේරලා රාජපක්ෂලා එක්ක ඩීල් එකක් දමලා රනිල්ව ඉවර කරමු…’

සජිත්ට එවැනි යෝජනා ඕනෑ තරම් ආවේය. ඒත් ඔහු ඒ ඩීල්වලට අහුවුණේ නැත. ඔහු ආචාර්ය මහිම් මෙන්ඩිස්ට නඩුව ඉදිරියට ගෙන යන්න උපදෙස් දුන්නේය. නඩුව වෙනුවෙන් පෙනීසිටි ප්‍රකට නීතිඥ උපුල් ජයසූරියව ධෛර්යවත් කළේය.

අධිකරණය තීන්දුව දුන්නාට පසු ඔහු දැන් සටන පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබේ. දැන් සටන පාරට ඇවිත් තිබේ.

ලංකාවේ විපක්ෂය හැමදාම කියන්නේ අපි බලයට ආවාම හොරු අල්ලන්නම් කියාය. ඒත් සමගි ජන බලවේගය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමු වරට විපක්ෂයේ සිටියදීම උසාවිය හරහා හොරුන්ට දඬුවම් දීම පටන්ගෙන තිබේ.

‘උන් ඔක්කොම යාළුවො මල්ලි…’

මෙහෙම කිව්ව රන්ජන්ටත් අද වැරැදිලා තිබේ.

‘උන් ඔක්කොම යාළුවො නෙවෙයි මල්ලි…’

රට බංකොලොත් කළාට එරෙහි අධිකරණය දුන්න තීන්දුව රන්ජන්ගේ කතාව වෙනස් කරන්නේ එහෙමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බන්ධනාගාරයේ රඳවා සිටියදී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් යාපනය පොලිසියේ 4ක් අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

Next Post

මේ නඩු තීන්දුව ලැබුණේ ජනතාවට! ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කළා කියපු රාජපක්ෂලා ඇතුලු 9 දෙනාට එරෙහිව දැන් වන්දි ඉල්ලලා නඩු පවරන්න පුලුවන්! නීතීඥ රාජපක්ෂ නීතිය පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.