හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ 07 විජේරාම මාවත නිවෙස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු හිටපු හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු බමුණුගම කිරිවැල ප්රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු යම් රෝගී තත්ත්වයකට කිරුළපන ප්රදේශයේ පදිංචි සිය සහෝදරියගේ නිවෙසේ නැවතී ප්රතිකාර ලබාගන්නා අයෙක් බවට තොරතුරු අනාවරණ වී තිබේ.
35 හැවිරිදි සැකකරු අලුත්කඩ් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Dasatha Lanka News










