පසුගිය අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබද ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් එම අවස්ථාවට එක්ව නොසිටීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News
අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීමට ඡන්ද 122ක් හිමිවුවද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සදහා සිදුකළ මෙම ඡන්ද විමසීමේදී ඊට ඡන්දය ලබා දී තිබුණේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 62ක් පමණි.
අනෙකුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එම අවස්ථාවට සහභාගී වී නොසිටීම විශේෂ සිදුවීමක් වී තිබිණ.
ඒ අනුව ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර යම් මතගැටුමක් හෝ යම් අර්බූදයක් මතුව තිබේද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවිධ තැන්වල කසුකුසුවක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
ජනාධිපති වරය ශීර්ෂයට විරුද්ධව ඡන්ද 3ක් ලැබී තිබුණු අතර නොපැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 159ක් විය.










