• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ඔලු සහ අතපය නැති මිනිස්සු තැන්තැන්වලින් මතුවෙන ආශ්චර්යය I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලි ඔළුව. අලි ඔළුව කියපු ගමන් අපට මතකයට එන්නේ ඔළුව ලොකු මිනිස්සු. නැත්නම් අහංකාර මිනිස්සු. හැබැයි අලි ඔළුව අපේ ජීවිතවලට හරි ළඟයි. පුල්ලෙයාරේ දෙවියෝ, ගණ දෙවියෝ අලි ඔළුවක් සහිත දෙවි කෙනෙක්.(Sri Lanka Latest News)

පුල්ලෙයාරේ දෙවියන්ව නිර්මාණය වෙන්නේ දකුණට වෙද්දී, බස්නාහිරට වෙද්දී අධ්‍යාපනය මූලික කරගෙන වුණාට වැව් ගම්මානවල මිනිස්සු පුල්ලෙයාරේ අදහන්නේ ගොවිතැන් බත් සරුසාර වෙන්න බවබෝග අස්වනු වැඩිදියුණු වෙන්න කියන බලාපොරොත්තුවෙන්. මිනිස් සිරුරකට අලි ඔළුවක් දීලා මේ දේව රූපය නිර්මාණය කරගෙන තියෙන්නේ සංකල්පමය වශයෙන් අලියා කියන විශාල සත්වයාගෙන් ආරක්ෂා වීම කියන දේ බලාපොරොත්තුවෙන් කියලයි අපිට හිතෙන්නේ.

ඒක යම් යම් විශ්වාසවල යම් යම් ඇදහිලිවල තියෙන අපූර්වත්වයට හේතුවක්. ඒත් මේ කතා කරන්න යන්නේ අලි ඔළුවක් ගැන වුණාට, මේ අලි ඔළුව අයිති වෙච්ච මනුස්සයෙක් නෑ. හැබැයි අලි ඔළුවට වැරැදි මනුස්සයෝ ඉන්නවා. අලි ඔළුව වැවකින් හම්බවෙනකොට අත පය නැති මනුස්සයෙකුත් තව තැනකින් හම්බවෙනවා. එතකොට අලි ඔළුවක් සහ අතපය නැති මනුස්සයෙක් දවස් කිහිපයක් තුළ සොයාගැනෙනකොට අපට හිතන්න කාරණා කිහිපයක්ම තියෙනවා. මේ කාන්තා සිරුරු අපට හම්බවුණු පළමු වතාව නෙවෙයි.

කාන්තා මළසිරුරු අපට හම්බවුණු හතරවැනි පස්වැනි වතාව වෙන්න ඇති. සමහර විට ඊටත් වැඩි ඇති. සූට්කේස් එකේ සිද්ධියෙන් පස්සේ කිහිප වතාවක්ම මේ විදියට කාන්තාවන් මියගිය අවස්ථා අපට දැනගන්න ලැබුණා. මේ කාන්තාව කවුරුත් මහපොළොවට ඕපපාතිකව ජනනය වෙච්ච අය නෙවෙයි. මේ අම්මලගේ තාත්තලාගේ දරුවෝ. මේ මිනිස්සු. හැබැයි මිනිස්සු මියයනකොට ඒ මරණ සම්බන්ධව වැරැදිකාරයෝ ඉඳලා හිටලා අත්අඩංගුවට ගන්නකොට මිනිස්සු ආයෙ ආයෙත් මිනිස්සු මරණකොට අමානුෂික වෙනකොට, අතපය කපලා මරලා දානකොට මේ අමානුෂික බව ගැන ප්‍රශ්න කළ යුතු තැනක් රට ඇතුළේ නිර්මාණය වෙමින් යනවා.

ඒ අතරතුරේ අලි මළ සිරුරු තුනක් සොයාගැනීම, අලින් මරාදැමීම, අලින් ඝාතනය කරලා, උන්ගේ බෙල්ල, හොඬවැල කපලා, කෑලි කෑලිවලට වෙන් කරලා මරාදැමීම කියලා කියන්නේ ඉතා භයානක තත්ත්වයක්. මොකද මේ සියලු දේ ඇතුළේ එළියට එන්නේ ම්ලේච්ඡත්වය සහ අමානුෂිකත්වය.

මේ සියල්ල අස්සේ අපට තව කාරණයක් හදිසියේ මතක් වෙනවා. ඒ තමයි අපිට තවමත් පොලිස්පතිවරයෙක් හොයාගන්න බැරිවීම. පොලිස්පතිවරයෙක්ව ඉල්ලමින් හොයමින් පොලිස්පතිවරයෙක්ව ලැබේ යැයි ප්‍රාර්ථනා කරමින් ඉන්න අස්සේ දිගින් දිගටම හිටපු පොලිස්පතිතුමාට සේවා දිගු නිර්මාණය වෙනවා. දැන් මේක සමහර විට ඔහුටත් ඇතිවෙලා ඇත්තේ කියලා අපට හිතෙනවා. මොකද මාසෙන් දෙකෙන් මාස තුනෙන් මාස හතරෙන් ආයෙත් ඔහු පොලිස්පතිවරයා බවට පත්වෙනවා.

මේක රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. රටක ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම නිලය තවම පුරවාගත නොහැකි හිස් තැනක් වෙනකොට රටක් ඇතුළේ දහස් ගණන් ප්‍රශ්න නිර්මාණය වෙනකොට රට ඇතුළේ මිනිස්සු මියයනකොට මේ තර්ක විතර්ක සියල්ල අස්සේ අපි අසරණ වෙනවා අනන්ත අප්‍රමාණව.

මේ මරණ පිටිපස්සේ තියෙන්නේ වේදනාවේ හඬ හෝ භයානකත්වයේ හඬ හෝ දුක හිතෙන කතන්දරය නෙවෙයි. ඊට වඩා මේක ඇතුළේ තියෙනවා අමානුෂිකත්වයක්. ඊට වඩා මේක ඇතුළේ තියෙනවා හිත්පිත් නැති බවක්. ඒ නීතියේ ලිහිල් බව, නීතියේ දුහුල් බව නිසා, අපරාධ සරල වූ නිසා හෝ මනුෂ්‍යත්වය ලාභ වූ නිසා විය හැකියි. මේ සියල්ලටම වගකිව යුත්තෝ කවුදැයි අපි බලා සිටිනවා. අප විසින් ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට බැඳී සිටින්නා කවුදැයි අපි නොදන්නාමුත් ඒ බැඳී සිටින්නවුන් තැන් තැන්වල නාඩගම් නටන අයුරු අපිට පෙනෙමින් තියෙනවා.

ඔබට මතක ඇති පහුගිය දවසක අපි මේ පුවත්පතේම ලියා තැබූ ලිපියක තිබුණා ගස්ලබු ගෙඩි තුනක් කඩාගත් වරදට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පුරවැසියෙක්ගේ කතන්දරය. ගස්ලබු ගෙඩි තුනක් කඩාගත් පුරවැසියා සොයාගත් ඉක්මනින්ම මේ අලි ඔළු කපාදැමූ මිනිසා හොයා ගන්නවා නම් එය රටට යහපතක් වේවි. කෙසේ නමුත් මෙසේ අලි ඔළුවලට වගකිව යුතු අලි ඔළුකාරයෝ තවමත් මහ පුටුවල වැජඹෙන බව නම් අපට අමතක නෑ.

සියඹලන්ගමුවේ මහ ඇතා මියයන්නේ අලි ඔළු සහිත පාලකයන්ගේ අලි ඔළු තීරණ නිසාවෙන්. ඒවා අලි ඔළු නිසා සිදුවූ මරණද, එහෙමත් නැත්නම් අලි ඔළුව සහිත පාලකයන් විසින් අලි ඔළුවට ලෝභකමින් කරපු ඒවාදැයි අපි දෙපාරක් තුන්පාරක්ම සිතිය යුතුමයි. එය එසේ වන්නේ කුමන හෝ කාරණයක් නිසා ඒ ඇතා මියගිය පසු අලි ඔළුව කපාගෙන යන්නට බොහෝ වෙරදැරූ නිසාවෙන්. එහෙම වෙර දැරීම ඇතුළේ තිබුණේ සද්භාවයෙන් මරණ පරීක්ෂණය කිරීමද, එහෙමත් නැත්නම් ඇත් දළවලට වූ ප්‍රේමයදැයි අපට ගැටලුවක්. ඇත් දළ ප්‍රේමීන් අපේ රටේ බොහෝ සේ ඉන්නවා.

අලි ප්‍රේමීන් ඇත් ප්‍රේමීන්ටත් වඩා ඇත් දළ ප්‍රේමීන් වැඩියි. ඇත් දළ ප්‍රේමීන් අතර ඇත් දළවල වූ පෞරාණික බවටත්, ඇත් දළ තුළ වූ ගජමුතුවලටත් ප්‍රේම කරන දේශපාලකයන් පාලකයන් මහ පුටුවල වැජඹෙන්නන් ගැන අප අසා තිබෙනවා. වනය රකින්නට පත්කළ මහ ලොකු තනතුරු දරන්නන් වනයට ආදරය නොකරන බවත්, වෘක්ෂ දේවතාවියන් යැයි පෙනී සිටිමින් මහ පොළොව ආරක්ෂා කරගන්නට හුස්ම සමග සටන් වදින්නට ආ සමහර දේශප්‍රේමීන් හැබෑ ප්‍රේමීන් නොවන බවත් දැන් අපට දැනෙමින් තියෙනවා. එතකොට තමයි අපට දැනෙන්න පටන් ගන්නේ අපි අසරණ වෙලා වගේ කියලා. කොහොම නමුත් මේ කතන්දර එක වෙලාවෙම එළියට එද්දී අලි ඔළුවක් සහ මිනිස් ඇඟක් ගැන කතන්දරයක් අපිට ඉතුරු වෙනවා. කැපූයේ කවුදැයි නොදන්නා මුත් කපා දමන්නට තරම් ශක්තිය ඇත්තවුන් සිටීමම අපට ප්‍රශ්නයක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපිට සමාවෙයන් දුවේ… බ්ලූමැන්ඩල් ඉස්කෝලෙදි දෙයියො අරන් ගිය පුංචි සුරංගනාවි I Sri Lanka Latest News

Next Post

ඇස් ඇරලා බලපල්ලා මේ අපේ රටේ දරුවන්ට වෙන්න යන භයානක අනතුර දිහා I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.