• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕලු නෙලුම් කානේෂන් රතු රෝසවලට වැඩියෙන් සුවඳ දෙමට මල් I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මං මුලින්ම ගියෙ දූනගහ රණසිංහෙට. අද ඒක ලොකු ඉස්කෝලයක්. ඒත් ඉස්සර පුංචියි. ඉන්ද්‍රානි මැඩම් එකේ පන්තියෙ ඉගැන්නුවෙ. බටේපොළ ඉඳලා අපේ තාත්තා මාව ෆුට් සයිකලේ තියාගෙන ඉස්කෝලෙට එක්ක එනවා. අම්ම පස්සෙන් දුවගෙන දුවගෙන එනවා. තාත්තා මාව ඉස්කෝලේ ගාවින් බස්සනවා. එතකොට අම්මා ඉස්කෝලෙ ගේට්ටුව ළඟ. ලංකාව පුරාම ඉස්කෝල සිය ගානකට යන එන මට හැමදාම ඒක මතක් වෙනවා.(Sri Lanka Latest News)

ඒ හැම ගේට්ටුවක් ඉස්සරහම මට මාව පේනවා. අපේ තාත්තා ෆුට් සයිකලෙන් මාව ගෙනල්ලා බස්සනවා. අම්මා දුවගෙන දුවගෙන ඇවිල්ලා ගේට්ටුවෙ එල්ලිලා මම අඬයිද කියලා බලා ඉන්නවා. අවුරුදු දහයක පත්තර ‍රස්සාවෙ පළමුවැනි වතාවට මමම ලිපියක් අස්සෙ මගෙ ගැන ලියනවා. ඒ, මේ කතාවෙ කණ්ණාඩියක් වගේ මාවම මට පේන නිසා.

ඉස්සර ගොළුවගෙ වත්තෙ මුර මඩුවක අපි හිටියෙ. ඉඩම වෙන්දේසි කරන්න කියලා හොඳභාමිනේලා ඇවිල්ලා අපිව පැන්නුවා. අපි තුන්දෙනා බන්දුලගෙ ලෑන්ඩ්මාස්ටරේට අඩුම කුඩුම ටික පටවගෙන ඒ මුර ගෙදරින් ආවා. ඉන් පස්සෙ ජීවිතේ ගෙවුණෙ දූනගහ හන්දියෙ හතරැස් පෙට්ටි ගෙදරක. ඒක අයිති රෝසා මහත්තයා මස් කඩයක් කළේ. ඒත් ඒ මනුස්සයා දෙවි කෙනෙක්. හොඳහාමිනේ කියන රූපෙ හැමදාම මට පේන්නෙ රාස්සියෙක් වගේ. මස් කඩේ මුදලාලි දෙවියෙක් වගේ.

ජීවිතේ ඉතිරි බාගෙ ජාපාලෙ ඉස්කෝලෙ. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය ඒකෙ හරි නම. ජාපාලෙ කියන්නෙ ආදරේට. දැන් ඉස්කෝලෙ අපිට දුරයි. සාහිත්‍යකාරයො පත්තරකාරයො කාටවත් ලොකු නෑ. පහුගිය කාලෙ කතරගම ජාතික පාසලට, නිවත්තකචේතිය ඉස්කෝලෙට, සරසවි උයන පාසලට, මැල්ලවගෙදර ඉස්කෝලෙට සහිත්‍යකාරයෙක් විදියට ආරාධිතව ගියා ආවා.

ඉස්කෝලෙ යන කාලේ කවදාවත්ම පය නොගහපු රෝයල් එකට, ආනන්දෙට, නාලන්දෙට, විශාකාවට, අනුලා එකට විවිධ දේවලට ආරාධනා ලැබුණා. මේ විදියට ලොකු පොඩි ඉස්කෝල ලැයිස්තුවක්ම ලියන්න පුළුවන්. කොහොමටත් මම ඉස්කෝල හොයාගෙන යන්න ආසයි. ඒක වෙනස්ම හැඟීමක්. ඉස්කෝල අස්සෙ තියෙන්නෙ මනුස්ස සුවඳක්. ඒ ඝෝෂාව මට ඇහෙන්නෙ මියුරුතම ගීයක් වගේ. හැම තප්පරයකම ආයෙත් ඉස්කෝලෙ යන්න හිතෙන තරමට ඒ අතීතකාමය දරුණුයි. මම මේ ලියන්නෙත් ආයෙත් ඉස්කෝලෙ යන්න හිතිලා.

එහෙම වුණොත් මම යන්නෙ දෙමටමල්පැලැස්ස ඉස්කෝලෙට. නාඳුනන ආදරය අස්සෙ මට ආසයි ඇස් දෙක පියාගෙන ඉන්න. ඈත ඉඳන් එන හුළඟට පුළුවන් වෙයි වායුසමීකරණයකට හීනෙන්වත් හිතන්න බැරි තරමෙ මිහිරක් දෙන්න.

අම්/දෙමටමල්පැලැස්ස විද්‍යාලය, නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති දුෂ්කර පාසලක්. වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 251යි, ගුරුවරු සංඛ්‍යාව 18යි. වර්තමාන විදුහල්පතිතුමිය වන්නේ H.L. ශ්‍රියානි මල්කාන්ති මහත්මිය. දෙමටමල්පැලැස්ස විද්‍යාලය ආරම්භ කරලා තියෙන්නෙ 1950.12.04 වැනිදා.

පාසලේ දරුදැරියන්ගේ මවුපියන්ද තමන්ට ඇති හැකි පමණින් පාසලේ දියුණුවට වැඩ කරනවා. බහුතරය එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සු. අද සංගීත ගුරුවරයා විදියට ඉන්න E.M. ගීත් ජීවන්ත මහත්තයා ඉස්කෝලෙට එනකල්ම සංගීත කාමරයක් තිබිලා නෑ. දැනුත් නෑ. සංගීත සර් මවුපියො එක්ක එකතු වෙලා හදපු කටුමැටි ගෙදර තමයි අද සංගීත කාමරයක් වෙලා තියෙන්නෙ. දෙමටමල්පැලැස්ස ඉස්කෝලෙ පුංචි පැටවුන්ට සංගීතෙ ඉගෙනගන්න ක්‍රමයක් නොතිබුණු කාලේ මේ ගොඩනැගිල්ල කොහොම හරි හදලා ඉවර කරගන්නවා. මේක සමහර විට අපි පළකරන පින්තූරවලින් දැකබලා ගන්න ලැබෙයි.

මේක හරි ලස්සන කතාවක් වෙන්නේ ඒක නිසා. කටුමැටි ගහපු පොල් අතු හෙවිලි කරපු මේ සංගීත කාමරේ ඉගෙනගන්න පුංචි දරුවෝ හෙට මහා වීරයෝ වෙයි. එහෙම වෙච්ච දවසට මේ සොඳුරු මතකයන් ආදරණීය සැමරුම් බවට පත්වෙයි. කොහොම හරි ළමයින්ට දැන් සංගීත තරගවලට පුරුදු වෙන්න ඕනේ. කලාප තරගයෙන් පළමු ස්ථානයක් ගත්තට පස්සේ පළාත් සංගීත තරග එනවා. ඒවට පුහුණු වෙන්න මේ අයට කිසිම විදියකින් පුළුවන්කමක් නෑ. ලයිට් නෑ, ළමයින්ට ඉස්කෝලෙ පහසුකම් නෑ. තාවකාලිකව ඉස්කෝලෙ විද්‍යාගාරය පාවිච්චි කරන්න පටන් අරගන්නෙ මේ වැඩේට. විද්‍යාගාරෙ පාවිච්චි කරන එකත් එච්චර සාර්ථක නොවුණු තැන දෙමටමල්පැලැස්ස විහාරස්ථානයේ ස්වාමින්වහන්සේ මේ දරුවන්ට එන්න කියනවා පන්සලේ බණ මඩුවට.

ඔන්න පැටව් ටික බණ මඩුව ඇතුළේ සංගීතය පුරුදු වෙන්න පටන් ගන්නවා. එහෙම පුරුදුවෙලා පළාත් සංගීත තරගයෙනුත් පළමු තැන ගන්න මේ පොඩි පැටවුන්ට පුළුවන් වෙනවා. ඊළඟට එන්නේ සමස්ත ලංකා තරගය. තරගයට යන්න වාහනයක්වත් නෑ. එහෙමයි කියලා නිකන් ඉන්නේ නෑ. අර කුලී වැඩ කරන දුප්පත් මවුපියෝ සල්ලි එකතු කරලා බස් එකක් ලෑස්ති කරගන්නවා. මේ පුරුදු පුහුණු කරපු ගායන අංශයට අංග චලන අවශ්‍යයි, මේවට විවිධ දේවල් අවශ්‍යයි. ඉතාම වැදගත් දේ වෙන්නේ අහල පහළ පාසල්වල ඉන්න ගුරුවරු මේ වැඩේට ලබාදීපු සහයෝගය.

සංගීත සර්ගෙම ගුරුවරයා වෙච්ච එල්.එල්. රංජිත් රොහාන් සර් මේ වැඩේට සහයෝගය දක්වනවා. සර් අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සංගීත ගුරුවරුයා. බෙර වාදනයට උදව් කරන්නේ අම්පාර උහන ජාතික පාසලේ සිසුන්. චලිත් හේෂාන්, යූ. නිමාෂ අභිෂේක්, ලක්ෂ්මන් විමලරත්න කියන සිසුන් තුන්දෙනා තමයි මේකට සහභාගි වෙන්නේ. මේ ළමයින්ට සංගීත භාණ්ඩ ලබාදීමට සහ පුහුණු වීම් සඳහා අම්පාර උහන ජාතික පාසලේ නර්තන ගුරුතුමා වුණු ප්‍රියන්ත බණ්ඩාර සර් උදව් කරනවා. සින්දුව ලස්සන වුණාට ඒකට අංග චලන අවශ්‍යයි. ඒකට සහයෝගය දක්වන්නේ අම්පාර රජගම විද්‍යාලයේ සංගීත ගුරුවරයා වුණු හිරාන් ලෝචන කුරේ සර්.

දරුවන්ට ගායනා අංශය සඳහා පුහුණුවීම් කරන්න වේදිකාවක් නෑ. ඒ වෙලාවේ තමන්ගෙ පාසලේ වේදිකාව දරුවන්ට පුහුණු වෙන්න ලබාදෙන්නේ අම්පාර උහන ජාතික පාසලේ විදුහල්පතිනිය එච්.එම්. චන්දිමා මහත්මිය. මේ හැම දේම එකතු වෙලා දරුවෝ කොළඹ එනවා අර කුලියට ගත්ත බස් එකේ. එහෙම කොළඹ ආපු පැටවුන්ට නවාතැන් පහසුකම්, ආහාරපාන ලබාදෙන්නේ විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා සහ එම මැතිනිය.

තරග අවස්ථාවේදී පළාත් නවයම නියෝජනය කරමින් පාසල් ඇවිල්ලා ඉන්නවා. ලොකු ඉස්කෝලවල ලොකු ළමයි. ලොකු පහසුකම් තියෙන ඉස්කෝලවල ළමයි. ඒ අස්සේ සමස්ත ලංකා සංගීත තරගයේ ප්‍රශස්ත සහ හටන් කනිෂ්ඨ අංශයේ මිශ්‍ර තෙවැනි ස්ථානයත්, හොඳම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම කියන සම්මානයත් දිනාගන්න අම්පාරෙන් ආපු පුංචි කොල්ලන්ට කෙල්ලන්නට පුළුවන් වෙනවා. දෙමටමල්පැලැස්සෙ පුංචි මල් කැකුළු මුළු ලංකාවම පරද්දලා හොඳම ප්‍රාසාංගික නිර්මාණය කරනවා.

ඉස්කෝලෙ සංගීත කාමරයක් නැති පැටව්, අවශ්‍ය කරන සංගීත භාණ්ඩ අල්ලපු ඉස්කෝලෙන් ඉල්ලගත්ත පැටව්, අහල පහළ ඉස්කෝලෙක වේදිකාවක් පාවිච්චි කරපු පැටව්, අහළ පහළ ඉස්කෝලවල ගුරුවරු එකතු වෙලා පුහුණු කරපු පැටව් ටික මහා ජයග්‍රහණයක් ලබනවා. ඒ හිත් ඇතුළේ පිරිච්ච සතුට කොච්චරද කියලා කියන්නවත් බෑ. මේක දෙමටමල්පැලැස්ස පුංචි ඉස්කෝලෙ සැමරුම් අතරේ නොමැකෙන සටහනක් වෙයි. ඉස්කෝලෙන් කිව්වා මේ අයට ස්තුතියි කියන්න කියලා.

අම්පාර අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශක ආරියරත්න එදිරිසිංහ සර්ට, ධම්මි ප්‍රියංකා මහත්මියට, තරගයේ විවිධ අවස්ථාවලදී උදව් කපු අචිනි මෙනෙවියට, සහන් කසුන්තක මහත්මයාට, පේෂලා වෙලගෙදර මහත්මියට, දෙමටමල්පැලැස්සේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම දරුවන්ගේ මවුපියන්ට මේ මොහොතේ ස්තුති කළ යුතු බව මේ අය කිව්වා. පැටව් ගමට ගියාම ගමේ මිනිස්සු කිරිබත් උයලා තිබුණා. ඒක ආදරණීය පිළිගැනීමක්. ආහාරපාන හදලා කිරිබත් උයලා දරුවන්ට කන්න බොන්න දීලා ගමේ පන්සලේ පිරිත් කිව්වා මේ දරුවන්ට තියෙන වස්දොස් නැතිවෙලා සුන්දර දවසක ලස්සන හීන දකින්න ඉඩ ලැබෙන්න කියලා. ඊට පස්සේ රථ පෙළපාළියකට දරු පැටව් එක්කගෙන ගියා.

ජීවන්ත සර් එක්ක පැටුව් එක්ක ගෙන ගියේ ලොරියක් ලස්සනට සරසලා. ලස්සන මල් අතේ අරන් මේ පැටව් ගම පුරා ගියා. ආදරේ හිතෙන කතන්දරයක් බවට ඇත්ත. හැබැයි මේක ඇතුළේ දුක හිතෙන කතා ඕනෙ තරම් තියෙනවා. මේ දරුවන්ට ලස්සන හෙටක් හදන්න එක හැන්දෙන් බෙදන්න, හැමෝටම එක වගේ දේවල් ලැබෙන්න බැරි වුණේ ඇයි කියන එක නම් ප්‍රශ්නයක්. ඒත් ඉතින් එහෙම වෙන්නේ නැති බව අපි දන්න නිසා මේ මොහොතේ ගීත් සර්ටත්, අනෙක් සියලු ගුරුවරුන්ටත් ආදරණීය දරු දැරියන්ටත් ‘මව්රට’ අපේ උත්තමාචාරය මේ මොහොතේ පුද කරනවා ඉතාම උණුසුම් සුබපැතුම් එක්ක. පුතේ, අපි ඔයාලට හරිම ආදරෙයි. ඔයාලා දවසක මුළු ලෝකෙම දිනන්න. එදාට අපි මීටත් වඩා ලොකු ලිපියක් ඔයාලා වෙනුවෙන් ලියන්නම්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්ද රාජපක්ෂගේ ගේ ළඟ කළහකාරී ලෙස හැසිරුණු හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

Next Post

‘අමූලික බොරු!’ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වහාම ‌උත්තර දෙයි! මෙන්න දීපු උත්තරේ! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.