• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිනාවක් නිසා ලංකාවෙම ජනප්‍රිය වුණු ස්ට්‍රෝබෙරි විකුණන පුංචි කෙල්ල I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු 9ක ඉඳන් මම පාරේ… ඒ හිනාව යට මෙහෙම ගින්දරක් ඇති කියලා හීනෙකින්වත් හිතුවද…

අද අපේ කතාවේ කතා නායිකාව මල්ෂිකා සෙව්වන්දි. ලස්සන හිනාවක් හින්දා සමාජ මාධ්‍ය තුළ බොහෝ ජනප්‍රිය වුණු නුවරඑළිය – මහනුවර පාරේ ස්ට්‍රෝබෙරි විකුණන පුංචි කෙල්ල තමයි මේ.(Sri Lanka Latest News)

ෆේස්බුක්, ටික්ටොක්වල අතිශයින් ජනප්‍රිය වුණා ඔබේ වීඩියෝවක්. ඒ ජනප්‍රියත්වය, ප්‍රතිචාර ගැන ඔයාට මොකද හිතෙන්නේ?

වීඩියෝ එක දකිද්දී මට ගොඩක් සතුටුයි. මොකද මමත් හිතුවේ නෑ ඒ වීඩියෝ එක එච්චර ලස්සනට තියෙයි කියලා.

ඒ වීඩියෝ එක කවුද කළේ?

එයා ටික්ටොක් කරන කෙනෙක්, මෙතැන ස්ට්‍රෝබෙරි ගන්න නැවැත්තුවේ. එයාව එදා තමයි මම දැක්කෙත්.

මල්ෂිකාට වයස කීයද දැන්?

මගේ වයස අවුරුදු 20යි.

ඔබ මේ ව්‍යාපාරය පටන් අරන් කොච්චර කාලයක් වෙනවද?

මම මුලින්ම මේ ව්‍යාපාරයට එනකොට මගේ වයස අවුරුදු 9යි.

ඔයාගේ හිනාව ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය වුණා. ඒ විදියට හිනාවෙලා හිටියට ඒ හිනාව ඇතුළේ ලොකු කතාවක් ඇති. අපට කියන්න ඒ කතාව ගැන?

මම ඉස්කෝලෙ ගියා, ඉගෙනගත්තා. ඒ අතර තමයි අවුරුදු 9 වයසෙදී මේ බිස්නස් එක මම පටන්ගත්තේ. මගේ තාත්තත් බිස්නස් කරන්නේ. මමත් තාත්තා එක්ක පොඩි පොඩි බිස්නස් කළා. මගේ තිබුණු ලොකුම හීනය තමයි කවදා හරි දවසක මටම කියලා බිස්නස් එකක් පටන්ගන්න එක. ඉතින් මම ඒ හීනෙට අද ඇවිල්ලා තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මුලින්ම, මේ පාරේ ස්ට්‍රෝබෙරි විකුණන කෙනෙක්ගෙන් විකුණන ගානටම පැකට් එකක් අරගෙන රුපියල් පනහක් හොයාගත්ත කෙල්ලෙක් මම.

ඒක කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ. මේ වෙද්දී මම ෆාම් එකට ගිහින් මගේම සල්ලිවලින් බඩු අරගෙන විකුණන්නේ. ඊට අමතරව මම කොළඹටත් ස්ට්‍රෝබෙරි යවනවා. ගොඩක් අය දැන් මගෙන් බඩු ගන්නවා. ඒ අයට මාව හුරුයි. මම අවුරුදු 13ක වගේ කාලයක් තිස්සේ මේ බිස්නස් එක කරගෙන යනවා. හරිම සතුටකින් තමයි මම මේ දේ කරන්නේ.

ඔයා කොළඹටත් ස්ට්‍රෝබෙරි යවනවා කිව්වා. කියන්නකො මේ ව්‍යාපාරයේ ස්වභාවය ගැනත්?

ෆාම් එකෙන් මේවා ගනිද්දී එක එක දවසට මිල වෙනස් වෙනවා. වැහි කාලෙට ස්ට්‍රෝබෙරි ගස්වල ඵලදාව අඩුයි. ඒ දවස්වලට මිල සාමාන්‍යයෙන් රුපියල් 50ක් 100ක් වැඩිවෙනවා. ඉතින් මම රුපියල් 80ක, 100ක වගේ ලාභයක් තියාගෙන තමයි පැකට් එකක් විකුණන්නේ. මම රුපියල් 500කට ස්ට්‍රෝබෙරි පැකට් එකක් ගත්තොත් මම ඒක විකුණන්නේ රුපියල් 600කට. පැකට් 10ක් වික්කොත් මට රුපියල් 1000ක ලාභයක් තියෙනවා. ඒ පැකට් 10ක් විකුණන එකත් හරිම අමාරුයි. නවත්තන හැම වාහනයකින්ම මේවා මිලට ගන්නේ නෑ.

ඔබේ හිනාවනේ සමාජ මාධ්‍යවල ජනප්‍රිය වුණේ. ඉතින් ඒ වීඩියෝව බලපු අය මෙතැන නවත්තන්නේ නැද්ද?

මෙතනින් යන සමහරු නවත්තලා අහනවා ‘නංගි ඔයා නේද අර වීඩියෝ එකේ හිටියේ’ කියලා. එහෙම අහද්දී ගොඩක් සතුටුයි. ඒ වීඩියෝ එකට ගොඩක් අය දාලා තිබුණු කමෙන්ට්ස්වලින් මට ලොකු ශක්තියක් ලැබුණා.

ඔබ මුලින්ම පුංචි රුපියල් 50ක ලාභයක් හොයාගෙන පටන්ගත්ත ව්‍යාපාරයක් මේක. බලන අයට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද ඔබට?

අද සමාජයේ ගොඩක් ගෑනු ළමයි රැකියා හොයාගෙන යනවා. කැම්පස් ගියත් ජොබ් එකක් හොයාගන්න බැරිවුණු අවස්ථා තියෙනවා. තමන්ට පුළුවන්, තමන්ට හැකියාව තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියන එකයි මම කියන්නේ. මමත් ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙනගත්තා. මගේ අම්මා තාත්තත් මගේ ඉගෙනීමට උපරිමයෙන් උදව් කළා. නමුත් මට තියෙන්නේ ව්‍යාපාර කරන්න දක්ෂතාවක්. මම ඒකෙන් ඉස්සරහට ගියා. ඉතින් මම හැමෝටම කියන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ නැතුව පොඩි දෙයක් හරි පටන් අරගෙන ඉස්සරහට යන්න කියලා. විශේෂයෙන්ම ගෑනු ළමයි අද සමාජයේ ගොඩක් ශක්තිමත් වෙන්න ඕනෙ. මම හැමදාම උදේට මෙතැනට එන්නේ, ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම ගෙදර තියලා ගොඩක් සතුටින්. ඉතින් මම මේ ව්‍යාපාරය ගොඩක් සතුටින් කරගෙන යනවා.

මල්ෂිකාගෙන් ස්ට්‍රෝබෙරි මිලට ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබව සම්බන්ධ කරගන්නෙ කොහොමද? ඔබ කොයි දවස්වලටද මෙතැන වෙළෙඳාම් කරන්නේ?

මට සතියකට දවස් දෙකයි ස්ට්‍රෝබෙරි ලැබෙන්නේ. අඟහරුවාදා සහ සිකුරාදා. මගේ ෆේස්බුක් ගිණුමේ මගේ දුරකතන අංකය තියෙනවා. ඒ හරහා මට ඇණවුම් ලබාදෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ හැමෝම මාව දන්නේ ‘මල්ෂි’ කියලා.

ඔබ ඉන්න මේ තැන හරියටම කියන්නේ කොහොමද?

රම්බොඩ උමඟට කලින් වංගු ටික පාස් කරගෙන එනකොට තියෙන ‘කේ.එච්. සෝන්’ කියන ලොකු බිල්ඩින් එක ළඟ තමයි මම වෙළෙඳාම් කරන්නේ. මහනුවර පැත්තේ ඉඳලා නුවරඑළියට එනකොට පාරේ වම් පැත්තේ තමයි මම ඉන්නේ.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ආර්ථික අර්බුදය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව I Sri Lanka Latest News

Next Post

මේක නම් ඇත්තටම හාස්කමක්… බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ හිමිනමක් කියූ විස්මිත කතාව I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.